විධිමත් විමර්ශනයකින් තොරව දේශපාලන වුවමනාවන් මත සිදුකර ඇති බව කියන වෛද්‍ය මාරුවීම්වලට විරෝධය පළ කරමින් හෙට (31) පෙරවරු 8.00 සිට ක්‍රියාත්මක වන පරිදි පැය 24 ක දීපව්‍යාප්ත සංකේත වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනය කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා ප්‍රකාශ කළේ, නීති විරෝධී ලෙස සිදුකර ඇති බවට හඳුනාගත් මාරුවීම් ලැයිස්තුවක් තම සංගමය සතු බවයි.
මීට පෙර පැවති කිසිදු රජයක් යටතේ මෙවැනි අත්තනෝමතික මාරුවීම් ලැයිස්තුවක් සකස් වී නොමැති බව ද ඔහු අවධාරණය කළේය.
වීරසූරිය මහතා පැවසුයේ මාරුකිරීම් ක්‍රියාවලියේදී සිදුව ඇති අසාධාරණ සහ දේශපාලන බලපෑම් මත පදනම් වූ තීරණ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කිරීම මෙම වර්ජනයේ ප්‍රධාන අරමුණ බවයි.
නිසි විනය පරීක්ෂණ හෝ විමර්ශනවලින් තොරව වෛද්‍යවරුන් මාරු කිරීම මගින් සෞඛ්‍ය ක්ෂේත්රයේ ස්වාධීනත්වය උල්ලංඝනය වන බව සංගමය පෙන්වා දෙයි.
මෙම වර්ජනය හේතුවෙන් හෙට දිනයේ රෝහල් කටයුතුවලට එල්ල විය හැකි බාධා සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය කනගාටුව පළ කර සිටින අතර, පැන නැගී ඇති ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමට රජය මැදිහත් විය යුතු බවද සඳහන් කරයි.

මේ ආන්ඩුවත් එක්ක දොස්තරල වර්ජන කෙකර ගානවා විතරයි. හෙන බයයි.
ReplyDeleteWhat Kanchana did to CEB Engineers must be done to these buggers too
ReplyDeleteගොන් දොස්තරලා රොත්තම ලපයාටයි මාලිමාවටයි දනින් වැඳ වැටිලා ඡන්දෙ දුන්නා. දැන් දෙතුන්පාරක් වැඩවර්ජන කරලා පුකට පයින් පාරවල් කීපයක් වැදුනා. දැන්වත් ගොබ්බ ඩොකාලගෙ ඇස් ඇරිලද දන්නෑ.
ReplyDeleteThese fuckers called their association as "goverment" doctors while doing damndest to haras the very patient the goverment is duty bound to provide service. Either these fuckers remove so called "goverment" assocaition or deal with their government bosses of their grivences. You can not fucking have the cake and eat it the same time.
ReplyDeleteපචරෙන ගලේපහරත්තිය අලුත් නමකින් කොමෙන්ට් කොටල නේද?
Delete