සේවක ඉල්ලීම් දෙන්න විදුලි ගාස්තු දෙගුණයක් කරන්න වෙනවා..- විදුලි සභාපති

 


විදුලි සේවක වෘත්තීය සමිති ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සියල්ල එලෙසම ලබා දීමට කටයුතු කළහොත්, දැනට පවතින විදුලි ගාස්තුව සියයට සීයකින් (100%) පමණ ඉහළ දැමීමට සිදුවන බව නව විදුලි සමාගම්වල සභාපතිවරුන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළහ.

මෙහිදී අදහස් දැක්වූ සභාපතිවරුන් පෙන්වා දුන්නේ වෘත්තීය සමිති විසින් ඉල්ලීම් 64ක් ඉදිරිපත් කර තිබූ බවත්, ඉන් ඉල්ලීම් 62ක්ම ලබා දීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවත්ය. ඉතිරි ඉල්ලීම් දෙක සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දී ඇති බව ද ඔවුහු සඳහන් කළහ.

සේවකයන් ඉල්ලා සිටින සියයට 140ක වැටුප් වැඩිකිරීම ලබා දීමට පමණක් මසකට රුපියල් බිලියන 1.8ක අතිරේක පිරිවැයක් වැය වන අතර, එය වසරකට රුපියල් බිලියන 22ක් බව මෙහිදී හෙළි විය. විදුලිබල මණ්ඩලයේ 2025 වසරේ පාඩුව රුපියල් බිලියන 34ක් ලෙස ඇස්තමේන්තු කර ඇති පසුබිමක, මෙවැනි අධික පිරිවැයක් දරා ගැනීම මණ්ඩලයට හෝ සමාගම්වලට අපහසු බව සභාපතිවරු පවසති.

රටේ සමස්ත ජනතාව, කර්මාන්ත සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SME) ගැන සලකා බැලීමේදී, මෙම සේවක ඉල්ලීම් දරාගත නොහැකි මට්ටමක පවතින බව ද මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරිණි.

මේ මොහොතේ මැදපෙරදිග පවතින යුද වාතාවරණය සහ ගෑස් මිල ඉහළ යාම වැනි ලෝක තත්ත්වයන් හමුවේ ජනතාව පීඩාවට පත්ව සිටින බැවින්, විදුලි ගාස්තු ඉහළ දමා මෙම ඉල්ලීම් ඉටු කිරීම සාධාරණ නොවන බව ඔවුන්ගේ අදහසයි.

ජීවන වියදම් දීමනාව මූලික වැටුපට එකතු කරන ලෙස කරන ඉල්ලීම රටේ පවතින නීතිමය රාමුව තුළ කළ නොහැකි දෙයක් බවත්, එසේ කළහොත් එය අනෙකුත් ලක්ෂ 15ක් වන රාජ්‍ය සේවකයන්ට කරන අසාධාරණයක් බවත් මෙහිදී පැහැදිලි කෙරිණි. එසේම විශ්‍රාමිකයන් සඳහා සියයට 150ක දීමනාවක් ඉල්ලා සිටියද, වෘත්තීය සමිති නායකයන්ගේ අතීත වැරදි කළමනාකරණය හේතුවෙන් විශ්‍රාම වැටුප් අරමුදල රුපියල් බිලියන 29.5ක හිඟයකින් (Deficit) පවතින බව ද සභාපතිවරුන් අනාවරණය කළහ.

ඉල්ලීම් බොහොමයක් ඉටු කර තිබියදීත්, ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දී තිබියදීත්, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාම පිටුපස ඇති අරමුණ පිළිබඳව තමන්ට ගැටලුවක් පවතින බව ද සභාපතිවරුන් වැඩිදුරටත් ප්‍රකාශ කළහ


5 Comments

  1. අම්මප මේ සැරේනම් පාරට බැහැල මේ කාලකන්නි හැත්තම කුඩු කරනව​. ඇයි යකෝ, කොහොම ඉවසන්නද​?
    හැම දේම වැඩි කරල​, නහයටත් උඩින් කෙලවිල ඉන්නෙ ඒ අස්සෙ ජේවීපී පරයො වොයිස් කට් දානව ප්‍රස්නයක් නෑලු. මුන්ගෙ ............,

    ReplyDelete
  2. ඕකටම ගල් අඟුරු හොරකමේ ගානත් එකතු කරල කියපන් සභාපතිතුමෝ.

    ReplyDelete
  3. විදුලිබල මණ්ඩලයේ අවම වැටුප රෝයල් එකේ ප්‍රින්සිපල් ගෙ පඩියටත් වැඩියි. තව 140% වැඩි කෙරුවොත් මහබැංකුවේ පඩි වලට සමාන වෙනවා.

    ReplyDelete
  4. පැලවත්තෙන් ලියලා දෙනවා. අපි කියවනවා.

    ReplyDelete
  5. කොරන්න බැරිනම් කොරන්න පුළුවන් එකෙක්ට බාර දීලා ගෙදර පලයල්ලා.

    ReplyDelete
Previous Post Next Post