ගෑස් සිලින්ඩර් වැඩි මිලට අලෙවි කිරිමේ ජාවාරමක්..

 


ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් අතර මග දී වැඩි මිලට අලෙවි කිරිමේ ජාවාරමක් පුද්ගලයෙකු විසින් ජංගම දුරකථනයෙන් පටිගත කර ඇත.

ගිනිගත්හේන රංජුරාව ලිට්රෝ ගෑස් බෙදා හැරිම් මධ්‍යස්ථානයේ සිට නුවරඑලිය දක්වා (18) දින දහවල් ලිට්රෝ ගැස් ප්‍රවාහනය කරන ලද එම ලොරි රථයකින් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ස්ට්‍රැඩන් වත්ත මංසන්ධියේදි එම ලොරි රථයෙන් ත්‍රී රෝද රථ දෙකකට සහ ලොරි රථයකට ඉතා රහසිගතව කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ලබා දෙන අයුරු සහ ගෑස් ලබා ගත් ත්‍රීරෝද රථ එම ස්ථානයෙන් පිටව යන අයුරු ජංගම දුරකථනයේ දර්ශනවල පටිගත කර ඇත.

එම දර්ශන පටිගත කල පුද්ගලයාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ, ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිතයා සහ ලොරි රථයේ රියදුරු සහ රිය සහයකයාගේ සහයෝගය ඇතිව එම අලෙවි නියෝජිතයාට ගෑස් සමාගමෙන් ලබා දෙන ගෑස් තොග වලින් කොටසක් අතර මග දී මෙවැනි ආකාරයට වැඩි මිලට අලෙවි කර සීමිත ගෑස් තොගයක් පමණක් වෙළදසැළ වෙත රැගෙන එන බවයි.

රංජිත් රාජපක්ෂ

2 Comments

  1. හැත්තෑ හය වසරක මේ රටේ සැබෑ සාපය JVP ද ?

    ReplyDelete
    Replies
    1. කාලකන්නි ජෙන්පන්ගේ ශාපය රටම වෙලාගන .

      Delete
Previous Post Next Post