නුවරට කෝච්චිය මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් කොහොම හරි යන්න බලනවා..

 


දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනට සමගාමීව නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය (B318) වැඩ ආරම්භ කිරීම (25) දින ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පාර්ලිමේන්තු මන්ත්‍රී තුශාරී ජයසිංහ ,ගඟ ඉහළ කෝරළේ සභාපති ඉන්දික උපුල් ගුණසේකර යන අයගේ ප්‍රධානත්වයෙන් දොළොස්බාගේ පරගල ප්‍රදේශයේදී ආරම්භ කෙරුණ.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා රජයේ රු. මිලියන 194 ක් මුදල් ප්‍රතිපාදන මත ක්‍රියාත්මක මෙම මාර්ගයේ කිලෝමීටර් නවයක් සංවර්ධනය කිරීම මෙමගින් සිදු කෙරේ.

දිට්වා සුලි කුණාටුවෙන් හානියට පත් මාර්ග සංවර්ධනය තාවකාලික ප්‍රතිසංස්කරණ සහ ස්ථිර ප්‍රතිසංස්කරණ ලෙස අදියර දෙකක් යටතේ සිදු කළ අතර අද පටන් දිවයින පුරා ස්ථාන 46 ක මෙසේ ස්ථිර මාර්ග ඉදිකිරීම් අරඹන බවත් ඒවා නැවත කුණාටුවකදී විනාශයට පත් නොවන ආකාරයට තාක්ෂණය යොදා සැකසීම තම අරමුණ බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යතුමා ප්‍රකාශ කර සිටියහ.

එසේම දුම්රිය ගමනාගමනය කෙසේ හෝ මෙම වසර අවසන් වන විට කොළඹ සිට මහනුවර දක්ව ආරම්භ කිරීමට උපරිම උත්සාහ දරන බවත් මධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියහ.

මෙහිදි මාධ්‍යට අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, අනුර කුමාර දිසානායක මේ ආණ්ඩුව ලබාගැනීම අභියෝගයක්. දැන් තියෙන්නේ ලෝක අර්බුදයක්. දිට්ටාව හමුවේ ආණ්ඩුව පොඩ්ඩක් ගැස්සුනත් ඒකත් හොඳ විදියට කළමනාකරණය කරගන්න පුළුවන් වුණා. ඒ හින්දා ආර්ථිකයක් ස්ථායි කරගෙන තියෙන මුදල් ටිකත් ඉතුරු කරගෙන උත්සව සමයේ ගම්බිම්වලට ප්‍රවාහන පහසුකම් ලබාගන්න අයට අවම පීඩනයක් ඇතිවෙනආකාරයට උපරිම පහසුකම් දෙන්න බලාපොරොත්තු වෙනවා. යුද්දෙ හෙට ඉවර වුණා කියලා අනිද්ද බඩු අඩුයි කියලා කියන්නේ. හැබැයි පුළුවන් උපරිමයෙන් මේක කළමනාකරණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

එසේම මෙවර අයවැයෙන් වෙන්කර මිලියන 3600 උපයෝගී කරගෙන ග්‍රාමීය මාර්ගවලටට සුදුසුම් කොට කොට මොඩල් බස් රථ ප්‍රවාහන පද්ධතියට එකතු කිරීමටත් බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් පැවසීය.

රංජිත් රාජපක්ෂ  

4 Comments

  1. ගහපු කයිවාරුවෙ හැටියට මම හිතුවෙ දැන් හදල ඉවරයි කියල 😁

    ReplyDelete
  2. ඉඳකින් උඹලා හරි ම පොඩි මානසිකත්වයක් තියන පුංචි මීනිස්සු ටිකක්. උඹලාට ලයිට් කනුවක පිච්චුන බල්බ් එකක් දාන එකත් මහා සංවර්ධනයක්. කාලකන්නී.

    ReplyDelete
  3. වැලි කොට්ට ගගේ ගියා.

    ReplyDelete
  4. Inefficient fellow . Only talk and hijacking foreign trips meant for engineers and professionals.
    Any other government would have been able to restore Cbo Kandy rail connection within three to four months.

    ReplyDelete
Previous Post Next Post