හොර පාරෙන් ගෙනැත් බාල ඖෂධ රට පුරා..

 


ගුණාත්මකභාවය පරීක්ෂා නොකරන ලද සහ ලියාපදිංචි නොකළ ඖෂධ වර්ග විවිධ ඖෂධ සමාගම්වල නියෝජිතයන් මාර්ගයෙන් වරාය සහ ගුවන්තොටුපළ හරහා මෙරටට ගෙන ඒමේ ජාවාරමක් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අනතුරු අඟවයි.

විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ, අනුමත ඖෂධ මිලදී ගැනීම වෙනුවට වැඩි ලාභාංශ අපේක්ෂාවෙන් පුද්ගලික ඔසුසල් මෙම ලියාපදිංචි නොකළ ඖෂධ තැරැව්කරුවන් හරහා මිලදී ගැනීමට පෙළඹී ඇති බවයි. විශේෂයෙන් කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක මෙම ප්‍රවණතාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ද ඔහු සඳහන් කළේය.

පවතින දුර්වල පරිපාලන හා කළමනාකරණ පද්ධතිය හේතුවෙන්, මෙවැනි නීති විරෝධී කටයුතුවල නිරත වන නිෂ්පාදකයින්ට එරෙහිව පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඖෂධ නියාමන අධිකාරිය අපොහොසත් වී ඇති බවට ඔහු චෝදනා කරයි.

එමෙන්ම, ව්‍යාජ සහ අනුකාරක ඖෂධ (Counterfeit drugs), ප්‍රසිද්ධ සන්නාම යටතේ ලේබල් අලවා වෙළඳපොළට නිකුත් කිරීමේ බරපතල තත්ත්වයක් ද මේ වන විට නිර්මාණය වී ඇති බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

රජයේ ඖෂධ සැපයුම් පද්ධතිය යාවත්කාලීන කිරීමේ ප්‍රමදය හේතුවෙන් මෙවැනි ලියාපදිංචි නොකළ ඖෂධ මෙරටට ඇතුළු වීමට වැඩි ඉඩකඩක් නිර්මාණය වී ඇති බවත්, ඒ පිළිබඳව වහා අවධානය යොමු කර කඩිනම් පියවර ගන්නා ලෙසත් වෛද්‍ය චමල් සංජීව මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.



3 Comments

  1. පුනරුදය පුxරුදය

    ReplyDelete
    Replies
    1. These are noticed because of the current system

      Previously fake are everywhere..nobody even noticed….

      Delete
    2. don't spread lies!

      Delete
Previous Post Next Post