ඇමතිලා ඉන්ධන කෝටාව කපා ගත්තා.. ජනතාවත් අඩු කරන්න..- ඇමති


අර්බුදකාරී වාතාවරණය හමුවේ මහජනතාවට ආදර්ශයක් වෙමින්, සියලුම අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් තමන්ට හිමි ඉන්ධන ප්‍රමාණයෙන් 30% කට වඩා වැඩි කොටසක් ස්වේච්ඡාවෙන්ම කපා හැරීමට එකඟ වී ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි.

දේශපාලන අධිකාරිය ගත් මෙම තීරණය අනුගමනය කරමින්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් ද තමන් භාවිතා කරන ඉන්ධන පංගුව සැළකිය යුතු මට්ටමකින් අඩු කරගෙන ඇත.
අනවශ්‍ය ගමන් බිමන් සීමා කරමින් ඉන්ධන පිරිමැසීමට කටයුතු කරන ලෙස සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට අමාත්‍යවරයා විසින් උපදෙස් දී තිබේ.

"පවතින බලශක්ති අර්බුදයට මුහුණ දීමේදී රජයේ වගකිවයුත්තන් පෙරමුණ ගත යුතු බැවින්, පොදු එකඟතාවයකින් මෙම පියවර ගත් බව" අමාත්‍යවරයා අවධාරණය කළේය.

ගෝලීය බලශක්ති අර්බුදය සහ පවතින වියළි කාලගුණය හමුවේ ජලය හා විදුලිය සුරැකීම සඳහා රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන මෙන් ම රටේ සමස්ත පුරවැසියන් ද වගකීමෙන් යුතුව දායක විය යුතු බව අබයරත්න මහතා ප්‍රකාශ කරයි. 

අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ  සියලුම රාජ්‍ය ආයතන, පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඉන්ධන හා බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමේ වැදගත්කම පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.  
  
මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ, පවතින බලශක්ති ගැටලුව මෙන් ම වර්ෂාව අඩුවීම නිසා ඉදිරියේදී ඇති විය හැකි ජල හිඟයට මුහුණ දීම සඳහා රාජ්‍ය අංශයේ උපරිම දායකත්වය අත්‍යවශ්‍ය බවයි. මෙම අර්බුදය ජය ගැනීම සඳහා රාජ්‍ය අංශයේ දායකත්වයට අමතරව සමස්ත පුරවැසියන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා මෙහිදී පැවසී ය.

"ගෝලීය බලශක්ති අර්බුදය සමනය වන තෙක් රටක් සහ ප්‍රජාවක් ලෙස අප සැවොම මෙම අරපිරිමැස්මේ වැඩපිළිවෙලට අනුගත විය යුතුයි. නිවසේ අනවශ්‍ය විදුලි බල්බ නිවා දැමීම සහ ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීමේ වගකීම ඔබ සැමට තිබෙනවා."

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ සම්පූර්ණ ප්‍රකාශය මෙසේ ය.

" දැන් රටේ පවතින්නේ කිසියම් නියඟ තත්ත්වයක් සහිත උණුසුම් කාලගුණයක්. වර්ෂාව ලැබීම පිළිබඳව යම් යම් ගැටලු ඇති වෙයි කියන පුරෝකථනයන් ද තියෙනවා. ඒ නිසා දැනට පවතින ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා. ඒ නිසා අපි රාජ්‍ය ආයතන, පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඇතුළු හැම ආයතනයකටම මේ ගැන විශේෂයෙන් අවධානය යොමු කරලා, බලශක්තියයි ජලයයි අරපිරිමැස්මෙන් භාවිත කරන්න කියන පණිවිඩය රජය හැටියට ලබාදෙනවා. 

පහුගිය දවසක අපි පළාත් පාලන ආයතන ප්‍රධානීන් එක්කත් කතා කළා, කොහොමද ආයතන මට්ටමින් විදුලිය ඉතිරි කරගන්නේ කියලා. විශේෂයෙන්ම මේ වීදි ලාම්පු පාවිච්චි කරද්දී අපිට ගොඩක් විදුලිය ඉතිරි කරගන්න පුළුවන් කියලා අපි හඳුනාගෙන තියෙනවා. සමහර තැන්වල හුඟක් කලින් වීදි ලාම්පු දානවා අපි දැකලා තියෙනවා. ඒ නිසා වැඩිපුර ම විදුලිය පාවිච්චි වෙන හවස 6 ඉඳන් රෑ වෙනකල් කාලය ඇතුළේ පුළුවන් තරම් අරපිරිමැස්මෙන් ඉන්න ඕනේ. 

