ලංකාවට ඉරානයට අපහාස කරලා...


ඉරාන නාවික හමුදාවට අයත් ‘IRIS Dena’ නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස නිල ආරාධනයක් කර නොමැති බවට රජය ප්‍රකාශ කිරීම හරහා, ශ්‍රී ලංකාව ඉරානය වැනි මිත්‍ර රාජ්‍යයකට දැඩි ලෙස අපහාස කර ඇතැයි විපක්ෂය චෝදනා කරයි.

"ඉරාන තානාපතිවරයා ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා විසින් ඉරාන නාවික හමුදාපතිවරයා වෙත නිල ආරාධනයක් යවා තිබූ බවයි. මෙය රජයකින් තවත් රජයකට කරන ලද නිල රාජ්‍යතාන්ත්‍රික ආරාධනයක්. නමුත් කැබිනට් ප්‍රකාශකවරයා එය ප්‍රතික්ෂේප කිරීම හරහා ශ්‍රී ලංකා රජය ඉරානය වැනි මිත්‍රශීලී රටක් දැඩි අපහසුතාවයට පත් කර තිබෙනවා," කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු විදේශ කටයුතු අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ බව සඳහන් කළේය. පසුගියදා කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් එවැනි ආරාධනයක් සිදුකර නොමැති බවට කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන ලබාදීමට ඉරාන තානාපතිවරයා මීට පෙර එකඟතාවය පළ කර තිබූ බව සිහිපත් කළ ඒ මහතා, වත්මන් රජය විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වගකීම් විරහිතව කටයුතු කරන බවටද චෝදනා කළේය.

මේ අතර, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් මහතා ප්‍රකාශ කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඉරානයෙන් සමාව ගත යුතු බවයි. මැදපෙරදිග පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ ඉරානය ඇතුළු කලාපීය මිත්‍ර රටවල් සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මීට පෙර අවධාරණය කර තිබුණේ අදාළ නෞකාවට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ආරාධනයක් කර නොමැති බවයි. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව දැඩි මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණි.

3 Comments

  1. අද මේ රටේ ඉන්ධන අර්බුදය, මුළුමනින්ම අනුර කුමාර දිසානයක ගේ "මාර" යැයි කියූ, "සිරා" යැයි කියූ, "wow"යැයි කියූ, "marvelous" යැයි කියූ, "wonderful" යැයි කියූ, "magnificent" යැයි කියූ, "superb" යැයි කියූ, "awesome"යැයි කියූ, "astonishing" යැයි කියූ, එහෙත් ඇත්ත වශයෙන් ම අමනෝඥ ඇමෙරිකානු ගැති විදේශ ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයකි.

    අපි BRICS සමුළුවට ගියේ නැත - ඒ නිසා රුසියාව දැන් වචී පරම උදව් මිස අපිට කිසිදු වැඩකට ඇති උදව්වක් කරන්නේ නැත.

    අපි ඉරාන නාවික සෙබළු මෙහේ සිර කර තබා ගැනීමට ඇමෙරිකාව සමග එකඟ වූවෙමු. දැන් ඉරාන නාවික හමුදා සෙබළුන්ව නැවත ඉරානයට යවන තුරු ඉරානයත් අපිට වැඩකට ඇති උදව්වක් කරන්නේ නැත.

    අපට රුසියාව, චීනය, ඉරානය, ආදී BRICS රටවල් වල වැදගත් කම පිළිගන්නා විදේශ ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මේ බලු ආණ්ඩුවේ රාජ්‍ය තාන්ත්‍රික සන්නිවේදනය සහ සම්බන්දතා පිළිබඳ අවබෝධයක් තියෙන එකෙක්වත් නෑ. ලංකාවෙ ඩෝබිලාට වගේ කටට එන දෙයක් කිව්වම විදේශ රටවලිනුත් පිළිගනීවියි කියල තමයි හිතාගෙන ඉන්නෙ. ජනාධිපති කෙනෙක් හිටියට වෙන රටක නායකයෙක් එක්ක කතාකරන්න කොන්දක් නෑ අත්දැකීම් තියෙන රාජ්‍ය සේවකයො ටිකක් ඉන්න හින්ද මේගානට හරි රට දුවනව​. මෙච්චර දෙයක් රටට වෙලා තියෙද්දි මේ මිනිහ මොන රටවල් එක්කද කතාකරේ. ඒ වුනාට යූටියුබ් කාරයො ටිකක් එකතු කරගෙන විපක්‍ෂයට කෙලවන හැටි කතාකරල ඒකට වැඩ පිලිවෙලක් යෙදුවා. ජනාධිපතිටයි මාධ්‍ය ප්‍රකාශකටයි අඩුගානෙ තනතුරු පැත්තකින් තියල තමුන්ගෙ පිරිමි කමට ගැලපෙන විදියට කට පරිස්සම් කරගෙන ඉන්නවත් දන්නෙ නෑ.

      Delete
  2. ජෙප්පන්ට පුලුවන් පෝස්ටර් අලවන්න​, මැයි පෙලපාලි සංවිධානය කරන්න​, උද්ගෝෂණ කරන්න​, (මිණීමරු ඉතිහාසය අමතක කරමු) ලොරි ටෝක් දෙන්න විතරයි, රටක් පාලනය කරන්න බැහැ කියල කොච්චර කිව්වද​? රනිල් රට ගොඩ දාන්න ගත්ත පියවර ටික ඒ නිලධාරීන්ම දාගෙන කරගෙන යන නිසා මුන් යන්තම් ඔලුව බේරගෙන ඉන්නව​, රට වැටිච්ච වෙලාවෙ මුන්ට බලය දුන්නනම් හිතාගන්න බැහැ මොනව වෙයිද කියල​. රනිල් නොකල මුන් කරන එකම දේ පලි ගැනීම විතරයි.

    ReplyDelete
Previous Post Next Post