ගල් අගුරුවල විදුලිය අඩුවේ.. විදුලි කප්පාදු අවදානම ඉහලට...


මෙරටට ආනයනය කරන ලද ගල්අඟුරු ප්‍රමිතියෙන් තොරවීම සහ ඉන්ධන ආනයනය සීමාවීම හේතුවෙන් ඉදිරි කාලසීමාව තුළ විදුලි කප්පාදුවක් සිදුවීමේ දැඩි අවදානමක් පවතින බව බලධාරීන් අනතුරු අඟවයි. 

වත්මන් තත්ත්වය හමුවේ රාත්‍රී කාලයේදී පැයක පමණ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි අතර, දිවා කාලයේ විදුලි සැපයුමට ද මෙයින් දැඩි බලපෑම් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු 'ඩේලි මිරර්' පුවත්පතට සඳහන් කර ඇත්තේ මෙගාවොට් 900ක ධාරිතාවක් උත්පාදනය කිරීමට සැලසුම් කර ඇති ගල්අඟුරු බලාගාර මේ වන විට බාල ගල්අඟුරු භාවිතය හේතුවෙන් මෙගාවොට් 120-150ත් අතර ප්‍රමාණයක අඩු නිෂ්පාදනයක් සිදු කරන බවයි. 

පවතින ගල්අඟුරු තොග බලාගාරවල පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් නොවන බව ද ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.

පවතින වියළි කාලගුණය හේතුවෙන් විදුලි ඉල්ලුම ඉහළ ගොස් ඇති අතර මීට පෙර විදුලි හිඟය පියවීමට යොදාගත් ඩීසල් තොග අවසන් වෙමින් පවතී.

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුවට අවශ්‍ය 'මර්බන්' (Murban) වර්ගයේ බොරතෙල් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහ ඉරානයෙන් ගෙන්වීමට බාධා එල්ල වී ඇත.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යෑම හේතුවෙන් විදුලි උත්පාදන පිරිවැය ද ඉහල නැග ඇත.

"අස්ථාවර ඉන්ධන ආනයනය මත පදනම් වෙමින් අඛණ්ඩව විදුලිය සැපයීමට උත්සාහ කළහොත් එය ඉදිරියේදී බරපතළ ව්‍යසනයක් විය හැකියි," යැයි එම නිලධාරියා පැවසීය.

පවතින තත්ත්වය මත රාත්‍රී කාලයේදී මිනිත්තු 30 සිට පැය 1 දක්වා විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇති අතර, ඉන්ධන තොග තවදුරටත් සීමා වුවහොත් දෛනික විදුලි කප්පාදුව පැය තුනක් හෝ හතරක් දක්වා දීර්ඝ වීමේ අවදානමක් පවතින බව ද වාර්තා වේ.