වීදි ලාම්පු දල්වන එක ටිකක් ප්‍රමාද කරලා විදුලිය ඉතිරි කරන්න අපිට පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට උදේටත් මේ ලාම්පු නිවන්නේ නැතුව තියෙනවා. ඒ නිසා උදෙන්ම ඒවා නිවා දමන්න වැඩපිළිවෙළක් හදන්න ඕනේ. මේ වැඩේට මිනිස්සුන්ගේ සහයෝගය ගන්නත් පළාත් පාලන ආයතනවලට පුළුවන්කම තියෙනවා.

ඒ වගේම ආයතනවල තියෙන අනවශ්‍ය විදුලි පංකා, විදුලි ලාම්පු නිවා දමන්නත්, විදුලි සෝපාන (lifts) පාවිච්චිය හැකිතාක් අඩු කරන්නත් පියවර ගන්න ඕනේ. වෙළඳ ප්‍රචාරක පුවරු සඳහා විදුලිය පාවිච්චි කරන කාලයත් අඩු කරන්න ඕනේ. මොකද ඒවට ගොඩක් විදුලිය යනවා. රෑ වුණාම ඒවා නිවා දාලා තියන්න අවශ්‍යයි. මේ රටේ රාජ්‍ය ආයතන වගේම හැම පුරවැසියෙක්ටම මේ මෙහෙයුමට දායක වෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඔබටත් යම් වගකීමක් තියෙනවා ගෙදර අනවශ්‍ය විදුලි පංකා, විදුලි පහන් නිවා දමලා හැකිතාක් අරපිරිමැස්මෙන් ගෘහස්ථ විදුලි  පාරිභෝජන ක්‍රියාවලියකට දායකවීමේ වුවමනාවකුත් තිබෙනවා. 

ගෘහස්ථ ජල පාරිභෝජන වුණත් අපි හැකිතාක් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් ජලය පාරිභෝජනය කරලා වාහන සේදීම වගේ කටයුතුවලටත් ගොඩක් ස්ථානවල භාවිත කරන්නේ පිරිසිදු කරපු පානීය ජලයමයි. ඒගේ සඳහා වෙනත් ක්‍රම භාවිත කරලා පානී ජලය අත්‍යවශ්‍ය කාර්යන්ට පමණක් පරිහරණය කරන්න කියන අපි පණිවිඩයක් දෙන්න කැමතියි. මේ ලෝක අර්බුදය සමනය වෙනකල් අපි රටක් විදිහට, එක ප්‍රජාවක් විදිහට මේ වැඩපිළිවෙළට අනුගත වෙලා වැඩ කරමු කියලා හැමෝගෙන් ම ඉල්ලනවා."  

5 Comments

  1. ලක්ස හැට අටක් තනියම කපාගත්තා මිට අවුරුදු එක හමාරකට ඉස්සර. දැන් ඉතින් කපාගන්න තියෙන්නේ ටැට දෙක තමයි.

    ReplyDelete
    Replies
    1. Man hithanne ube ata deka kawadawath thiyeena nathuwa athi..Ekane oya wage mari moda katha kiyanne

      Delete
    2. ලක්ශ හැට අටට කපා ගන්න කිව්වනම් හරි

      Delete
  2. පාහර බල්ලෝ, කාපියව් ගූ 😡🤮 මහජනතාවට කරන මේ අසීමාන්තික තාඩන පීඩන, අසාධාරණ බදු වලින් ජනතාව හූරා කෑමේ ප්‍රති විපාක තොපිට ඉතාම ඉක්මණින් විකිණීමට ලැබේවි යම ලෝකයේදී 😡🤮

    ReplyDelete
  3. okath uneg tom pachayak,kapgattha kiyala yatin gal; anhuwlai gatta komis wlai geanwa athi.petol gaha ganin kiyala daliyath denwa athine ussala

    ReplyDelete
Previous Post Next Post