බාල ගල් අඟුරු මෙරටට ගෙන්වූ බවට අමාත්‍යවරුන්ම මේ වන විට පිළිගෙන ඇති නමුත්, එම පාඩුව විඳීමට සිදුව ඇත්තේ අහිංසක ජනතාවට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
කොළඹදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, වත්මන් රජය බලයට පත්වීමට පෙර දූෂණ චෝදනා සහිත පුද්ගලයන් තමන් සන්තකයේ නොමැති බව පැවසුවද, වත්මන් බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව අධිචෝදනා ගොනු වී ඇති බවයි.
"රජයම පිළිගන්නවා ගෙන්වූ ගල් අඟුරු බාල බව. බඩු බාල නම් එහි වගකීම රජය භාරගත යුතුයි. නමුත් අද වෙලා තියෙන්නේ ඒ පාඩුව පියවා ගැනීමට ජනතාව මත බදු බර පැටවීමයි. මෙය කොතරම් දුරට සාධාරණද? ජනතා විමුක්ති පෙරමුණ බලයට එනකොට කිව්වේ ඔවුන් ළඟ හොරකම් කරපු හෝ චෝදනා තියෙන කවුරුත් නැහැ කියලා. හැබැයි දැන් බලශක්ති ඇමතිට අධිචෝදනා ගොනු කරලා තියෙනවා.යම් ඇමතිවරයකුට එරෙහිව මෙවැනි බරපතළ චෝදනා ඉදිරිපත් වූ විට, විපක්ෂය බලකරන තෙක් සිටිය යුතු නැහැ. සදාචාරාත්මකව ඔහු වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි."
රජයේ ක්‍රියාකලාපය විවේචනය කළ මන්ත්‍රීවරයා, ජනතාව පීඩාවට පත් කරන තීරණ සම්බන්ධයෙන් රජය වගකීමෙන් බැහැර නොවිය යුතු බවද මෙහිදී අවධාරණය කළේය.
"ප්රජාතන්ත්රවාදී රාමුව ඇතුලේ නායකයෝ බිහිවෙන්න ඕන.නායකයන් බිහිවෙලා දේශපාලන පක්ෂ ශක්තිමත් වෙන්න ඕන.මම හිතනවා එක පැත්තකින් ඒකාබද්ධ විපක්ෂය වෙන්න පුළුවන් සජිත් ප්‍රේමදාස මහත්තයගේ දේශපාලන පක්ෂය වෙන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන පක්ෂය වෙන්න පුළුවන් අනුර කුමාර මහත්තයගෙ දේශපාලන පක්ෂය වෙන්න පුළුවන් මේ හැමෝම ප්රජාතන්ත්රවාදී දේශපාලන රාමුව ඇතුළේ ජනතාව එක්ක දේශපාලනය කරන දක්වන උනන්දුව පිළිබඳව මම හිතන්නේ තරුණ දේශපාලඥයෙක් විදිහට නූතන පරම්පරාව නියෝජනය කරන දේශපාලන පක්ෂයක් අපි ඉතින් අපි සතුටු වෙනවා අපේ ඉහල පරම්පරාවත් ඉතාමත් සක්‍රීයව දේශපාලනය කරන්න මැදිහත්වීම ගැන.මම හිතන්නේ මේ හැම සංකලනයක්ම තියෙන්න ඕන රටේ. පරිණත සහ ජේෂ්ඨ අත්දැකීම් තියෙන අයව පැත්තකට කරන්න බෑ.අපි ඒක තරුණයෝ විදියට තේරුම් ගන්න ඕනේ.මම හිතන්නෙ රටේ තරුණ පරම්පරාව රටේ තරුණ නායකයෝ බිහිකරනව නම් ඒ තරුණ නායකයෝ අතර ජ්‍යෙෂ්ඨ නායයින් ඉන්න ඕන. ඉතින් ඒ ජ්‍යෙෂ්ඨ නායකයන්ගේ අත්දැකීම් මගහැරියම ඉතිහාසයටම සාපකරාම වර්තමානයට සහ අනාගතයට වෙන දේ අපිට පේනවනේ.ඒක නිසා ඉතිහාසයකට සාප කරන එක නෙවෙයි කළ යුත්තේ ඉතිහාසය අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගෙන නවීකරණය වෙලා ඉස්සරහට යන්න ඕනේ.ඉතිං ඒ දේශපාලනඥයෝත් මේ සියලු දෙනාම මේ යථාර්ථය තේරුම් අරගෙන නූතන පරම්පරාවට ගැලපෙන විදියට හැඩගැහෙන්න ඕනේ.