4 Comments

  1. එදා කොරෝනා මුළු ලෝකෙම මිනිස්සු මැරි මැරි වැටුනා සංචාරක ව්‍යාපාරය නතර වුණා ඇඟලුම් කර්මාන්තශාලා වැහුනා.ඩොලර් එන්න තිබ්බ හැම එකක්ම නතර උනා.ඉතිරි වෙලා තිබ්බ ඩොලර් ටික දීලා වැක්සින් ගෙනාවා .ඒ විශේෂ අවස්ථාවට මුහුණ දෙන්න සෞඛ්‍ය උපකරණ ගෙනාවා.මුළු රටක්ම වහගෙන මිනිස්සුගේ ජීවිතිත බේරුවා .එතකොට කොහොමද තියෙන ඩොලර් ටික ඉවරවෙනවා මිසක් ආයෙත් ඩොලර් එන්නේ.ඒ විදිහට මිනිස්සුන්ගේ ජීවිත බේරපු මනුස්සය අවසානයේ මරන්න නේද හැදුවේ.එදා තේරුම් ගත්තේ නෑ ඒක ලෝක වසංගතයක් කියලා.ලොකු රටවල් වලට හෙම්බිරිසාව හැදෙනකොට අපිට නියුමෝනියාව හැදෙනවා කියලා තේරුම් ගත්තේ නෑ .එදා මේ වගේ පාලකයෝ ටිකක් හිටිය හිටියනම් හිතාගන්න ඉතුරු ටික. හැබැයි එදා රටේ හැම මනුස්සයෙකුටම පන්දහා ගානේ දුන්නා.ගොවීන්ගේ එළවලු ටික මිලදී ගත්තා .කොරෝනා හැදෙන හැම කෙනෙක්ම දින දාහතරක් කන්න බොන්න දීලා නොමිලේම නිරෝධායනය කළා.රාජ්‍ය සේවකයන්ට පඩි ගෙව්වා.කොරෝන වලින් මිනිස්සු මැරෙන එක බේරගන්න මුළු රටම වහලා තිබ්බා.රට ඇරියම වහන්න කියනවා වැහුවම අරින්න කියනවා.කොරෝන නතර කරන්න පුළුවන් දවස කවද්ද කියලත් අහනවා.ඒ වීඩියෝ එක අවශ්‍ය නම් මම දෙන්නම්.ඊට පස්සේ විදේශගත ශ්‍රමිකයන්ට රටට ඩොලර් එවන්න එපා කියලත් කිව්වා.ඒ වීඩියෝ එකත් අවශ්‍ය නම් කියන්න දෙන්නම්.අන්න එහෙම විපක්ෂයක් එදා තිබුණේ.අද විපක්ෂය ගැන සතුටු වෙන්න.ඒ විදියට මිනිස්සු අවුස්සලා ඩොලර් නැති කරලා අද කියනවා එදා ඒවා ගන්න ඩොලර් තිබ්බෙ නෑ කියලා.මේ පසුබිම් කතාව මතක නෑ.එදා සුද්දයක් දුන්නේ කියනවනේද.දැන් මෙයාල ඇවිල්ලා අවුරුදු දෙකක් .සුද්දයක් දීලා ගත්ත එක රුපියලක් මහා භාණ්ඩාගාරයට ගත්තද. මිනිස්සු බලය උපරිමයෙන් දුන්නා තුනෙන් දෙකකුත් දුන්නා .උගන්ඩ ආවේ සල්ලි ගෙනාවද.මේ ඔක්කොම ඔයාලට තේරෙනකොට ඔයාලා හිත හදාගන්නවා මුන් ඔක්කොම එකයි කියලා.මුං ඔක්කොම එකයි නෙමෙයි හැත්තෑහය වසරක් මුං කිසිම දෙයක් වෙන්න ඉඩ දුන්නේේ නෑ.පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ මෙයාලා විරුද්ධ වෙච්ච හැමදේම නොකර හිටියනම් අද රටේ මොනවද තියෙන්නේ කියලා.එකක් කියන්නම් අධිවේගී මාර්ග හම්බන්තොට වරාය නෙළුම් කුළුණ පෝඩ් සිටිය තව ගොඩක් තියෙනවා හිතාගන්න.හොඳට මතක තියාගන්න මේ වගේ පාලකය ටිකක් මේ වගේ අර්බුදකාරී වෙලාවක රටේ පාලකයා වීම අපේ කරුමයක්.එදා ගංවතුර වෙලාවේ කොත්මලේ ඩෑම් එක ඇරියේ පහළ ඉඳපු මිනිසුන්ට අයින් වෙන්න ප්‍රමාණවත් කාලයක්ක් නොදී.ඒක නිසා තමයි ගම්පොළ මිනිස්සු නිදි පැදුරේ ගංවතුරට අහුවෙලා ගෙවල් ඇතුලේ මැරිලා හිටියේ.තවත් කඩේ යන්න එපා සහෝදරයා .යුද්දෙ ඉවර කරපු මනුස්සයා ගෙදරින් එළවලා.යුද්දේ කරපු මනුස්සයගේ ගෙදර හදලා දෙනවා නේද.රටේ සංවර්ධනය කරපු මිනිස්සු හොරු කරලා.බෝක්කුවක්වත් හදපු නැති අයට රට භාර දුන්නා.බෝක්කුවක්වත් හැදුවෙ නැතිවුනාම හොරා කියන්න තැනක් නැහැ තමයි සහෝදරයා.බාල ගල් අඟුරු වංචාව දැන් වෙලා නේද තවත් ගොඩක් දේවල් තියෙනවා දන්නව නේද message එක දිග වෙන හින්දා කියන්නේ නෑ මතක් කරගන්න .වැඩක් කරනකොට තමයි චෝදනා එන්නේ.අන්න රන්වලගේ වරෙන්තුව කැන්සල් කරලා එයා නිවැරදි කාරයෙක් කරලා නීතිය නවනවා උපරිමයෙන්.තවත් පැහැදිලි කිරීම අවශ්‍ය නෑ තේරුම් ගන්නවනම් මේක ප්‍රමාණවත්

    ReplyDelete
    Replies
    1. නියමෙට කියල තියෙනව. ස්තූතියි මහත්මයා.

      Delete
  2. එකෙන්ම ඔව්

    ReplyDelete
Previous Post Next Post