අපි අලුත් පරම්පරාව නියෝජනය කරන දේශපාලන පක්ෂයක්.ඒ හින්දා අපි නූතන පරම්පරාවට ගැළපෙන විදියට අපි හැඩගැහිලා අපේ මූලික හර පද්ධතියන් ආරක්ෂා කරගෙන අපේ රටේ සංස්කෘතිය ආගම දහම රැකගෙන අපි ඉස්සරහට යනවා මොකද මොකද අපේ අපේ රට මාතෘ භූමියක් විදියට සලකනවා මිස හුණ්ඩුවක් විදියට සලකන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව සදහන් කලේ නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති රැස්වීමක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ,
"අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩලයත් විධායක සභාවක් සෑම මාසයකට වරක්ම හමුවෙනවා.ඉතිං ඒ අනුව මේ මාසයෙ අපි රැස් වෙලා පක්ෂය ඉදිරි වැඩකටයුතු පිළිබඳව අපි සාකච්ඡා කළා. විශේෂයෙන් අද ලෝකයේ උද්ගත වෙලා තියෙන තත්ත්වය එක්ක අපේ රටට මුහුණ පාන්න වෙන බලපෑම පිළිබඳව විධායක සභාව තුළ අපි සාකච්ඡා වුණා.ඒවගේම අපේ පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල කරගෙන යන්න ශාඛා සමිති බල මණ්ඩල ගම් මට්ටමේ පිහිටවන වැඩසටහ පිළිබඳව අපි සාකච්ඡා කරා.
එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානයක් විදියට අදටත් මතවාදීව ක්‍රියාත්මක වෙනවා.යුදමය වශයෙන් පරාජ වෙලාා තියෙද්දිත් මතවාදී වශයෙන් තමන්ගේ වෙනම රාජ්‍යයක් බිහි කර ගැනීමේ අරමුණට යන්න උත්සාහ කරන පිරිසක් ඉන්නවා සමහරුන් දෙමළ ඩයස්පෝරාව විදියට හංවඩු ගහන්න උත්සාහ කරනවා හැබැයි මේ දෙමළ ඩයස්පෝරාව නෙවෙයි.මේ එල්ටීටීඊ ඩයස්පෝරාව.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පහුගිය දවසේ ගියපු වෙලාවක මේ විදිහේම දේශනය අවලංගු වුණා ආරක්ෂක හේතු මත.ඉතින් මම ගියපු වෙලාවෙත් ඒ විදිහටම සිද්ධ වුණා.ඒක ඒ අයගේ මතවාදය ඉතිං ඒ වගේම තමයි එවැනිි රටක ඒ රටේ ආරක්ෂාව දෙන්නත් බැරිනම් එල්ටීටීඊ ත්රස්තවාදීන්ගේ මතවාදීව ඒ රටවල්වල ක්‍රියාත්මක වෙනවා නම් අපි කළ යුත්තේ ඒ ගැන අපේ අවධානය යොමු කරනවාට වඩා අපේ රටේ නැවත එවැනි දෙයක් සිදු නොවෙන්න වග බලාගන්න එක තමයි.
ඊයේ දිනේදී ජනාධිපතිවරයාගේ ප්‍රකාශය බැලුවම එතුමා ඒ පිළිවෙත අනුගමනය කරන්න උත්සාහ කරලා තියෙනවා ඉතිං ඒ ගැන අපි සතුටුු වෙනවා.අපි මේ ආණ්ඩුව වගේ කුහක නැහැ.හැමදේටම ආණ්ඩුව විවේචනය කරන පිරිසක් නෙවෙයි එතුමා එහෙම හිතන් හිටියට අපි ඇත්ත දේ පෙන්නල දෙනවා.ඉතිං අපි පෙන්නලා දෙන දේ තේරුම් ගන්න ඕනෑ.තේරුම් ගන්න බැරිනම් ඒ තේරුම් ගන්න පුළුවන් මානසිකත්වයක් තියෙන කණ්ඩායමක් එක්ක රටක් ගෙනියන්න ලේසි වෙන්නේ නැහැ.හැබැයි අවසාන වශයෙන් අපි සියලු දෙනාම මේ රටේ ඒකීයත්වය සහ අපේ රටේ අනන්‍යතාවය වෙනුවෙන් අපි කටයුතු කරන්න ඕන.ඒ නිසා ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ගත් තීරණය තුළ ජීවිත ගණනාවක් බේරෙයි ඒ වගේම නොබිඳි පිළිවෙත අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙයි.කලින් නෞකාව ආවා කියලා කියනවා ආණ්ඩුවට දැනුම් දුන්න කියලාා කියනවා ආණ්ඩුව ක්‍රියාත්මක වුණේ නෑ කියල කියනවා ඒ සියල්ලම පිළිබඳව ආණ්ඩුව ප්‍රකාශයක් කළ යුතුයි.නාවික හමුදාවේ ප්‍රකාශකවරයා ඇවිල්ල කිව්වේ සබ්මැරීන් ප්‍රහාරයක් නෙවෙයි කියලා.හැබැයි ඇමරිකාවෙන් කිව්වා සබ්මැරීන් ප්‍රහාරයක් කියලා.ඉතින් ඒ ගැනවත් එතුමාත් දන්නවද නැද්ද කියන කාරණය හරියට පැහැදිලි නැහැ.ඉතින් ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ආණ්ඩුව දැනන් හිටියද.ඉතින් ඒ වගේම තමයි ඊයේ දිනයේදී ගත් තීරණය අපේ නොබැදි පිළිවෙත සිරිමාවෝ මැතිනිය 1971 ගත්ත තීරණය වගේ තීරණයක්.
