අත්‍යවශ්‍ය දේට පමණක් ඉන්ධන භාවිත කරන්න.. මිල වැඩි කලේ පරිභෝජනය අඩු කරන්නයි..

 


පවතින ඉන්ධන තොග නිසි ලෙස කළමනාකරණය කිරීමේ අරමුණින් ඉන්ධන මිල ඉහළ දැමීමට රජයට සිදුවූ බව රජයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යන පසුබිමක, මෙරට මිල ගණන් ද ඒ හා සමානව ඉහළ දැමීමට වඩා වඩාත් ප්‍රායෝගික වන්නේ ඉන්ධන පරිභෝජනය සීමා කිරීම බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා ඉන්ධන භාවිතය අවම කිරීමට ජනතාව සතු සමාජීය වගකීම පිළිබඳව ද ඔහු සිහිපත් කළේය.

පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කර ගනිමින් මෙම කාලසීමාව සාර්ථකව පසුකිරීම සඳහා ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බවත්, පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීමට රජය උපරිම උත්සාහයක නිරත වන බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

නවතම මිල වැඩි කිරීම සමග ඩීසල් ලීටරයකට රුපියල් 100ක් සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක සහය දැක්වීමක් රජය විසින් දරන බවත් මාසයක කාලයක් සඳහා රජය දරන මුළු වියදම රුග මිලියන 20,000ක් බවත් අමාත්‍යවරයා පැවසීය.

9 Comments

  1. මුන්ගෙ පච වලට රැවටිලා චන්දෙ දීපු මිනිස්සුන්ගේ ඉවසීම පැනලා මුන්ට නෙලන කොට ඡන්ද නොදීපු අපිට කරන්න දෙයක් ඇත්තෙම නෑ

    ReplyDelete
  2. මිල වැඩිකලේ පාරිභෝජනය අඩු කරන්න නම් අහවල් එකටද කෝටාව වැඩි කලේ.

    ReplyDelete
    Replies
    1. හා...හා...හික් .....හික් ...හික් . ගූ නානවා ...පච කෙලලා

      Delete
  3. ලිසිං ගෙවන්න බැ ..........මේ මිලට ඉන්ධන ගහගෙන වැඩට යන්න බැ . ළමයි වැන් වල ඉස්කෝලේ යවන්න බැ . පoති , ක්‍රීඩා පුහුණුවීම යවන්න බැ . පඩිත් වැඩි කරන්න . නැත්තං ගෝටා වාගේ 5000ක් දෙන්න

    ReplyDelete
  4. ඕං මම මාලිමා ගැරඬින්ට භූමිතෙල් ගහන එක නවත්තලා සහයෝගය දෙනවා.

    ReplyDelete
  5. balapanko ithin lankawe un fuel use karanawa wadi.ekai mila wadi karala thiyenne ehema nathuwa world market eke fuel price wadi una nisa nemei....umbalata therenna owa. mola genapu nau mewa..

    ReplyDelete
  6. ඔයිට වඩා ලේසියි නේ රුපියල් 200 විතර වැඩි කරල කෝටාව අයින් කරිනම්😂😂😂 එතකොට අවුරුද්දට කැවුම් කොකිස් හදන්න එහෙම ඔය තෙල් ගන්න එකක් නෑ…. හිස තෙල් ගෑමත් මේ අවුරුද්දෙ තහකම් කරනින ඕනෙ…. අනිත් ඒවටත් තව ටික කාලයක් යද්දි තෙල් ඕන නැතිවෙයි. මේ අරින ඇරිලිලට …..

    ReplyDelete
  7. මේ පාහර ජෙප්පා "හුණ්ඩුවා" වගේම කියන තරමක් කියන්නේ බොරු 😡🤮 අපේ රට, දැය, සමය වනසන්න උපන්, නියත නිරය උරුම කරගත් පාහර ජෙප්පෝ 🤮🤮🤮😡 මුන්ට ගහලා එලවන්න කාලය හරි

    ReplyDelete
Previous Post Next Post