ඉරානය විසින් කටාර් රාජ්‍යයේ පිහිටි ප්‍රධාන ස්වභාවික වායු (LNG) මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ගෝලීය වෙළඳපොළේ බොරතෙල් සහ ස්වභාවික වායු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මෙම තත්ත්වය කලාපීය ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් බව කටාර් බලධාරීහු පවසති.
බදාදා උදෑසන ඊශ්‍රායලය විසින් ඉරානයට අයත් 'සවුත් පාර්ස්' ගෑස් නිසීදිතයට ප්‍රහාරයක් එල්ල කරන ලදී. මෙය ඉරානය සහ කටාර් රාජ්‍යය හවුලේ පරිහරණය කරන ලොව විශාලතම ගෑස් මධ්‍යස්ථානයයි. මෙයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඉරානය විසින් කටාර්හි 'රාස් ලෆාන්' කාර්මික නගරයේ පිහිටි බලශක්ති සංකීර්ණය ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබේ.
කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ඉරාන ප්‍රහාරයෙන් පසු රාස් ලෆාන්හි හටගත් ගින්න නිවීමට සිවිල් ආරක්ෂක කණ්ඩායම් කටයුතු කළ බවයි. කටාර් විදේශ අමාත්‍යාංශය මෙය හඳුන්වා දුන්නේ "රාජ්‍ය ස්වෛරීභාවය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් සහ කලාපීය ආරක්ෂාවට එල්ල වූ සෘජු තර්ජනයක්" ලෙසයි.
මෙම ගැටුම්කාරී තත්ත්වයත් සමඟ බ්‍රහස්පතින්දා පෙරවරුවේ ආසියානු වෙළඳපොළේ බලශක්ති මිල ගණන් වෙනස් විය.
බ්‍රෙන්ට් බොරතෙල් මිල 4.3% කින් ඉහළ ගොස් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 112 ක් දක්වා වාර්තා විය. WTI බොරතෙල් මිල 3.8% කින් ඉහළ ගොස් බැරලයක මිල ඩොලර් 100.02 ක් විය. ඇමරිකානු ස්වභාවික වායු මිල 6.3% කින් ඉහළ ගිය අතර යුරෝපයේ වායු මිල 6% කින් ඉහළ ගොස් ඇත.
පර්සියානු ගල්ෆ් කලාපයේ බලශක්ති යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කරන බවට ටෙහෙරානය මීට පෙර අනතුරු අඟවා තිබූ අතර, මෙම නවතම ප්‍රහාරයත් සමඟ ලෝක වෙළඳපොළ තවදුරටත් අස්ථාවර වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ බිය පළ කරති.

ඉරාන් ජිහාඩ් හම්බ ඌරන් BBQ කරමු
ReplyDeleteදැන් රිදිලා වගේ. කයියනායකල කොහේ හිටියත් හිටගෙනම රෙවෙනව
Deleteun renne ubata kanna kapan kapan bairaha
ReplyDelete