ඉරාන යුද්දය මෙරට කර්මාන්තවලට අවුලක් නෑ.. භාණ්ඩාගාරය පිරිල තියෙන්නෙ..

 


මැදපෙරදිග ඇති වී තිබෙව යුද ගැටුම් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයට සැළකිය යුතු තර්ජනයක් නොවන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

කෙසේ වෙතත් ගෝලීය ආර්ථිකය අස්ථාවර වුවහොත් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ලවිය හැකි බවත් ඒ මහතා පෙන්වා දෙයි.

ශක්තිමත් ආර්ථිකයක් ගෙඩනගා ඇති බැවින් භාණ්ඩාගාරය ශක්තිමත්ව මෙම තත්ත්වය දරාගත හැකි මට්ටමක මේ වන විට පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා තව දුරටත් පැවසීය. 

3 Comments

  1. මේ ඇ මැටි තුමා දන්නැද්ද දන්නෑ භාණ්ඩාගාරෙ තියෙන්නෙ වියදම් කරගන්න දන්නෙ නැතිව ඉතුරු උන රුපියල් කියන එකත් ආනයන සදහා ඒවා ප්‍රයෝජනවත් නොවන වගත් ඒ සදහා විදේශ මුදල් අවශ්‍ය බවත්.

    ReplyDelete
  2. ත්‍රිලියන එකයි දශම හතරක් ණයට ඇරං අයවැයෙන් වෙන්කරපූ සල්ලි සියයට අසූවක් වියදම් නොකර ත්‍රිලියන එකයි දශම දෙකක් ඉතුරු කරා කියලද ඔය කියන්නේ

    ReplyDelete
  3. භාණ්ඩාගාරය full වුනාට අඩුම ගානේ අර අහිංසක වැඩි හිටියන්ගේ දීමනා මුදලවත් හරියට වේලාවට ගෙවන්නේ නැහැලු.තමන්ගෙ අත්‍යවශ්‍ය දේ බෙහෙත් ටික වේලාවට ගන්න බැරි වුනාම ඵ් අසරණ දෙමාපියන් වැඩිහිටියන් කාගෙන් මුදලක් ඉල්ලා ගන්න ද?

    ReplyDelete
Previous Post Next Post