දික්ඔය මූලික රෝහල ඉදිරිපිට හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ පැවැත්විමට සූදානම් කර තිබූ උද්ගෝෂනයක් නතර කිරිමට හැටන් මහේස්ත්‍රාත් අධිකරණය මගින් තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාය තුල පෂ්චාත් මරණ පරික්ෂනය සදහා තැම්පත් කර තිබු කාන්තා මළ සිරුරක් එම රෝහලේ සේවකයින් තිදෙනෙකු විසින් දුෂණය කළේ යැයි කියන සිද්ධියට විරෝධය පාමින් සහ සම්බන්ධයෙන් සිදු කරන විමර්ෂන කටයුතු අපක්ෂපාතීව කඩිනමින් සිදු කරන ලෙසට බල කරමින් ලංකා කම්කරු කොංග්‍රසය විසින් එම උද්ගෝෂණය පැවැත්වීමට කටයුතු කර තිබුණි.
නෝර්වුඩ් පොලිසිය මගින් හැටන් වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ දමයන්ති ප්‍රනාන්දු මහත්මිය වෙත කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්ථා කර ඇති බවත්, රෝහල් පාලන අධිකාරිය මගින්ද ත්‍රිපුද්ගල කමිටුවක් මගින් පරික්ෂනයක් පැවැත්වෙන අතර තුර රෝහල ඉදිරිපිට උද්ගෝෂනය කිරම නිසා රෝහලේ වෛද්‍යවරුන්ට, රෝගීන්ට, රෝහල් කාර්ය මණ්ඩලයට සහ රෝහලේ දේපල වලට බලපෑමක් සහ අලාභ හානි සිදු වීමට ඉඩ ඇති නිසා මෙම තහනම් නියෝගය නිකුත් කරන ලෙසට නෝර්වුඩ් පොලිසිය මගින් මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලීමක් සිදු කලහ.
එම ඉල්ලීම පිලිබද සලකා බැලූ මහේස්ත්‍රාවරිය එම තහනම් නියෝගය (08) දින නිකුත් කර ඇත.
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජිවන් තොන්ඩමන් මහතා ඇතුලු එම පක්ෂයේ ජේෂ්ඨ නායකයින් කිහිප දෙනෙකුට එරෙහිව තහනම් නියෝගය ලබා ගෙන තිබුණි.
එම නියෝගය පොලිසිය මගින් කියවිමෙන් අනතුරුව එම උද්ගෝෂනයට එක් වී සිටි පිරිස කියා සිටියේ, අධිකරණ නියෝගයට ගරු කර උද්ගෝෂණය සිදු නොකරන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විමර්ෂණ කටයුතු සහ පරික්ෂණ අපක්ෂපාතීව සිදු කරන ලෙසයි.
එම ස්ථානයට පැමිණි හැටන් කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා කියා සිටියේ, අධිකරන නියෝගයට අනුව කටයුතු කරන ලෙසත්, සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරික්ෂන අපක්ෂපාතීව පැවැත්වෙන බවයි.
- රංජිත් රාජපක්ෂ

“රෝහලක mortuary එකේ මළ සිරුරක්වත් ආරක්ෂා කරන්න බැරි පද්ධතියක් තිබුණා නම් ඒ රටේ governance ගැන කතා කරන්න ඕන.
ReplyDeleteProtest නවත්වලා justice demand silence කරන එක solution නෙවෙයි.Crime එක shocking ඒත් system failure එක ඊටත් වඩා shameful.”
රෝහලක් තුළ මළ සිරුරක් ආරක්ෂා කරන්න බැරි නම්, ඒක පුද්ගල දෝෂයක් නෙවෙයි රජයේ පද්ධති අසමත්කමක්.
ReplyDeleteProtest නවත්වලා silence කරන්න උත්සාහ කරන එක justice නෙවෙයි, system failure එක shameful.”
ජනතාවේ ආරක්ෂාව සහ moral integrity ආරක්ෂා කරන්න රජය fail වුණා, .
PADAYAK GIYATH UDGOSANE.. PISSU YAKKU LANKAWE INNE.
ReplyDeleteඋඹට මල සිරුරක් දූෂණය කිරීම පඩයක් ඇරියා වගේද
DeletePissek.
Delete