කෙහෙලිය නඩුවේ ප්‍රධාන සාක්‍ෂිකරු ගෙල වැලලාගෙන මියයයි...


 හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විරුද්ධව විභාග වන අල්ලස් නඩුවේ ප්‍රධාන සාක්‍ෂිකරුවකු වන ඔහුගේ ඥාති සොහොයුරකු රත්නපුර හිදැල්ලන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ ගෙල වැලලාගෙන මියගොස් ඇත.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විභාග වන අයථා මුදල් ඉපැයීම් නඩුවට අදාළ මෙම ඥාති සොහොයුරා මීට පෙර අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 7 ක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

ඉකුත් පෙබරවාරි 3 වැනිදා අල්ලස් කොමිසම මෙම ඥාති සොහොයුරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඔහුට අධිකරණයෙන් ඇප ලැබී තිබුණේ පෙබරවාරි 10 වැනිදාය.

මෙම සිදුවීම් නිසා කෙහෙළියගේ ඥාති සොහොයුරු පසුගිය කාලය පුරාම ජීවත් වී ඇත්තේ දැඩි කලකිරුණු ස්වභාවයකින්ය. නීති ගරුක ජීවිතයක් ගත කරමින් සිටි ඔහු කෙහෙළියගේ නඩු කටයුතු නිසා දැඩි ලෙස පශ්චාත්තාපයට පත්ව සිටි බව ඔහුගේ සමීපතමයෝ පවසති.

ඉකුත් 04 වැනිදා අලුයම මෙම ඥාති සොහොයුරු රත්නපුර හිදැල්ලන ප්‍රදේශයේ පිහිටි නිවස පිටුපස වෙරළු ගසක එල්ලී සියදිවි හානිකරගෙන ඇති බව ආරංචි මාර්ග පැවසීය.

හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අයථා ලෙස උපයාගත් බව කියන රුපියල් මිලියන 748 ක මුදලක් විශුද්ධිකරණයට ආධාර අනුබල දුන් බවට එල්ල වූ චෝදනා මත ඔහුගේ මෙම ඥාති සොහොයුරු අත්අඩංගුවට ගෙන තිබිණි.

හේමන්ත රන්දුණු, සුජීව තත්සර

10 Comments

  1. කරුමය සහෝදරයා ලෙසද පැමිණිය හැකිය.

    හොඳම උදාහරණය මයිනාය.

    ReplyDelete
    Replies
    1. ටින් ටින් සිල්වා මයිනාට සහෝදරයොත් ඉන්නවද?

      Delete
    2. කරුමය වෙන්නේ වෛරී ආණ්ඩුව.

      Delete
  2. මිනිස්සුන්ට දෙන දුක් ගින්දර දරාගැනීමේ සීමාව ඉක්මවූ විට සිදුවන දෙය.
    ටිංටිං මයිනා ඇතුළු ත්‍රස්තයන්ට ඇත්තේ පිස්සු බලු හදවත්

    ReplyDelete
  3. para panduwa mekata waga kiwa yuthi - mun boru nadu dala patalanna - kalakanni jpi wadiwel - uththa

    ReplyDelete
  4. Replies
    1. Why 'Super'? The man has got depressed by unfair accusations. This comes back to your government.

      Delete
  5. කෙහෙලියගෙ කාලෙ වගේ නෙමෙයි, රජය බාල බේත් ගේන්න ගිවුසුම් ගහල එකගවෙලා කරගෙන යනව. මේ කෙහෙලියගෙ සීන් එකත් ඩයස් පෝරා උවමනාවට කරන එකක්ද කියල සැකයි ( සලේගෙ කැකිල්ලෙ නඩුව වගේ ).

    ReplyDelete
  6. balashakthi amathiyatath ehema weida?bala gala anguru ,pohora tender wanshawa..dan nadu dala neda ?thama illa aswelath na amathi kamen.lajjanathi kama.

    ReplyDelete
Previous Post Next Post