වී අස්වනු නෙළන යන්ත්‍රෝපකරණ සඳහා අවශ්‍ය ඉන්ධන හිඟයකින් තොරව සපයා දීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇත.
අස්වනු නෙළීමේ කටයුතුවල නිරත ගොවීන් මුහුණ දුන් ඉන්ධන අර්බුදය සැළකිල්ලට ගනිමින් රජය මෙම තීරණයට එළඹ ඇත.
ඒ අනුව, මාස් කන්නයේ කටයුතු බාධාවකින් තොරව නිම කිරීම සඳහා ඉන්ධන පිරවුම්හල් මගින් අවශ්‍ය ඩීසල් ලබාගැනීමට පහසුකම් සලසා තිබේ.
සුදුසුකම්ලත් ගොවීන් සඳහා ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය නිල නිර්දේශ ලිපි නිකුත් කෙරේ. අදාළ ගොවියා මාස් කන්නයේ වගාකරු බවත්, වගා කළ කුඹුරු ප්‍රමාණයත් සහතික කිරීමෙන් අනතුරුව මෙම ලිපි නිකුත් කිරීමට නියමිතය. මෙම කර්තව්‍යය කඩිනම් කිරීම සඳහා දිස්ත්‍රික් නියෝජ්‍ය කොමසාරිස්වරුන්ට මෙන්ම ප්‍රාදේශීය ගොවිජන සේවා නිලධාරීන්ට ද පූර්ණ බලය පවරා ඇත.
ගොවීන් තම වගා තොරතුරු තහවුරු කර ඉන්ධන ලබාගැනීමේ ලිපි සිය ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් ලබාගත හැකිය.

මේව තමයි ලංකාවේ හාල් මිල ඉහල යන්න හේතු. අක්කරයක් අක්කර බාගයක් වගා කරල තියන අයත් නෙලන්න බූතය දානව. ඉංදියාව, බංග්ලාදේශ අය තමන්ගේ ක්‍රමයෙන් තමයි සියලු වැඩ කරගන්නෙ. එහෙ මිල අඩු වෙන්න හේතුව ඕක තමයි.
ReplyDeleteඔය ලියුම ගන්න ගමේ ඉන්න ජෙප්පගෙ සහතිකය ගන්න කියලා කියන්න එපා.
ReplyDeleteගමේ npp නායකයාගේ ලිපිය එපා ද?
ReplyDeleteකෝ අර මෝඩ බයියොන්ගෙ තෙල් පෝලිම් ටික? දිට්ඨදම්මවේදනීය කර්මය කිය කිය ගොබ්බයො ටික බොරු පෝලිම් හැදුවා. අපේ පැත්තෙනම් මෝඩයින් අමාරුව දැන් හොදයි. දැන් පෝලිම් නෑ. අද රස්තියාදු නැතුව full tankම ගැහුවා.
ReplyDelete