ශ්‍රී ලංකා පොලිසිය මඟින් නිකුත් කල බවට හැඟවෙන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පල කිරීමක් සම්බන්ධව කරුණු පැහැදිලි කිරීම.
'' ප්‍රවේශම්වන්න, අප රටේ මෙම ආර්ථික අර්බුදකාරී අවස්ථාවේ අප කවුරුත් දැනගතයුතු සිත්හි තබාගත යුතු වැදගත් කරුණු කිහිපයක් පිළිබඳ ඔබ සැමගේ දැඩි අවධානය යොමු කරන මෙන් කාරුණිකව දන්වා සිටිමු. '' යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජනතාවට යම්කිසි මඟ පෙන්වීමක් සිදු කරන ආකාරය හුවා දක්වමින් පලකිරීමක් සිදුකර ඇති බව නිරීක්ෂණය කර ඇත.
මෙ කිසිසේත්ම ශ්‍රී ලංකා පොලිසිය විසින් මාධ්‍ය වෙත හෝ සමාජ මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබූ පණිවිඩයක් නොවන බව දැනුම් දෙනු ලැබේ.
ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජනතාවට යම් දැනුවත් කිරිමක් සිදු කරන්නේ නම් එය පොලිස් මාධ්‍ය කොට්ඨාසය මඟින් සිදු කරනු ලබන අතර නියමිත ලිපි ශීර්ෂය යටතේ මාධ්‍ය වෙත මාධ්‍ය නිවේදනයක් ලෙස බැහැර කිරිම සිදුවේ. ශ්‍රී ලංකා පොලිසියේ නිල FACEBOOK ගිණුම ඔස්සේ සහ YOUTUBE නාලිකාව ඔස්සේ ද මහජනතාවට දැනුම්දිය යුතු පණිවිඩ, යාවත්කාලීන වීමට අවශ්‍ය දැනුවත් කිරීම් දෛනිකව පලකිරීම මාධ්‍ය කොට්ඨාසය මඟින් සිදුකරනු ලබයි.
ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කල බවට හැඟෙන ආකාරයට යම් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් මෙවැනි ආකාරයට පුවත් සංසරණය කරවීම යම් කිසි සැලසුම් සහගත ක්‍රියාවක්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම් සිදු කිරීමට අවශ්‍ය පියවර ගැනිමට කටයුතු කර ඇත.
මෙවැනි ආකාරයට පල වන පලකිරීම් වල අඩංගු කරුණු සම්බන්ධයෙන් අවබෝධයෙන් සහ ඥානාන්විතව කටයුතු කරන මෙන් ශ්‍රී ලංකා පොලිසිය ඉල්ලා සිටිනු ලැබේ.

Police must not rely on social media for official communications. They must use only conventional media, if users are misusing social media.
ReplyDelete