අගමැතිගේ ගුරු හමුවට නොපැමිණි ගුරුවරුන්ගෙන් නිදහසට කරුණු විමසයි..

 


මාර්තු 15 වන දින තංගල්ල නගර ශාලාවේදී අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැති තංගල්ල අධ්‍යාපන කලාපයේ ගුරු හමුව සඳහා සහභාගී නොවූ ගුරුවරුන් සම්බන්ධයෙන් කරුණු විමසීමට තංගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පියවර ගෙන ඇත.

කලාප අධ්‍යාපන කාර්යාලය මඟින් කරන ලද දැනුම් දීම පරිදි අදාළ රැස්වීමට සහභාගී නොවූ ගුරු භවතුන් පිළිබඳව සොයා බැලීම මෙමඟින් අපේක්ෂා කෙරේ.

මේ සම්බන්ධයෙන් තංගල්ල කලාපයේ සියලුම විදුහල්පතිවරුන් වෙත ලිඛිතව දැනුම් දී ඇති අතර, තම විදුහල්වල ගුරුවරුන් අදාළ හමුවට සහභාගී නොවීමට හේතු ඉදිරිපත් කරන ලෙස එහි සඳහන් වේ.

එම කරුණු පැහැදිලි කිරීම් 2026 මාර්තු 26 වන දිනට ප්‍රථම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත ලැබීමට සැලැස්විය යුතු බවට වැඩිදුරටත් දන්වා ඇත.

2026.03.24 දිනැතිව නිකුත් කරන ලද මෙම නිල නිවේදනය මඟින් කලාපයේ සියලුම පාසල් ප්‍රධානීන් දැනුවත් කර තිබේ.

8 Comments

  1. 😡 මුන්ටත් උන්ගේ අඥාන, අමන නිලධාරීන්ටත් ගහලා එලවන්න කාලය හරි 🤮

    ReplyDelete
    Replies
    1. මේ රටේ ගුරුවරු කියන්නේ බොහොම පුංචි පිරිසක් හැර ඉතාම වැදගත් වෘත්තිකයන් පිරිසක් .හරිණි කියන්නේ ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වය තම ප්‍රධානම විෂය කරගත්තු මේ රටේ සංස්කෘතියට කිසිසේත්ම ඇතුළු කර නොගත යුතු දේ සිදුකරන්න උත්සාහ කරන මිනිසුන්ට ඒ නිසාම හිරිකිත වූ චරිතයක් ඉතින් ගුරුවරු ඔය කුණුහරප LGBTQඅහන්න එයි ද? ඔය LGBTQ අදහස් පාසල් ලමයින්ට උගන්වන්න හදපන් බලන්න මිනිස්සු මොනවා කරවිඳ කියල

      Delete
  2. මේ අකමැටි නෝන ගුරුවරුන්, පාසල් සිසුන් ඉන්න තැන්වලට කවදාවත් සාරියකින් සැරසලා යන්නෙම නැහැ. යන්නෙම බහුබූතයක් ඇදගෙ උන්ගෙ පාදඩ සංස්කෘතිය ලෝකෙට උගන්වන්න .

    ReplyDelete
  3. බටකොල ආච්චි බලන්න එන්න එපායෑ.

    ReplyDelete
  4. අගමැටි ගුරුවරුන්ට අගව්‍රව වෙන විදියට අදින පලදිනකොට ගුරුවරු ගනන්ගන්නෙ නෑ. ඉස්සෙල්ල අගමැටි හැදිල ඉන්න.

    ReplyDelete
  5. නිහාල් නෙල්සන්

    ReplyDelete
  6. ආප්ප සීන් නෑති කට්ටිය වෙන්නති

    ReplyDelete
Previous Post Next Post