බාල ගල් අගුරු නිසා නොරොච්චෝල අලු පෙරහන් විවෘත කරයි..


නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රයේ අළු පෙරහන් පද්ධතිය
(Fly Ash Filters) පවතින තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අක්‍රිය වී ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් බලාගාරයේ දුම් කවුළුවෙන් අතිවිශාල පියාසර අළු ප්‍රමාණයක් වායුගෝලයට මුදාහැරෙමින් පවතින අතර, එය දැවැන්ත පාරිසරික සහ සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය කරමින් පවතින බව බලශක්ති විශේෂඥ විදුර රලපනාව මහතා පෙන්වා දෙයි.

රලපනාව මහතා සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ, බලාගාරය සඳහා භාවිත කරන ගල් අඟුරුවල පවතින බාල ප්‍රමිතිය හේතුවෙන් මෙම තාක්ෂණික ගැටලු පැන නැගී ඇති බවයි.

ගල් අඟුරු දහනයෙන් පසු ඉතිරි වන අළු පෙරීම සඳහා ඇති පද්ධතිය අක්‍රිය වීම නිසා කිසිදු පාලනයකින් තොරව මෙම අළු වායුගෝලයට මුදාහැරෙමින් පවතී.

දුම් කවුළුවෙන් පිටවන අළු අවට පරිසරයට සහ වගාබිම්වලට දැඩි බලපෑම් එල්ල කරයි.

ප්‍රදේශවාසීන්ට සහ අවට ජනතාවට ශ්වසන පද්ධතිය ආශ්‍රිත දරුණු රෝගාබාධ ඇතිවීමේ අවදානමක් මේ හරහා නිර්මාණය වී ඇත.

මෙම තත්ත්වය හදිසි පාරිසරික සහ සෞඛ්‍ය අර්බුදයක් දක්වා වර්ධනය වෙමින් පවතින බැවින්, බලධාරීන් මේ පිළිබඳව වහාම අවධානය යොමු කළ යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.



7 Comments

  1. උඩ පැනගෙන මේ වැඩ බැරි කාලකන්නි ජෙවිපි හොර හැතිකරේට චන්දෙ දීපු උන් නැද්ද දැන්

    ReplyDelete
  2. දැඩි පරිසර හානියක්, අපේ මතු උපදින පරම්පරාවම අංගවිකල වෙන්න පුලුවන්. ජේවීපී සහෝදරවරු මේකට විරුද්ධව ජනතාව පෙරගස්වල මේ විනාශකාරී සාපයෙන් රට බේරගන්නව​.

    ReplyDelete
  3. Is this the reason for lower air quality index even in the Sabaragamuwa province which shows sensitive levels ?

    ReplyDelete
  4. This is completely fake .
    Misleading news

    ReplyDelete
    Replies
    1. 77 wasare sapaya. Balagara hadannathuwa hitiyanam hari

      Delete
  5. why the image or the vedios shared all the time having white smoke when it is telling black smoke ? is it something related to the cameras or our displays not propely working ?

    is there any statement from CEB on this regards from the engineers onsite ?

    ReplyDelete
  6. වරද මේවා හදපු උන්ගේ අම්ම පා 😂

    ReplyDelete
Previous Post Next Post