ඉරාන නැවට ප‍්‍රහාරයක්දැයි අපි කිවුවෙ නෑ.. තුවාලකරුවන්ගෙන් අපි ඒ ගැන අහුවෙත් නෑ..- නාවුක

 


ගාල්ල ආසන්න මුහුදේදී ඉරාන නෞකාවකට සබ්මැරීන් ප්‍රහාරයක් එල්ල වූ බවට විදේශීය මාධ්‍ය මගින් පළ කර ඇති වාර්තා ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රතික්ෂේප කරයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අද (04) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ එවැනි ප්‍රහාරයක් පිළිබඳ පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

විදේශීය මාධ්‍ය රැසක් මෙම සිදුවීම සම්බන්ධයෙන් විවිධ වාර්තා පළ කර තිබුණද, නාවික හමුදාව පවසන්නේ අදාළ නෞකාව අනතුරට පත්ව ඇති බවට තොරතුරු ලැබුණු වහාම ක්‍රියාත්මක වී එහි සිටි පිරිස බේරාගැනීමට කටයුතු කළ බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේද සඳහන් කළේය:

"නෞකාවක් අනතුරට පත්ව ඇති බවට වාර්තා වූ සැණින් අපේ මූලික අවධානය යොමු වූයේ එහි සිටි තුවාලකරුවන් බේරාගෙන කඩිනමින් රෝහල්ගත කිරීමටයි. අනතුරට පත්වූවන්ගෙන් කරුණු විමසීමට වඩා එම අවස්ථාවේදී අපට වැදගත් වූයේ ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමයි. ඒ අනුව ඔවුන් වහාම රෝහල්ගත කිරීමට නාවික හමුදාව පියවර ගත්තා."

මෙම සිදුවීමට අදාළව නෞකාවට සැබවින්ම සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ඉදිරියේදී විධිමත් තාක්ෂණික පරීක්ෂණයක් පවත්වා කරුණු අනාවරණය කර ගැනීමට නියමිත බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.



10 Comments

  1. කෝ අර මෝඩ බයියොන්ගෙ තෙල් පෝලිම් ටික? දිට්ඨදම්මවේදනීය කර්මය කිය කිය ගොබ්බයො ටික බොරු පෝලිම් හැදුවා. අපේ පැත්තෙනම් මෝඩයින් අමාරුව දැන් හොදයි. දැන් පෝලිම් නෑ. අද රස්තියාදු නැතුව full tankම ගැහුවා.

    ReplyDelete
    Replies
    1. උඹ ඇයි ෆුලටෑන්ක්ම ගැහුවෙ? තෙල් නැතිවෙයි කියල බයද?

      Delete
    2. අම්මට සිරි පැලවත්තෙන් ජෙප්පෙක් පැනලා කාලෙකට පස්සේ .... අර නයනජිත් කියනා ජංගි ඉම්බින්නා ද එව්වේ උඹ

      Delete
    3. ගලි ටැන්කිය පුල් කරගෙන​.

      Delete
  2. ඇ යි බන් ගැස් නැත්තේ

    ReplyDelete
  3. දවස්14 ට තෙල් තියෙනවා. ලංකාවේ ස්වාදිපත්‍යට අබියෝග කරමින් නැව් වලට ගහනවා.ලපයා නිදි. බුද්දි අංශ අක්‍රීය කරලා. පාරේ වාහන නෑ ගහ ගත්ත ට්බෙල් ටික ඉවර වෙයි කියල බයට. හරිම මුස්පේන්තු ආන්ඩුවක්
    පාප් වහන්සේ විතරයි අඩුවට හිටියෙ.
    එයාටත් ආරාදනා කරල කන්න නැති දවසේ වෙඩිල්ල පත්තුවෙන රටේ.

    ReplyDelete
  4. අපෝ මුන්ගේ බය, යුද්ද කාලේ හිටියනම් මේ නිලධාරී රෙද්දේ ගිහින්...

    ReplyDelete
    Replies
    1. මූ මොකෙක්ද? නින්දෙන් ඇහැරලා වගේ ගොන් කතා කියන්නේ. ඇමරිකාවෙන් ඔය නැවට සබ් එකකින් ගහන වීඩියෝ එකකුත් රිලීස් කරලා. මූ තාම මරු කියවනවා.

      Delete
  5. America said they did. Now this coward speaks nonsense
    What a cowardly military we have now.

    ReplyDelete
  6. මොකෙක්ද මූ? නින්දෙන් ඇහැරලා වගේ ගොන් කතා කියන්නේ. ඇමරිකාවෙන් ඔය නැවට සබ් එකකින් ගහන වීඩියෝ එකකුත් රිලීස් කරලා. මූ තාම මරු කියවනවා. ගොනා.

    ReplyDelete
Previous Post Next Post