කලම්බු ඩොක්යාඩ් බහුතර කොටස් අයිතිය ඉන්දීය සමාගමකට යයි..

 


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ප්‍රමුඛ පෙළේ සමාගමක් වන කලම්බු ඩොක්යාඩ් පීඑල්සී (Colombo Dockyard PLC) හි ප්‍රධාන කොටස්කරුවා වන ඉන්දියාවේ මැසගොන් ඩොක් ලිමිටඩ් (Mazagon Dock Ltd) සමාගම, එහි බහුතර කොටස් හිමිකාරිත්වය අත්පත් කර ගැනීමට සමත්ව ඇත.

සමාගම විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවන්ට අනුව, මැසගොන් ඩොක් සමාගම මේ වන විට කලම්බු ඩොක්යාඩ් හි සමස්ත කොටස් ප්‍රමාණයෙන් සියයට 51ක ප්‍රතිශතයක් එනම්, කොටස් 201,565,500ක් දක්වා සිය හිමිකාරිත්වය ඉහළ නංවාගෙන ඇත.

මෙම කොටස් ප්‍රතිශතය අත්පත් කරගනු ලැබුවේ පසුගිය පෙබරවාරි 18 වැනිදා සිට මාර්තු 12 වැනිදා දක්වා ක්‍රියාත්මක වූ Mandatory Offer මගිනි.

මෙම යෝජනාව ක්‍රියාත්මක වූ කාලසීමාව තුළදී පමණක් මැසගොන් ඩොක් සමාගම වෙත කොටස් 36,649,271ක් හිමි වූ අතර, එය සමස්ත කොටස් ප්‍රමාණයෙන් ආසන්න වශයෙන් සියයට 9.27කි.

අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර මැසගොන් ඩොක් සමාගම සතුව පැවතියේ කොටස් 164,916,229ක් පමණි.

එය එවකට සමාගමේ සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් සියයට 41.73ක ප්‍රතිශතයක් ලෙස සටහන්ව තිබුණි.

මෙම අත්පත් කර ගැනීමත් සමඟ මැසගොන් ඩොක් ලිමිටඩ් සමාගම කලම්බු ඩොක්යාඩ් සමාගමෙහි පාලන බලය සහිත බහුතර කොටස් හිමිකාරීත්වය හිමි ප්‍රධාන ආයෝජකයා බවට පත්ව ඇත.

3 Comments

  1. “Punarudaya” the people who were against India in 80’ took power and giving all our things to India😢

    ReplyDelete
    Replies
    1. මුන් මෝදිගේ රූකඩයෝ.රට විනාශ කරලාම යන්නේ.උන්ට ආයේ පච වෙලාම යනවා පක්‍ෂයක් වශයෙන් ,

      Delete
  2. දැනට ලොස්, ඉදිරියට?

    ReplyDelete
Previous Post Next Post