මැදපෙරදිග කලාපයේ පවතින යුධමය තත්ත්වය හමුවේ වුවද, ඉදිරි උත්සව සමයේදී මෙරට තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති නොවීමට රජය අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
විශේෂයෙන් මෙතෙක් ඉරානය හරහා මෙරටට ආනයනය කළ හාල්මැස්සන් සැපයුමට මැදපෙරදිග යුධ වාතාවරණය හේතුවෙන් බාධා එල්ල වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ හේතුවෙන් පාරිභෝගිකයාට අවශ්‍ය හාල්මැස්සන් බාධාවකින් තොරව ලබාදීම සඳහා මේ වන විටත් තායිලන්තයෙන් හාල්මැස්සන් ආනයනය කිරීමට ආනයනකරුවන් කටයුතු කරමින් සිටින බව ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ඉන්දියාව ඇතුළු ආසන්න රටවලින් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන බැවින් ආහාර සැපයුමට දැනට විශාල බාධාවක් නොමැති බවයි.
කෙසේ වෙතත්, දේශීය ධාන්‍ය අස්වැන්න ලැබීමට තවත් මාස හය හතක පමණ කාලයක් ගතවන බැවින්, එම කාලය තුළ වෙළඳපොළේ ධාන්‍ය හිඟයක් ඇති නොවීමට අවශ්‍ය පියවර ගෙන ඇත. ඒ අනුව, ඇතැම් ධාන්‍ය වර්ග බදු සහන සහිතව ආනයනය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට තීරණය කළ බවද අමාත්‍යවරයා පැවසීය.
රටේ අපනයන ක්ෂේත්‍රය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ජනවාරි මාසය තුළ පමණක් මෙරටින් ඩොලර් මිලියන 4ක මත්ස්‍ය අපනයනයක් සිදු කර ඇති බවයි. මෙම අපනයන කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ සිවිල් ගුවන් සේවා බලධාරීන් සමඟ සාකච්ඡා කර විශේෂ එකඟතාවන්ට පැමිණ ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අනුව, මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ වුවද, ඉදිරි උත්සව සමයේදී ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලබාදීමට රජය පූර්ණ සූදානමකින් පසුවන බව වෙළඳ අමාත්‍යවරයා සහතික විය

ithihase epa, uthura epa apita halmassonam onamai
ReplyDelete