ඉන්ධන මිල වැඩිකිරීමෙන් මෙරට තෙල් සමාගමක් වාර්ෂික ලාභය සති තුනකින් උපයාගනී..

 


ඉන්ධන මිල සංශෝධනයත් සමඟ මෙරට ක්‍රියාත්මක වන එක්තරා තෙල් සමාගමක් සිය වාර්ෂික ලාභය සති තුනක් වැනි කෙටි කාලයක් තුළ උපයාගෙන ඇති බව මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා අනාවරණය කරයි. 

බලශක්ති ක්ෂේත්‍රය පිටුපස පවතින ප්‍රබල දේශපාලන හා ආර්ථික ක්‍රියාවලිය හේතුවෙන් ජනතාව පීඩාවට පත්වන විට ඇතැම් පාර්ශවයන් මෙලෙස අතිවිශාල වාසි අත්කර ගන්නා බව ඔහු පෙන්වා දෙයි.

හිරු නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්යවරයා සඳහන් කළේ, මෙම මිල ඉහළ යාම හරහා තෙල් සමාගම් සහ බෙදාහරින්නන් ඉතා ඉහළ ලාභයක් ලබන බවයි. 

එසේම, ඉන්ධන මිල ඉහළ යාම හරහා බදු ආදායම වැඩිවීම නිසා රජයට සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ද (CPC) යම් වාසිදායක තත්ත්වයක් නිර්මාණය වන බවත්, ඇතැම් සමාගම්වල සේවකයන්ට මෙයින් 'බෝනස්' පවා හිමිවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ආර්ථිකයට එල්ල වන බලපෑම මිල ඉහළ යාම හමුවේ මහ බැංකුව සිය උද්ධමන ඉලක්ක ඉක්මනින් සපුරා ගැනීමට උත්සාහ කළද, එහි සැබෑ පීඩනය විඳින්නේ සාමාන්‍ය ජනතාව බව මහාචාර්යවරයා අවධාරණය කළේය. 

ඩීසල් මිල වැඩිවීමත් සමඟ නිෂ්පාදන පිරිවැය සහ ප්‍රවාහන වියදම් ඉහළ යන අතර, එය දඹුල්ලේ එළවළු මිල දක්වා සෑම භාණ්ඩයකම මිල ඉහළ යාමට හේතු වන බව ඔහු පෙන්වා දෙයි. 

මෙය ආර්ථික විද්‍යාවේ 'ගුණක ප්‍රතිවිපාක' ඇති කරන දාමයක් බවත්, එමගින් රටේ ආර්ථික වර්ධනය අඩාල වන බවත් ඔහු අනතුරු ඇඟවීය.

විදේශ සංචිත සහ IMF සාකච්ඡා රටේ පවතින ඇමරිකානු ඩොලර් බිලියන 7.3ක සංචිතවලින් සැබවින්ම පාවිච්චියට ගත හැක්කේ ඩොලර් බිලියන 5.5ක් පමණක් බවත්, අප වැය කරන සෑම ඩොලර් පහකින් එකක්ම වැය වන්නේ ඉන්ධන ආනයනයට බවත් මහාචාර්යවරයා මෙහිදී හෙළි කළේය.

මෙම දුෂ්කර අවස්ථාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ නැවත සාකච්ඡා කිරීමට අවස්ථාවක් කරගත යුතු බව ඔහු යෝජනා කරයි. 

ජනතාව මත පවතින අධික බදු බර අඩු කරමින් ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා රජය මැදිහත් විය යුතු බව මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

2 Comments

  1. mewage welawaka thamay anura kumarala samarasinghela wipakse inna ona. ehema unnanam me pudgalika thel samagam ganna amathara laba gena rajayata upades ganna thibuna

    ReplyDelete
  2. mama JVP ekata kade yanna ponna wesa ballek.mama kanne AKD ge boka...meeta පතිරණ රාජපක්ෂ ගලප්පත්ති

    ReplyDelete
Previous Post Next Post