අවුරුද්දට බඩු හිග නෑ.. නමුත් මිල වැඩි වෙනවාලු..


 එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව පවත්වා ගැනීමට හැකි වුවද, භාණ්ඩ මිල ඉහළ යෑමේ අවදානමක් පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

සාමාන්‍යයෙන් උත්සව සමයේදී පවතින ඉහළ ඉල්ලුම මත මිල ගණන් සංශෝධනය වුවද, මෙවර මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවර දේශපාලනික හා යුදමය වාතාවරණය මෙම මිල ඉහළ යෑමට සෘජුවම බලපා තිබේ.

මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් සැපයුම් දාමයට එල්ල වී ඇති බාධා, මෙරට ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ප්‍රවාහන හා මෙහෙයුම් පිරිවැය ඉහළ යෑමද මිල ඉහළ යෑමට බලපා ඇති ප්‍රධාන සාධක වෙයි.

පරිප්පු, හාල්මැස්සන් සහ පොල්තෙල් ඇතුළු ආනයනික ද්‍රව්‍ය රැසක මිල ගණන් මේ වන විටත් ඉහළ ගොස් ඇති අතර, ඇතැම් ප්‍රදේශවල පරිප්පු සහ හාල්මැස්සන් සඳහා යම් සැපයුම් සීමාකාරී බවක් ද නිරීක්ෂණය වේ.

දඹුල්ල තොග වෙළෙඳපොළේ පරිප්පු කිලෝවක තොග මිල රැපියල් 310 – 315ත් දක්වා ඉහල ගොස් ඇත.

වෙළෙඳපොළේ බිත්තර සහ කුකුළු මස් මිල ගණන් ද සාපේක්ෂව ඉහළ මට්ටමක පවතී.

10 Comments

  1. පතිරණ ගලප්පත්තිMarch 26, 2026 at 4:27 AM

    ඒකට ගෝඨාගේ කාලේ අවුරුද්ද...! කෑවා කෑමක් ආයේ මොකොවත් නෑ....!

    ReplyDelete
    Replies
    1. මොකොවත්ම නෑ,

      Delete
    2. දැනුත් ඒ වගේම මුළු ලෝකයම වෙලාගත් වසංගත තත්ත්වයක් තියෙනවා නේද?

      Delete
    3. සැමනුයි, පරිප්පුයි එක්ක ගෝඨගෙ කාලෙ දුන්න සහන මල්ල අරන් ගිහින්ල කන්නෙ නැතිව ඒ මල්ලෙන් බෝල ගැහුවද?

      කන්ඩ කියල සති දෙකකට සැරයක් පවුලකට දුන්න රුපියල් දහදාහ අරන් ගිහින්ල බූරුවා ගැහුවද?

      Delete
  2. ඇයි උඹලගේ සල්ලිවලින් වසන්ත සමරසිංහ අවුරුදු කෑවම අපිට පාන්ද

    ReplyDelete
  3. පට්ට හොරු ටිකක් ඛලයට ගෙනල්ලා රටටම කෙලවිලා.

    ReplyDelete
  4. පුරාජේරු පචෝරිස්ලා

    ReplyDelete
  5. ගෝටබය❤මැතිතුමා නැවත පත් කරමු. රට අරාජික කරලා අරගල කරලා බලෙන් ගත්ත ආන්ඩුව ගෙදර යනු.

    ReplyDelete
  6. මහින්ද මහතා වවුනියාව සිට කන්කසන්තුරෙට කෝච්චි පාර ඉවර කරා අවුරුද්දක් තුල සියලුම පහසුකම් සහිතව සම්පූර්ණයෙන් විනශවෙල තිබ්බ නමුත් මෙ නුවර මර්ගය තාමත් අනෙ ඉතින් මොනටාසන්ලද කියන්න බල්ලන්න ලමායි

    ReplyDelete
    Replies
    1. සිංහයෙකුට මී පැටවු සංසන්දනය කළ නොහැක

      Delete
Previous Post Next Post