අරාබි ගුවන් සේවා එන කතා බොරු... මත්තලට එන්න කිසිම ගුවන් සමාගමක් කැමැත්ත පල කර නෑ..- නි. ඇමති


ගල්ෆ් කලාපයේ ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගම් වෙත මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශීලනය කරන ලෙස ශ්‍රී ලංකා රජය කළ ආරාධනයට මෙතෙක් කිසිදු සාධනීය ප්‍රතිචාරයක් ලැබී නොමැති බව සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කරයි.

ගුවන් සමාගම් මුහුණ දෙන වත්මන් දුෂ්කරතා සැළකිල්ලට ගනිමින්, අවශ්‍ය අවස්ථාවලදී මෙම ගුවන්තොටුපළ භාවිත කරන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් එම සමාගම් දැනුවත් කළ බව ද ඔහු පැවසීය.

'EconomyNext' පුවත් සේවය සමඟ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ගල්ෆ් කලාපීය සමාගම් යනු දැවැන්ත මෙහෙයුම් ජාල සහිත ආයතන වන බැවින් ඔවුන්ගේ සමස්ත මෙහෙයුම් කටයුතු මත්තල වැනි වසරකට මගීන් මිලියනයක ධාරිතාවක් සහිත ගුවන්තොටුපළකට ක්ෂණිකව මාරු කිරීම ප්‍රායෝගික නොවන බවයි.

"අපි ඔවුන්ට ආරාධනා කළා, නමුත් මෙතෙක් කිසිවෙකු කැමැත්ත පළ කර නැහැ. ඔවුන් කළේ අපගේ ආරාධනය අගය කිරීම පමණයි." යැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

එසේම, ඉන්ධන ලබාගැනීම හෝ සංක්‍රමණික කටයුතු (Transit) සඳහා මත්තල ගුවන්තොටුපළ භාවිත කරන්නේ නම්, ගුවන් යානා ගොඩබැස්වීමේ සහ නවතා තැබීමේ ගාස්තු (Landing and Parking fees) නොමිලේ ලබාදීමට සූදානම් බව ද රජය දැනුම් දී ඇත. ගල්ෆ් නියෝජිත කණ්ඩායමක් සාකච්ඡා සඳහා පැමිණෙන බවට පළ වූ මාධ්‍ය වාර්තා ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රතික්ෂේප කළේය.

5 Comments

  1. යකෝ කෝ ලොරි ටෝක් දෙන කෙබර ලප කොටා

    ReplyDelete
    Replies
    1. මුංගෙ පචවලට ලංකාවෙ බයියො, ජෙබයියො රැවටුණාට ජාත්‍යන්තරය රැවටෙන්නේ නෑ. මුං බලයේ ඉන්නකල් ආධාර කරන්නේ නෑ. පුලුවන් තරම් ණයට දෙයි. මුංව බලයට ගෙනා ට්‍රම්ප්ට කෙළවෙච්චි දවසට මුංටත් යන්නම වෙනවා. දැන්වත් බන්ධනාගාර ටික අලුත් වැඩියාකරලා පහසුකම් වැඩි කරලා තිබ්බොත් උඔලාට දුකක් නැතිව ඉන්න පුලුවන්.

      Delete
    2. kawda yako boru kiwwe ?
      oka meadia wala ekak

      Delete
  2. කවුද යකෝ කිව්වෙ? අපි ද ලංකාවෙ බලයෙ ඉන්නෙ? කවුද අර කන්ටේනර් නිදහස් කරන්න උපදෙස් දුන්නෙ? අපිද?

    ReplyDelete
  3. මුන් ඔක්කොටම පිස්සු

    ReplyDelete
Previous Post Next Post