හෙට (21) සහ අනිද්දා යන දෙදින තුළ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු නොකරන බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දී ඇති බව ලංකා පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.
අද (20) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සම ලේකම් ශාන්ත ද සිල්වා මහතා සඳහන් කළේ, සියලුම බවුසර් රථ හිමියන් වෙත හෙට සිට ඉන්ධන නිකුත් නොකරන බවට දැනුම් දී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී, හෙට දිනය මුස්ලිම් ප්‍රජාව වැඩි වශයෙන් සේවය කරන ඉන්ධන ගබඩාවල සාමාන්‍ය නිවාඩු දිනයක් වුවද, හෙට දිනයේ ප්‍රවාහන කටයුතු සිදු නොකරන බවට තොරතුරු තහවුරු වූ බව ඔහු පැවසීය.
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ දේශීය වෙළඳපොළේ ද ඉන්ධන මිලෙහි සංශෝධනයක් වීමේ "සාධාරණ සැකයක්" පවතින බව සම ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.
මේ වන විට ගෙනවිත් ඇති ඉන්ධන තොග නිකුත් කිරීමේදී මිල ඉහළ දමා වාසි ලබා ගැනීම සඳහා මෙලෙස හෙට හෝ අනිද්දා බෙදාහැරීම් කටයුතු අත්හිටුවීමට ඉඩ ඇති බවට ඔහු සැක පළ කරයි.
මෙම බෙදාහැරීම් නතර කිරීමේ තීරණය තම සංගමයේ ඉල්ලීමක් මත සිදුවන්නක් නොවන බවත්, එය බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් බවත් ශාන්ත ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය

එතකොට දැන් තොපි හදන්නේ මිනිසුන්ව පොලින්වල තපවන්නද ? අපෙන් පිනට කාකා තොපි අපිටම කෙලිනවා . පර වේස ජෙපි හැත්ත
ReplyDeleteBADDA WAIRAYA KIYANNE MEKATA THAMAI
Deleteමුන්ව ඇදන් ගිහිල්ලා බෙරේ නාවලා ගෝල්ෆේස් ගෙනිහිල්ලා ප්‍රසිද්දියේ ගු ගහන්න ඕනේ
ReplyDeleteමිනිස්සු හිතාගෙන ඉන්නේ තෙල් අර්බුදය කියන්නේ ලෝකේ තෙල් හිඟ වෙලා කියල. එහෙම දෙයක් වෙලා නැහැ. මිල වැඩිවීම තමයි වෙලා තියෙන්නේ. ආණ්ඩුවට වෙලාවට orders දාල තෙල් ගෙනවානම් වැඩිමිලට කිසිම පෝලිමක් නැතිව බෙදන්න පුළුවන්. "අර්බුදය" ඇඳුම ඇඳගෙන "නොහැකියා" හෙළුව වහගන්න කරන වැඩ...
ReplyDelete