ආහාර ද‍්‍රව්‍ය මිල දැනෙන්නම ඉහලට.. නිකුත් කරන්න සීමා දමයි..


 අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

සහල්, පරිප්පු, සීනි, කරවල මිරිස් තුන පහ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ යෑම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියේ අවධානය යොමු කරන්නැයි අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවල පාරිභෝගිකයෝ පැවසුහ 

මේ නිසා ළඟ එන සිංහල හින්දු අලුත් අවුරුද්දට නිවසට අවශ්‍ය බඩු භාණ්ඩ ගෙන ඒමට යෑමේදී විශාල අපහසුතාවට පත්වූ බව පාරිභෝගිකයෝ පැවසූහ.

භාණ්ඩ හිගයක්ද මවා පා ඇතැම් වෙළඳ සල් පාරිභෝගික ජනතාවට යම් යම් සීමා පනවා ඇති බවත් පාරිභෝග ජනතාව පැවසූහ. 

මේ වන විට ඇතැම් වෙළඳුන් සීනි පරිප්පු ඇතුළු දෑ නිකුත් කරන්නේ කිලෝ දෙක තුන වශයෙන් බවත්, එහෙත් පාරිභෝගික අධිකාරිය නියම කර තිබෙන මිලට භාණ්ඩ මිල අඩු කිරීමට නොහැකි බව එම වෙළෙන්දෝ කියා සිටියහ.

ඇතැම් සුපිරි වෙළෙඳ සල්වලද අත්‍යවශ්‍ය භාණ්ඩ නිකුත් කිරීම සීමා කර ඇති බව එහි කළමනාකරුවන්ගෙන් වීමසීමේදී ඔවුහු සඳහන් කළහ. 

දැඩි දුෂ්කරතා මැද මෙවර සිංහල හින්දු අවුරුද්ද සැමරීමට ආහාර මිලදී ගැනීමේදී දැඩි පීඩාවකට පත්වෙන බවත් ගිය වසරට සාපේක්ෂව සතියක ආහාර ලැයිස්තුවට සියයට තිස්පහක පමණ වැඩිවීමක් ඊයේ (27) දින වන විට වැඩිව තිබෙන බවත් පාරිභෝගිකයෝ සඳහන් කළහ.

තොග සිල්ලර වෙළඳුන් සඳහන් කරන්නේ ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව නැවෙන් ගොඩ බාන තැන සිට නිවසේ මුළුතැන් ගෙට එන තෙක් මෙම මිල වැඩිවීම බලපානු ඇති බවයි.

1 Comments

  1. ඒ වුනාට කමක් නෑ
    අයිස්ක්‍රීම් බිස්කට් සහ චොකලට් මිල වැඩිකරන්න දෙන්නේ නෑ කියා අපේ වසන්ත සමරසිංහ ඇමතිතුමා සහතික උනා නේ.
    පාන් නැත්නම් කේක් කාපල්ලා

    ReplyDelete
Previous Post Next Post