අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන ක්‍රමවේදයට සහ ඔහුගේ ප්‍රතිපත්තිවලට එරෙහිව අමෙරිකාව පුරා ප්‍රධාන නගර රැසක දැවැන්ත විරෝධතා ව්‍යාපාර ආරම්භ වී තිබේ.
"No Kings" (රජවරුන් අවශ්‍ය නැත) යන තේමාව යටතේ සංවිධානය කර ඇති මෙම විරෝධතා මාලාව මෙවර පවත්වනු ලබන්නේ තෙවන වරට වන අතර, මීට පෙර පැවති රැලියකට මිලියන හතකට ආසන්න ජනකායක් සහභාගී වී ඇති බව වාර්තා වේ.
ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය, දැඩි ෆෙඩරල් ආගමන විගමන නීති ක්‍රියාත්මක කිරීම සහ දිනෙන් දින ඉහළ යන ජීවන වියදම මෙම විරෝධතාවලට ප්‍රධානතම හේතු වී ඇත.
විශේෂයෙන්ම පසුගිය ජනවාරි මාසයේදී මින්සෝටා ප්‍රාන්තයේදී ෆෙඩරල් ආගමන විගමන නිලධාරීන් අතින් අමෙරිකානු වැසියන් දෙදෙනෙකු මියයාම සම්බන්ධයෙන් ජනතාව තුළ දැඩි කෝපයක් හටගෙන තිබේ.
මීට අමතරව, ට්‍රම්ප් විසින් සිය විධායක බලතල අනිසි ලෙස භාවිතා කරමින් රජයේ කොටස් විසුරුවා හැරීම සහ තම දේශපාලන සතුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම ද විවේචනයට ලක්ව ඇත.
නගර ගණනාවක විරෝධතා වොෂින්ටන් ඩී.සී. හි ලින්කන් ස්මාරකය අසලට සහ නිව්යෝර්ක් හි ටයිම්ස් චතුරශ්‍රයට විශාල ජනකායක් රැස්ව සිටි අතර, පොලිසියට නිව්යෝර්ක් හි ප්‍රධාන මාර්ග පවා වසා දැමීමට සිදු විය.
මින්සෝටා හි පැවති රැලියට ප්‍රකට ගායක බෲස් ස්ප්‍රින්ග්ස්ටීන් ද එක්වෙමින් සිය විරෝධය පළ කළේය.
ලොස් ඇන්ජලීස්, චිකාගෝ සහ හූස්ටන් වැනි මහා නගරවල පමණක් නොව, ෂෙල්බිවිල් සහ හොවෙල් වැනි කුඩා නගරවල ද ජනතාව වීදි බැස සිටින අයුරු දක්නට ලැබිණි.
විරෝධතාකරුවන් චෝදනා කරන්නේ ට්‍රම්ප් "ඒකාධිපති රජෙකු" ලෙස කටයුතු කිරීමට උත්සාහ කරන බවයි.
කෙසේ වෙතත්, ජනාධිපති ට්‍රම්ප් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ තමන් රජෙකු නොවන බවත්, රට ගොඩනැගීම සඳහා මෙවැනි දැඩි තීරණ අවශ්‍ය බවත්ය.
ධවල මන්දිර ප්‍රකාශකයෙකු මෙම විරෝධතා හඳුන්වා දුන්නේ "ට්‍රම්ප් උන්මාදයට ප්‍රතිකාර කරන සැසි" Sessions) ලෙසයි.
අමෙරිකාවට අමතරව පැරිසිය, ලන්ඩනය සහ ලිස්බන් වැනි ලෝකයේ ප්‍රධාන නගරවල වෙසෙන අමෙරිකානු සංක්‍රමණිකයන් ද මෙම විරෝධතාවලට සහාය පළ කරමින් පෙළපාලි පවත්වනු දක්නට ලැබිණි

ලංකාවටත් උනේ ඕක තමයි. ඒකාධිපතියෝ එලවන්න කියලා ගෙනාවේ උන් ඔක්කොටම වඩා ඒකාධිපතියෙක්. ඩෝබිලට විතරයි එහෙම පෙන්නේ නැත්තේ.
ReplyDeleteආණ්ඩුවේ ගිවිසුම්, හොරකම් මුකුත් හෙළි කරන්නේ නෑ. පච සහ එදා වේල ටුවර්ස් witharayi.
ඔන්න ඔහොම ඇමරිකානු සාමාන්‍ය ජනතාව විසින් තම රජයන් වෙනත් රටවල පාලන ක්‍රම බිඳ දැමීමට භාවිතා කළ කූඨ උපක්‍රම භාවිතා කරමින් ඒ ත්‍රස්තවාදී, ආක්රමණික රජය බිඳ දමා ව්‍යවස්ථාවේන් ඈඳාගෙන ඇති ප්‍රාන්ත වෙනම ස්වාධීන රාජ්‍යයන් බවට පත්කරගන්නේ නම් ලෝක සාමය සදා පවතීවි. ඇමරිකානු සාමාන්‍ය ජනතාවට ජයවේවා!!! කෲර, ආක්රමණික, ත්‍රස්තවාදී පාලන ක්‍රමය භංගවේවා!!! ලෝක සාමයට බාධාවක් ව පවතින ඇමරිකානු හා උන්ට ගැති පාලන ක්‍රම බිඳවැටී සාමකාමී වාතාවරණයක් ලෝකය පුරා පවතීවා!!!
ReplyDeleteසම්පූර්ණ ඇත්ත
Deleteට්‍රම්ප්ට් දැන් කරන්න දෙයක් නෑ. යුද්ධය නවත්වපු ගමන්, ඊශ්‍රාලයේ යුදෙව්වෝ ගේමක් ඇදලා මිනිහව ගෙදර යවනවා, යුද්ධය ඇදගෙන ගියොත් ඇමරිකාවේ මිනිස්සු ඊළග පාර ජන්දය දෙන්නේ නෑ කිසිම රිපබ්ලික් අපේක්ෂකයෙක්ට. මොක උනත් ට්‍රම්ප්ට බලය නැතිවෙච්ච ගමන් හිරේට යන්න වෙන්නේ. මේ යන විදියට ඊළග පාර ඩිමොක්ක්රිටික් ආණ්ඩුව පත්වෙන එකයි වෙන්නේ. මොකා ආවත් අපිට ගැලවීමක් නෑ. රිපබ්ලික් පක්ෂය බලයට ආපු ගමන්, ලංකාවේ එක පාරටම කුරුසයන්ට පන ඇවිත් බුද්ධාගමට ගේම අදිනවා, ඩිමොක්ක්රිටික් පක්ෂය බලයට ආපු ගමන්, ලංකාවේ එක පාරටම සමලිංගික සංවිධාන, කාන්තා සංවිධාන, මුස්ලිම් සංවිධාන වලට පන ඇවිත් බුද්ධාගමට, සිංහලුන්ට ගේම අදිනවා.
ReplyDeleteHa Ha, this is a joke. The American government cannot be toppled so easily like in Sri Lanka. Yes, there were protests, but the crowds were an exaggeration. Sorry, not so many attended in some cities. may be crowd was big in a big city. No, people here have no intention of toppling the government.
ReplyDelete