කලින් මොනවා කිවුවත් ජනාධිපතිතුමා සල්පියුරික් අම්ලය හැදුවා.. ඒක පිලිගන්න වෙනවා..

 


සැප්තැම්බර් 21 වැනිදාට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදුකළ ප්‍රකාශ සහ වර්තමාන ක්‍රියාකලාපය අතර දැඩි පරස්පරතාවයක් පවතින බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 

විශේෂයෙන්ම පරන්තන්හි සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කරන බවට ජනාධිපතිවරයා මීට පෙර කළ ප්‍රකාශය පිළිබඳව රණවක මහතා  කියා සිටියේ ජනාධිපතිවරයා පැවසූ පරිදි පරන්තන්හි සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කරනවා වෙනුවට, මේ වන විට බාල ගල්අඟුරු දහනය කිරීම මගින් අහසේ සල්ෆියුරික් අම්ලය නිපදවා ඇති බවයි. 

මෙහි අහිතකර ප්‍රතිඵල අනාගතයේදී වැසි වසින විට ජනතාවට බලාගත හැකි වනු ඇතැයි ද හෙතෙම අනතුරු ඇඟවීය.

තවද, විදුලි මීටර් යාවත්කාලීන කිරීම සහ විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පවසා ඇති කරුණු ද රණවක මහතාගේ විවේචනයට ලක් විය. ඩිජිටල් මීටර් මෙරටට හඳුන්වා දුන්නේ 2010 වසරේදී බවත්, ඒවා නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් බණ්ඩාරගම දැනටමත් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.

මැතිවරණයට පෙර විදුලි බිල තුනෙන් එකකින් අඩු කරන බව පැවසූ පිරිස්, දැන් නැවත වරක් විදුලි ගාස්තු 13.5% කින් ඉහළ නැංවීමට යෝජනා කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 

ජනාධිපතිවරයා දත්ත සහ සංඛ්‍යාලේඛන නිවැරදිව සොයා බලා කතා කළ යුතු බවත්, සමාජ මාධ්‍ය හරහා සිදුකරන ප්‍රකාශවලින් ජනතාව මුලාවට පත් නොකළ යුතු බවත් හිටපු අමාත්‍යවරයා අවධාරණය කළේය

5 Comments

  1. ඔය මිනිහා තරං බොරු කියලා බොරු කියලා පච විද ලා බලය ගත්ත කෙනෙක් මේ රටේ විතරක් නොවෙයි මේ ලෝකෙමත් නෑ
    ලැජ්ජාව මේ වගේ පාට්ටා බොරු කියපු බොරු කාරයෙක්ට මේ රටේ 68 ලක්ෂයක් අහුවිම.ඉටත් වඩා ලැජ්ජාව අපි මුන්ට මේ බව කියද්දිත් අපිට බැන බැන ගිහිල්ලා ඔහුව සහ ඔහුගෙ කොමියුනිස්ට් සංවිධානයට ඡන්දය දීම.එනිසා දැන් උන්ට වෙලා තියෙන්නේ අපි දැක්කම මඟ හැර යන්න.කයිය නායක කියන්නේ නිකං ද ලැජ්ජයි

    ReplyDelete
    Replies
    1. Anura is much better than anyone else
      Great leader

      Delete
  2. But coal is 50% cheaper than previous .huge price drop

    ReplyDelete
  3. Galaguru horek neda champika

    ReplyDelete
  4. පුකරුදය..........ඔය ලපයා ලෑජ්ජාවක් නෑති පච මශිමක්......

    ReplyDelete
Previous Post Next Post