ජාතික ඉන්ධන බලපත්‍ර (QR) පද්ධතිය යටතේ මෙතෙක් ලබාදුන් සතිපතා ඉන්ධන කෝටාව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.
පොදු ප්‍රවාහන සේවා මෙන්ම පෞද්ගලික වාහන හිමියන්ට සහනයක් සැලසෙන පරිදි මෙම සංශෝධනය සිදුකර ඇති අතර, වාහන කාණ්ඩ රැසක කෝටාවන් මෙලෙස ඉහළ දමා තිබේ.
නව සංශෝධනයට අනුව ඉන්ධන කෝටාවන් පහත පරිදි වේ:
- බස් රථ: සතිපතා කෝටාව ලීටර් 40 කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව නව කෝටාව ලීටර් 100 කි.
- මෝටර් රථ: ලීටර් 15 සිට ලීටර් 25 දක්වා ඉහළ නංවා ඇත.
- ත්‍රිරෝද රථ: ලීටර් 5 ක වැඩිවීමක් සමඟ සතිපතා කෝටාව ලීටර් 20 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
- මෝටර් සයිකල්: මීට පෙර පැවති ලීටර් 5 ක සීමාව ලීටර් 8 දක්වා වැඩිකර ඇත.
- වෑන් රථ: ලීටර් 10 කින් ඉහළ දමා ඇත.
- Land Vehicles: ලීටර් 15 කින් ඉහළ නංවා තිබේ.
කෙසේ වුවද, ලොරි රථ සහ විශේෂ කාර්ය වාහන සඳහා දැනට පවතින ඉන්ධන කෝටාවන්හි කිසිදු වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.

ගබඩාවල තෙල් නැති නිසා කෝටාව බය නැතුව වැඩි කරලා.
ReplyDeleteකෝටාව වැඩි කරලා ගාණ හෙණ ගහන්න වැඩි කරන තුජ්ජ වැඩ
Deleteඉන්දන නැත. කෝටාවඇත. කොහොමද ජෙපි මොලේ මෝඩ මිනිස්සු අන්දන්න. දැන් හුරේ දදා ගිහින් හිස් අති ඇවිත් කියයි තෙල් නැති වුනාට කෝටාව තියෙනවනේ කියල.එහෙව් ගොන්නු.
ReplyDeleteලංකා ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිළ බලාපොරොත්තු වෙන්න .ජනතාව මුලා කරන කපටි ක්‍රමේ
Deleteකෝටාව වැඩි කරලා ගාණ හෙණ ගහන්න වැඩි කරන තුජ්ජ වැඩ
ReplyDeleteලංකා ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිළ බලාපොරොත්තු වෙන්න . හැත්ත හයක එව්වා පහෙන් සාක්කුවට දාගෙන යන ක්‍රමේ
ReplyDeleteයකෝ අද රෑ පෙට්‍රල් ලොකු ගානකින් වැඩි කරන්න යන්නෙ.
ReplyDeleteඒකයි මේ.
ආයේ ජීවිතේට බලේට එන්න වෙන්නෑ කියලා දන්නවා.ඒක හින්දා හොඳට හම්බකරගෙන යන්න යන්නෙ..
යකෝ අද රෑ පෙට්‍රල් ලොකු ගානකින් වැඩි කරන්න යන්නෙ.
ReplyDeleteඒකයි මේ.
ආයේ ජීවිතේට බලේට එන්න වෙන්නෑ කියලා දන්නවා.ඒක හින්දා හොඳට හම්බකරගෙන යන්න යන්නෙ..
හරි නේද ?
ReplyDeleteකට්ටියට සනීපයි නේද ?
ඔය කොමිස් එක යන්නෙ කාගෙ සාක්කුවටද දැන්..