ඉන්ධන නෑ කියා FB දැමු අයෙක් අත්අඩංගුවට..

 


මෙරට තුල ඉන්ධන නොමැති බව සඳහන් කරමින් විදේශියකයින් පැමිණීම අධෛර්‌යමත් කරන, සංචාරක ව්‍යාපාරයට අගතිදායක වන, මහජන පෙළබවීම් ඇති වන පරිදි අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීමට අදාලව සැකකරුවෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේදී එම නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 53 ක් වන වත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු කොළඹ ගරු ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ පරිඝණක අපරාධ විර්මශන අංශය මඟින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

2 Comments

  1. අර ඒකාලේ විදේශ ප්‍රේශන එවන්න එපා කියපු බිග් කුච්චන්ලා කරේත් ඕකනේ

    ReplyDelete
  2. ඉතිං මීටදවස් කිහිපයකට පෙර තිබුණේ නෑ නේ කතාව බොරු නොවෙයි නේ

    ReplyDelete
Previous Post Next Post