රන්වල අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු...

 


රිය අනතුරකට අදාළ නඩු විභාගයට පෙනී නොසිටීම හේතුවෙන්, හිටපු කතානායක සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක සපුමල් රන්වල මහතා වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නියෝග කළේය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර මන්ත්‍රීවරයා අධිකරණයට පැමිණ නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් විය.

සපුගස්කන්ද පොලිසියේ රථවාහන අංශය මඟින් ඔහුට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කර ඇත. ඒ අතරට අපරීක්ෂාකාරී රිය ධාවනය, අනතුරක් වළක්වා නොගැනීම, බරපතළ හා සුළු තුවාල සිදු කිරීම මෙන්ම ධාවනයට නුසුදුසු වාහනයක් භාවිත කිරීම යන කරුණු ඇතුළත් වේ.

මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය මෝටර් රථයක සහ යතුරුපැදියක ගැටීමෙන් සිදු වූ මෙම අනතුරින්, මෝටර් රථයේ සිටි එකම පවුලේ මව, මිත්තනිය සහ මාස හතක් වයසැති බිළිඳකු තුවාල ලබා තිබේ.

අදාළ නඩුව යළි කැඳවීම ලබන ජූලි මස 10 වැනිදා දක්වා කල් තැබීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙහිදී තීරණය කළේය.

1 Comments

  1. වනචාරී යා ජපන් ගිහිල්ලා

    ReplyDelete
Previous Post Next Post