ජාතික ආරක්‍ෂාව තහවුරුයි.. ජනතාව කලබල වෙන්න දෙයක් නෑ..


ජාතික ආරක්ෂාව සහ ස්වෛරිත්වය සුරක්ෂිත වන ආකාරයට ජනතාවගේ ආරක්ෂාවට මුල්තැන දෙමින් රජය මේ මොහොතේ තීරණ ගන්නා බවත්
, පසුගිය සතිය තුළ ඒ කටයුතු නිවැරදිව කළමනාකරණය කර ගැනීමට සමත් වූ බවත් ආරක්ෂක නියෝජ්‍ය ඇමැති, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර පැවසීය.

මේ තත්ත්වය යටතේ කිසිවකු කලබල විය යුතු නැති බවද අවධාරණය කළ නියෝජ්‍ය ඇමැතිවරයා, භූ-දේශපාලනික තත්ත්ව පිළිබඳ අවබෝධයෙන් මෙහිදී තීන්දු තීරණ ගන්නා බවද සඳහන් කළේය.

මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන යුද්ධය සම්බන්ධයෙන් අවශ්‍ය පාර්ශ්ව සමඟ සාකච්ඡා කරමින් රටට ඇති විය හැකි බලපෑම් ගැන නිරන්තර අවධානයෙන් සිටින බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

රජය ඉතා වගකීමෙන් මේ කටයුතු කළමනාකරණය කරමින් සිටින බවත් නියෝජ්‍ය ඇමැතිවරයා අප කළ විමසීමකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.

6 Comments

  1. මෙච්චර දවසක් හිතාගෙන හිටියෙ මැද පෙරදිග යුද්දෙන් අපේ ආරක්‍ෂාවට ප්‍රස්නයක් නෑ කියල​, මේ බංකුවා කට ඇරිය නිසා දැන්නම් ටිකක් හිතන්න වෙනව​.

    ReplyDelete
  2. රට වටේ දවස් දෙකකට සැරයක් පත්තු වෙන තුවක්කු නවත්තන්න බැරි බංකුවා ජාතික ආරක්ෂැව ගැන මොනවා කියන්නද

    ReplyDelete
  3. 😂 බලන්නකෝ… විශ්‍රාමික අරුණ ජයසේකර මහත්තයාගේ “ජාතික ආරක්ෂාව ගැන උත්සාහය”

    ReplyDelete
  4. දවසේ වෙඩිල්ල නවත්තන්න බෑ. හිනා යන කතා.

    ReplyDelete
  5. අපි ඩෙස් එහෙකුයි, බංකුවකුයි අරගන එන්ඩද උඹෙන් ජාතික ආරක්ෂාව පිළිබඳව ඉගෙනගන්ඩ.

    ReplyDelete
Previous Post Next Post