පළවෙනිම දේ තමයි අපි මේ කලාපීය මුහුදු තීරය ආරක්ෂා කරගත යුතුයි.එය කලාපයේ මුහුදු තීරය ආරක්ෂා කරගන්න යුධමය වශයෙන් බලවත් රටක් තමයි ඉන්දියාව ඉතින් ඉන්දියාවට ප්‍රමුඛතාවය සහ වගකීමක් තියෙනවා.ඒ වගේම තමයි අපේ රටේ නාවික හමුදාව සහ බුද්ධිඅංශ ශක්තිමත් කරමින් මේ කලාපයේ තියෙන ආරක්ෂාව අපි තහවුරු කරගන්න ඕන.මේක අපේ මුහුදු තීරයට ආසියානු මුහුදු තීරයට අදාළ යුද්ධයක් නෙවෙයි.හැබැයි අපි අමතක නොකළ යුතුයි අපේ මුහුදු තීරයට මේ යුද්ධය ඇදගෙන ඇවිල්ලා තියෙනවා යම් හේතුවක් හින්දා.ඉතින් ඒ නිසා මේ කලාපයේ නාවික කටයුතුවලට ගුවන් කටයුතුවලට යම් බලපෑමක් ඇතිවෙයි කියන සාධාරණ සැකයක් තියෙනවා මේ සිදුවීමත් එක්ක.ඉතිං ඒ හින්දා ආණ්ඩුව බුද්ධි අංශයේ ප්‍රධානියා තමන්ගේ දේශපාලන අවශ්‍යතා ඉටුකර ගන්න හිරේ දාන එක නෙවෙයි කරන්න ඕන.දැන් ආණ්ඩුව කරන්නේ ඒකනේ යහපාලන ආණ්ඩුව කරෙත් මේකමයි.මේ ආන්ඩුව ගිහිල්ලා සලේව හිරේ දැම්මා. ඇයි තමන්ගේ දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්න.ෆයිල් හංගගෙන බුද්ධි අංශ වාර්තා හංගගෙන හිටපු අයට ඉහළ තනතුරු දීලා තියෙනවා.ඉතින් ඒ අයට කියන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබිලා හංගගෙන හිටියා වගේ මේ ආණ්ඩුවේ ඉහළ තනතුරු වලට වෙලා ඉඳලා මේ තොරතුරුත් හංගගෙන ඉන්නේ නැතුව ක්‍රියාත්මක වෙලා කලාපීය ආරක්ෂාව සහ රටේ ආරක්ෂාව තහවුරු කරන්න කටයුතු කරන්න.
මේක දේශපාලන විදියකින් මැදිහත්වීමක්ද රහස් ගිවිසුමක් මත ක්‍රියාත්මක වෙච්ච කාරණයක්ද කියන ප්රශ්නය තියෙනවා.මොකද මේ ආණ්ඩුවට රහස් ගිවිසුම් පිළිබඳ ලොකු චෝදනාවක් තියෙනවා.මොකද අද වෙනකන් ආණ්ඩුවේ වගකිවයුතු කෙනෙක් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරලා නැහැ.පළවෙනි සිදුවීම සිදුවුණේ රහස් ගිවිසුමක කාරණා හේතුකොට ගෙනද කියන සාධාරණ සැකයක් අපට තියෙනව.දෙවෙනි කාරණයේදී දේශපාලනික වශයෙන් ගම් මට්ටමේ සිදුවෙච්ච දේශපාලනික වශයෙන් සිදු වෙච්ච නැගිටීම මත ගත්ත තීන්දුවක්ද කියන ප්රශ්නය තියෙනවා.ඉතින් මේ දෙකටම ආණ්ඩුව පැහැදිලි පිළිතුරක් දෙන්න ඕනෙ.
කාරණා කීපයක් තියෙනවා මම හිතන්නේ ආණ්ඩුවක් විදියට මුලින්ම ප්‍රකාශයක් කල යුතුයි එවැනි ප්‍රහාරයක් එල්ල වෙන්න නියමිතයි ද නැද්ද කියන කාරණය පිළිබඳව ආණ්ඩුව දැනන් හිටියද කියන එක ගැන.එහෙම දැනන් හිටියනම් ඒ මොන ගිවිසුමක් මතද.එහෙම නොදැන සිටියනම් කොහොමදද අපේ එකොනොමික් සෝන් එක ඇතුලේ එවැනි සිදුවීමක් වෙනකන් අපි දැනගත්තේ නැත්තේ කොහොමද කියන කාරණය .තවත් පැත්තකින් අපි නොබැදී පිළිවෙත අනුගමනය කළ යුතුයි මේක අපේ ප්‍රශ්නයක් නෙවෙයි නේ.හැබැයි මානුෂික හේතූන් මත ගතයුතු ක්‍රියාමාර්ග ගත යුතුයි.අපි දැක්කනේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 1971 බංගලාදේශ පාකිස්ථාන යුද්ධය අවස්ථාවේ පකිස්ථාන ගුවන්යානාවලට තෙල් ගහන්න අවසර දුන්නා.ඒ අපි නොබැදි පිළිවෙත අනුගමනය කරන රටක් විදියට සහ මානුෂික හේතූන් මත.

මේක හුන්ඩුවක් තමයි බ්‍රෝ
ReplyDeleteනාමල්❤ ට බය ඩෝබිලා එන්න එක මිටට
ReplyDeleteTissakuttiyage car washer kotala wage !
ReplyDeleteThopi , Tope maha undalai me ratata arapu arillata thama api widawanawa . pakaya
ReplyDelete