මම හිතන්නේ ලෝකයේ මෙවැනි සිදුවීමක් සිදු වෙනකොට ලෝකයේ හැම රටක්ම සූදානම් වුණා.ඒක මේ ආයෙ අමුතුවෙන් අපි ඇඟිල්ලෙන් ඇනලා කියන්න ඕන දෙයක් නෙවෙයි.හැබැයි ඉතින් ඒක තේරුම් නොගත්ත අයට විපක්ෂය වගේම රටේ ජනතාව බුද්ධිමත් ජනතාව මතක් කරලා දුන්නා.හැබැයි යම් තැන්වලදී ආණ්ඩුව ක්‍රියාත්මක වුණේ නෑ යම් තැන්වලදී ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරා. හැබැයි අර කලින් අහපු ප්‍රශ්නෙත් එක්ක පලපුරුද්දක් නැති ජේෂ්ඨත්වයක් නැති හින්දද කියන්න දන්නෙ නෑ සමහර කාරණා වලදී ක්‍රියාත්මක වුණේ නැහැ.ඒ වගේම තමයි අපි අද දකිනවා පරක්කු වෙලා හරි සමහර දේවල් ක්‍රියාත්මක කරනවා.පරක්කු වෙලා හරි එදා අපි කියපුවා ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා.හැබැයි ඉතින් දැන්වත් අවුරුදු තුන හතරකට සැලසුම් කරන්නේ නැතුව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධයෙන් සංවර්ධනය කරන්න ආයෝජකයෝ ගේනකොට මේ අය විරුද්ධ උනා. අධිවේගී මාර්ග හදනකොට බල්ලෝ බළල්ලුන්ට පාරමාරු වෙන්න බෑ කියලා කිව්වා වරායවල් හදනකොටත් එහෙමයි ගුවන්තොටුපොළවල් හදනකොටත් එහෙමයි.බලශක්තිය සම්බන්ධයෙන් බලාගාර හදනකොටත් එහෙමයි.එදා විරුද්ධ නොවුණා නම් අද සමහර විට මේ ආණ්ඩුවට මේ අභියෝගයට මුහුණ දෙන සිද්ධ වෙන්නේ නෑ. එහෙමනම් තෙල් සංචිත තියෙනවා ගුවන් තොටුපලවල් යම්තාක් දුරකට සංවර්ධනය වෙලා තියෙනවා බල ශක්තිය පුනර්ජනනීය බල ශක්තිය බවට පරිවර්තනය වෙලා තියෙනවා.ඉතින් එදා තමන් කකුලෙන් ඇදපුව තමයි අද පස්සෙන් එන්නේ.ඉතින් දැන්වත් ඉතිහාසයට සාප කරාට කමක් නෑ තමන් ඉතිහාසය කරපු වැරදි අධ්‍යනය කරලවත් ආපහු ඒවා නොකර හිටියොත් හොඳයි.
බාල ගල්අඟුරු ගෙනාවා කියලා ආණ්ඩුවේ ඇමැතිවරු අද පිළිගන්නවා.හැබැයි පාඩුව ගෙවන්න වෙන්නේ ජනතාවට.ආණ්ඩුවම කියනවා බඩු බාලයි කියලා හැබැයි ගෙවන්න වෙන්නේ කාටද ජනතාවට දැන් ඒක සාධාරණද.ජවිපෙ බලයට එනකොට කිවුවෙ අපේ ලග චෝදනා තියෙන කවුරුත් නෑ කියලා.හැබැයි දැන් බලශක්ති ඇමතිට දැන් අධිචෝදනා ගොනු කරලා තියෙනවා. හරි නම් විපක්ෂය කියනකන් ඉන්න ඕනෙ නෑ ඉල්ලා අස් වෙන්න ඕනෙ.
ලැම්බෝගිනි දහඅට වගේ තමයි උගන්ඩවේ සල්ලි වගේ තමයි ඩොලර් බිලියන 18 වගේ තමයි එංගලන්තේ බකින්හැම් මාළිගාව වගේ තමයි අර සාක්කුවේ දාගෙන හිටපු චෙක් වගේ තමයි හැමදෙයක්ම තමන් මේ රටේ ජනතාව රවට්ටලා ජනතාව මුහුණ දීපු ආර්ථික සමාජය දේශපාලන අස්ථාරත්වය සහ අභියෝගය පාවිච්චි කළා.ඒවා පාවිච්චි කරලා ජනතාව නොමඟ යවලා තමන්ගේ දේශපාලන ව්‍යාපාරය කෙරුවා ඒක හරි වැරදි.දැන් ආණ්ඩුවටත් අවුරුදු එකහමාරක් දෙකක් වගේ වෙනවනේ තව අවුරුදු කීපයක් තියෙනවා දැන්වත් ආණ්ඩුව වැරදි හදා ගත්තොත් හොඳයි.
මේ අය කියපු බොරුවල හැටියට සැප වාහනයක යනවා කියන එක පොඩි දෙයක් හෙලිකොප්ටර් වල යන්නෙ නෑ කියලා ආපු අයනේ.ඊට වඩා ලොකු ප්‍රශ්න රටේ ජනතාවට තියෙනවා.එක පැත්තකින් බුද්ධි අංශ ප්‍රධානියා හිරේ. අද බුද්ධි අංශ දුර්වල වෙලා වෙලා තියෙනවා. මහා සංඝරත්නට කරන අසාධාරණය සංස්කෘතියට වෙන විනාශය මේ කාරණා තුළ රටට වෙන හානිය වැඩියි.ආණ්ඩුව සැප වාහනයක ගියාට කමක් නෑ රටේ බුද්ධි අංශ ශක්තිමත් කරලා මහා සංඝරත්නය ආගමික නායකයෝ ආරක්ෂා කරගැනීම තමයි කළ යුත්තේ.
