අනවශ්‍ය නම් ඉන්ධන ගන්න එපා.. භාවිතය සීමා කරන්න... බොරු කියන අය සොයා පොලිසිය එවනවා...

 


ලෝක පරිමාණයේ පවතින බලශක්ති අර්බුදය හමුවේ රජය ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට සහ අසත්‍ය තොරතුරු පතුරුවමින් මහජනතාව නොමඟ යැවීමට උත්සාහ කරන පිරිස්වලට එරෙහිව පැකිළීමකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝකයේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් උච්ඡාවචනය වෙමින් පවතින අතර, සැපයුම් ජාලයන්ටද බාධා එල්ල වී තිබේ.

මෙම තත්ත්වය කළමනාකරණය කරගැනීමට සහ රටේ ආර්ථිකයට සිදුවන බලපෑම අවම කරගැනීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු සහ දුස්තොරතුරු පතුරුවමින් සිටින බව රජය නිරීක්ෂණය කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

"කඩාකප්පල්කාරී ලෙස යම්කිසි කෙනෙක් වැරදි තොරතුරු, දුස්තොරතුරු සමාජගත කරමින් මේ සාමකාමී තත්ත්වය බිඳ දැමීමට උත්සාහ කරනවා නම්, ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපි පැකිළෙන්නේ නැහැ. දේශපාලන, ව්‍යාපාරික හෝ කුමන අරමුණකින් වුවද සාමකාමී තත්ත්වයට හානි කරන්නන්ට එරෙහිව පොලිසිය හරහා නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවා".

වර්තමාන තත්ත්වය 2022 වසරේ පැවති අර්බුදයට සමාන කිරීමට ඇතැමුන් උත්සාහ කළද, මෙය ඊට වඩා හාත්පසින්ම වෙනස් ගෝලීය අර්බුදයක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

2022 වසරේදී ඉන්ධන මිලදී ගැනීමට ඩොලර් නොමැති වුවද, වර්තමානයේ පවතින්නේ මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඉන්ධන නිෂ්පාදනයට සහ නාවික ගමනාගමනයට එල්ල වී ඇති බාධාවන් නිසා පැන නැගී ඇති තත්ත්වයක් බව ඔහු පැහැදිලි කළේය.

ඉන්ධන පරිභෝජනය යම් ප්‍රමාණයකට සීමා කරගැනීම සඳහා රජය හඳුන්වා දී ඇති QR කේත ක්‍රමවේදයට අනුගත වන ලෙසත්, අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කිරීමෙන් වැළකී සිටින ලෙසත් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම, රජය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිල වශයෙන් නිකුත් කරන තොරතුරු කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙසත්, මූලාශ්‍රයක් තහවුරු කළ නොහැකි අසත්‍ය පුවත් මත පදනම්ව කලබලයට පත් නොවන ලෙසත් රජය මහජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි

10 Comments

  1. තිබහටයි , ඔලුවේ ගාන්නයි කොටුවක් පනිනකොට ගාලා අරින්නයි කියලා පෙට්‍රල් ගැලුමක් , ඩීසල් ගැලුමක් ගන්න කියලා බැලුවෙ දොස්තර මහත්තයෝ.

    ReplyDelete
  2. කට්ටිය බලාගෙන. පැලවත්තේ පොලීසිය එන්නේ.

    ReplyDelete
  3. නොදකින් මුන් ටික නම්.....

    ReplyDelete
  4. ඕක ඉස්සර ක්‍රියාත්මක කරානම් තොපි සෙට් එක ඉතාමත් හිරේ

    ReplyDelete
  5. අනවශ්‍ය නම් මොනවටද පෝලිමේ ඉඳලා තෙල් ගහ ගන්නෙ.? උඹලට පිස්සු වුනාට රටේ මිනිස්සුන්ට නම් පිස්සු නෑ.
    අශාවට මිනිස්සු පෝලිමේ ඉන්නෙ නෑ හලෝ.. පුළුවන් නම් ඔය කතාව තෙල් පෝලිමේ ඉන්න කෙනෙක්ට කියනවකො ඇවිත්.. හොඳවයින් ලුණු ඇඹුල් ඇතුව අහගන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  6. මුන්ට ලූස්.

    ReplyDelete
  7. මුන්ට ලූස්.

    ReplyDelete
  8. ගෝටා මාමේ ...රනිල් සියේ ....අපේ රට බේරගන්න

    ReplyDelete
  9. කාන්චන ඇමතිතුමාල නොහිටින්න අපිත් සුන්, මුන් කොහොමත් සුන්.

    ReplyDelete
  10. කැවුම් බදින්න තෙල් ටිකක් ගන්න බැලුවේ. දැන් ඒකත් හරි යන්නේ නැහැ.

    ReplyDelete
Previous Post Next Post