නොරොච්චෝල බලාගාරයට ගල් අඟුරු භාවිතයෙන් හානියක් සිදුව නැති බවත් වරද තියෙන්නේ ගල් අඟුරු ප්‍රමිතිය මනින ආකාරයේ බවත් කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතා පවසයි.
මේ බව පවසමින් ඒ මහතා තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.
යන්ත්‍ර වලට හානි සිදුවී ඇති බවට යන පුවත් අසත්‍යයි. ගල් අඟුරු බලාගාරයේ පාලන අධිකාරිය තහවුරු කරයි.
කල්පිටිය අර්ධද්වීපයෙහි නාරක්කල්ලිය පිහිටි නොරෝච්චෝලේ ලක්විජය බලාගාරයට, පොදු ව්‍යාපාර කාරක සභාව ලෙස නිරීක්ෂණ චාරිකාවක මා ඇතුලු සාමාජික මන්ත්‍රීවරුන් සහ නිළධාරීන් පිරිසක් සහභාගි උනෙමු. එහි අරමුණ මේ දිනවල ජාතික විදුලි ජනනයට බලපෑමක් සිදු කර ඇති ගල් අඟුරු තොග වල ආනයන ක්‍රියාවලිය සහ එම තොග නිසාවෙන් බලාගාරයේ යන්ත්‍ර වලට හානි සිදු වී ඇති බවට පැතිර යන පුවත් වල සත්‍යතාව පරීක්ෂා කිරීමයි.
එහිදී ලක්විජය බලාගාරයේ ඉංජිනේරුවන් අප සමඟ නිරීක්ෂණ චාරිකාවට අවශ්‍ය තාක්ෂණික මග පෙන්වීම සිදු කළ අතර, ඔවුන් විසින් තහවුරු කරන ලද්දේ මේ වන විට බලාගාරයේ යන්ත්‍ර වලට ආනයනය කළ ගල් අඟුරු භාවිතය නිසා හානියක් සිදු වී නොමැති බවයි.
ආනයනය කළ ගල් අඟුරුවල තත්ත්වය පරීක්ෂා කිරීමට දැනට යොදාගන්නා ක්‍රමවේදයේ ගැටලු ඇති බව අපට නිරීක්ෂණය වූ අතර එහිදී අහඹු ලෙස ලබාගන්නා ලද සාම්පල විද්‍යාගාර වෙත යැවීමට කුරියර් සේවාවක් භාවිතා කිරීම, ගැටලු සහගත බව විශේෂයෙන් නිරීක්ෂණය කරන ලදි.
ජනතාවගේ එදිනෙදා ජීවිතයට බාධා පමුණුවන අන්දමින් කිසිවක් සිදු නොවන්නට රාජ්‍ය ව්‍යාපාර කටයුතු කළ යුතු අතර, ඒ සඳහා පවතින ක්‍රමවේද වල අඩු ලුහුඩු කම් සකසාගෙන නව ක්‍රමවේද ස්ථාපිත කළ යුතුය.
කෙසේ වෙතත් ආනයනය කරන ලද ගල් අඟුරු වල තත්වය, ලක් විජය බලාගාරයේ ජනනය සඳහා සුදුසු පරාසයන්වල නොපවතින එබැවින්, එය අයුතු ලාභ අපේක්ෂාවෙන් සිදු කරන ලද්දක්ද නොඑසේ නම් වෙනත් අරමුණු සහගතව සිදුකරන ලද්දක් ද යන්න ඉදිරියේදී කෝප් කමිටුව හරහා සාකච්ඡා කරන බවත්, මේ අවස්ථාවේ පමණක් නොව ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනය ආරම්භ කළ අවස්ථාවේ සිට මේ දක්වා සියලූම තොරතුරු ඉදිරියේදී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් | COPE - The Committee on Public Enterprises) හමුවට කැඳවීමට කටයුතු කරන බවට අවධාරණය කිරීමට කැමැත්තෙමි.

Quality කන්නද? ඒවා ගල් අගුරු නම් , දැම්මාම පිච්චෙනවනම් ආයේ මොනාද ඕවා පරීක්සා කරන්නෙ. මහින්දලනෙ හොරා කෑවෙ
ReplyDeleteවිජය කුමාරතුංග ඇතුළු ඝාතන හතළිස් ගණනකට වගකිය යුතු ටාසන් නොහොත් ලයනල් වීරසිංහව කොක්කක් ගසා පක්ෂය සාමාජිකයෙකු කර ඝාතකයෙකු බවට පත් කළ මහ මොලකරු කවුද ? ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතා නොහොත් හිච්චි අබේගේ තාත්තා ( චතුරංග අබේසිංහ ). ඒ වගේ දැන් ජෙප්පෝන්ගේත් brain wash කරලා තියෙන්නේ බං
Deleteපේනවා නේද? අනුර ජනාධිපති නොවෙන්න අපි හිතාගෙන ඉන්නවා පාලකයෝ ගල් අගුරු වලිනුත් හොරා කනවා කියලා.
ReplyDeleteගල් අඟුරුවල අලු ප්‍රතිශතය 16% ට වැඩි නම් ඒවා ප්‍රතික්ෂේප කලයුතුයි. පසුගිය දවස්වල ගෙනාපු ගල් අඟුරුවල අලු ප්‍රතිශතය 25% ට වඩා තිබුණා. හොඳ ගල් අඟුරු වලින් පැයකට මෙගා වොට් 810 පද්ධතියට දෙනවා. නමුත් මාලිමා ආණ්ඩුව ගෙන්නපු බාල ගල් අඟුරුවලින් දෙන්නෙ මෙගා වොට් 740 විතරයි. ගල් අඟුරුවල ප්‍රමිතිය මනින්න වෙන මොන මඟුලක් වත් අවශ්‍ය නැහැ.
ReplyDeleteමේ ගොබ්බා කෝප් කමිටුවේ සභාපති විදිහට පරණ කුණු ගොඩවල් හොඳට අවුස්සනවා. නමුත් මාලිමා ආණ්ඩුවේ කුණු පාපිස්ස අස්සට දානවා.
ReplyDeletetrue,
Deleteඅල්ලස් කොමිසමට දැම්ම පැමිණිල්ල මොකද උනේ කියල , තව පැමිණිල්ලක් දන්නා වෙය් වගේ අල්ලස් කොමිසම්මට විරුද්දව
Deleteme meeeharakth ara ranilge foot note kalliye una wage,wenasak ne.
ReplyDeleteඔයිට වැඩිය හොදයි, කාපිය ගූ
ReplyDeleteseratama kalin kiyapalla mu doctor kenek une kohomada kiyala..aththatama mu doctor kenekede naththan conductor kenekda..
ReplyDeleteAne kope eke hope iwarai pako
ReplyDelete