සෞඛ්‍ය අමාත්‍යංශයට හැකර් ප‍්‍රහාරයක්..?


රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

වෛද්‍යවරුන්ගේ සහ සමස්ත සෞඛ්‍ය පද්ධතියේ දත්ත ඇතුලත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනවසර ඇතුලු වීමක් සිදු වි ඇති ද යන්න පිළිබ සැකයක්.

මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියේ විශේෂඥ වෛද්‍යවරුන්ට අදාලව සේවා ව්‍යවස්ථාවක් (Service Minutes) ස්ථාපිත කිරීමට සම්බන්ධ යැයි පවසමින් ලිපියක් ඇතුලත් කර ඇති අයුරු දක්නට ලැබේ.

මෙම ලිපිය රාජ්‍ය ආයතනයක් මින් නිකුත් කරන නිල ලේඛනයක් යැයි බැලු බැල්මට නොපෙනෙන අතර ලිපි ශිර්ෂයක් නොමැතිව, දිනයක් නොමැතිව, යොමු කරන ලද පාර්ශවයක් හෝ පාර්ශවයන් නොමැතිව, සම්බන්ධීකරණ නිලධාරීයෙක් සහන් කර නොමැතිව සකස් කර ඇති අවිධිමත් ලේඛනයක් බව පමණක් නිරික්ෂණය වේ. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියේ ඇති මෙම ලිපියේ නිත්‍යානුකූලභාවය සහ නිලභාවය පිළිබව අවිනිශ්චිත තත්ත්වයක් මතුව ඇත.

මේ පිළිබ පැහැදිලි කර ගැනිම සහා අදාල ලේඛනයේ කැදවුම්කරු ලෙස සහන් කර ඇති සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සම සන්නිවේදනය කිරීමට කිහිපවතාවක් උත්සාහ කල ද ඔහුව ද සම්බන්ධ කර ගත නොහැකි තත්ත්වයක් මතු වී ඇත.

මීට ඉහතදීත් සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්ත පද්ධතීන්ට අනවසර ඇතුල් වීම් නිසා සිදු වූ ගැටලු රාශියක් පිළිබව අප දැනුවත්ය. එම නිසා මෙසේ වගකීම් විරහිත ලෙස සහ අවිධිමත් ලෙස පලවීමක් සිදු වීම රජය සහ සෞඛ්‍ය අමාත්‍යංශය අපහසුතාවයට පත් කිරීමට කල උත්සාහයක් ද යන්න සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විමර්ෂණය කල යුතු අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ද එය සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්තුමා වෙත ලිඛිතව දන්වා ඇත.   

2 Comments

  1. මෙතන විතරක් නොවේ, රජයේ පරිපාලන මෆීයා කණ්ඩායම, (ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අනුන්ගේ වැඩ අල්ලන් ඉන්න විෂයය දැනුම නොමැති සෙට් එක) ඉන්නකම් රටේ දියුණුව අනාතයි, මෙ අය කලා දැනුමෙන් දොස්තරලාට ඉංජිනේරුවන්ට දෙසා බාන්න එනවා, කලා නැතිව විද්‍යාව කියමුකෝ ඒත් ඉංජිනේරු පරිචිය තියනවාද, උසස් තනතුරුවලට දක්ෂයන් සහ වෘත්තිකයන් එන එක වලක්වලා, දැන් ර.සේ.කො අන්දලා අදිකරණ තීන්දුවට වංගුවක් ගහලා පත්වීම් දෙන්න හදනවා නම් වැරදියි,

    ReplyDelete
  2. me wage gobba anduwakin palanaya wenna wechcha eka gana rate minissu okoma lajja wenna one.68 lakshyak nisa gobbayo ralakagen palanaya wen una.

    ReplyDelete
Previous Post Next Post