කන්ටේනර් දෙක පන්නපු අයගේ ලියුම් එළියට එනකොට කවුද බලපෑම් කළේ ඇයි කියලා තහවුරු වෙයි.අපිටනේ ඇඟිල්ල දික් කරේ දැන් ඔය කන්ටේනර් දෙක පන්නපු එක කන්ටේනර් 323 පන්නපුවා සමාජයට ඇත්ත තේරුම් ගන්න කොට කවුද ඒවා පිටුපස්සේ ඉන්නේ කියලා තහවුරු වෙයි.එතකොට ඔය ප්රශ්නය මගෙන් අහන එකක් නෑ.උත්තරේ හම්බවෙනවා ඒකෙන්.
මහින්ද රාජපක්ෂ හදපු වරායවල් ගුවන්තොටුපල් මේ වෙලාවේ උපාය මාර්ගිකවවැදගත්කමක් ලෙස ගන්නේ නැත්තේ මේ අය මහින්ද රාජපක්ෂනේ හැදුවේ.මොකද එහෙම උනත් ඒ අයට පිළිගන්න වෙනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කරපු ආයෝජන හරියි කියලා.ඒ හින්ද ඒවා අත ඇරලා දාලා දාලා ජනතාව පිට බර පටවලා ඉන්නවා.ඒක හරි වැරදි එහෙම කරන්න හොඳ නැහැ.

මේකයි නාමල්
ReplyDeleteගල් අඟුරු ටෙන්ඩර් එක දීල තියෙන්නේ ටෙන්ඩර් පටිපාටිය අනුව
ටෙන්ඩර් එක අරගෙන තියෙන්නේ අවම ලංසුව තිබ්බ කෙනා
technical committee එක Ceylon coal ltd ,එක ටෙන්ඩර් එකේ ටෙක්නිකල් අවුලක් නැහැ කියල තියෙනවා නම් ,ටෙන්ඩර් qualification වලදී accept කරලා තියෙනවා නම් ඇමතිට මොකුත් කියන්න බැහැ
ඔය ඔක්කොම ට පස්සේ, ගෙනාපු ගල් අඟුරු වලට් calorific value එක තියෙන්නේ , ඔයාලගේ කාලේ ඉඳල දීල තියෙන acceptable lowest ලිමිට් එකෙන් උඩ .දඩ ගහන්නෙත් බොගෙ අප්පොච්චි ගේ කාලේ ඉඳල දාල තියෙන දඩ ක්‍රමේට
ඉතින් ගොන් බුරුවො තොගේ තාත්ත ඉන්න කාලේ දාපු tender condition තම්යි ඒවා.
තෝ හිතනවා නම් , ඒක වැරදි කියල, කියව ,කියව ඉන්නේ නැතිව ගිහින් නඩු දාපිය,රටම බංකොලොත් කරපු කාලකන්නි බුරුව
නාමල්❤පීස්සු වැටුනු බල්ලො බය වෙලා බුරනවා. ගනන් ගන්න එපා.
Deleteගල් අගුරු ව්ංචා කාරයා හීරේ යන්න ඕන.
මේකයි ඩෝබියන්ගෙන් මොලේ හෝදගත්ත ඇනොයිමස් බූරුවො!!
DeleteAcceptable Lowest එක 5900
පලවෙනි නැව ඊට අඩුයි කියලා Indian report එකෙත් ආවා උඹ දන්නෙ නැත්තං , අර උද්දච්ච දණහිස්සයා උගේ මාඨ්‍ය හමුවෙම කියනවා.
ඉතිං බලපංකො සියල්ල දත් වගේ මෙතන කමෙන්ට් කරන උඹලා වගේ උන් කොච්චර ගොංද කියලා.
ගොංන්නනු ඉන්න කං මාලිමාව දිනයි.
ඊලඟ නැව් වල රිපෝට් නං හරි පුතේ, ඒත් බලාගාරෙ real time report එක බැලුවම 5900 නෙවෙයි ගොඩක් ඒවා 5500 ටත් අඩුයි,
ඒක නෙ අර උඹලගෙ හොර සුරපප්පා දාල තියෙන විදියට බාලගල් අගුරු නිසා දිනකට වැඩිපුර ඩීසල් 100MT පුච්චන්නෙ.
ගාණ් හදලා බලපං කො දවසකට පාඩුව, පල් හොරුන්ව හෝදන්න කලිං
තාම ගල් අගුරු හෝදන උන් , සියල්ල දන්නවා වගේ හිතං ඉන්න උඹලා ඒත් අමු ගොං රැල සහ , මේ මගඩියෙන් වාසි ගත්ත, ඒක හෝදන්න සල්ලි ගත්ත , ගූ ඩෝබියො ටිකක් විතරයි.
Well said Namal❤️❤️👏👏
ReplyDeleteකෙහෙලියව අයින් කරාද ඔයාල???🥴🥴😤🤥🤒☺️
ReplyDelete