ඉන්ධන මිල වැඩි කලාට ජන ජීවිතේට ලොකු බලපෑමක් නෑ..- ඇමති

 


ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අසීමිත ලෙස ඉහළ ගොස් තිබුණද, රජය මැදිහත් වී මෙරට ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන බව අමාත්‍ය උපාලි පන්නිල මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය හමුවේ වුවද ජන ජීවිතයට විශාල බලපෑමක් එල්ල වීමට ඉඩ නොතබා කටයුතු කරන බවයි.

භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 20,000ක සහනාධාරයක් ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාම හමුවේ වුවද ඉන්ධන මිල පාලනය කර ගැනීම සඳහා රජය භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 20,000ක මුදලක් වැය කර ඇති බව අමාත්‍යවරයා අනාවරණය කළේය.

මෙරට ඉන්ධන වෙළඳපොළෙන් 57%ක් රජය හරහා පාලනය වන අතර 43%ක් පෞද්ගලික අංශය සතු බවත්, පෞද්ගලික අංශයේ මිල වැඩිවීම් වැළැක්විය නොහැකි වුවද ජනතාවට දරාගත හැකි මිලකට ඉන්ධන ලබා දීමට රජය මැදිහත් වන බවත් හෙතෙම සඳහන් කළේය.

 වර්තමානයේ පවතින බොරතෙල් ලබාගැනීමේ ගැටලු සහ පිරිපහදු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, බොරතෙල් හිඟ වුවහොත් පිරිපහදු කළ ඉන්ධන ලබා ගැනීමට සිදු වන බවයි.

එමෙන්ම විදුලිය උත්පාදනය සඳහා ද ඉන්ධන අත්‍යවශ්‍ය වන බැවින්, බලශක්තිය ඉතා පිරිමැස්මෙන් යුතුව භාවිත කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙය මෙරට ආර්ථික කළමනාකරණයේ ගැටලුවක් නොව ගෝලීය අර්බුදයක් බව වටහා ගත යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

"අනවශ්‍ය ලෙස පෝලිම්වල රැඳී සිටිමින් පීඩාවට පත් වෙන්න එපා. අපි අඛණ්ඩව ඉන්ධන සහ බලශක්තිය ලබා දීමට කටයුතු කරනවා," යැයි පැවසූ අමාත්‍යවරයා, අත්‍යවශ්‍ය ආහාර පාන ඇතුළු අනෙකුත් සේවාවන් ද ඉතා මැනවින් පවත්වාගෙන යන බව වැඩිදුරටත් සඳහන් කළේය.

17 Comments

  1. මූට පිස්සු.

    ReplyDelete
  2. පිස්සු Hu---

    ReplyDelete
  3. Ow mahattayo jeevitheta vitarai tavama mukuth une natthe ( gon balla)

    ReplyDelete
  4. කලින් මේ අය කියපු ඒවා මතක් වෙනකොට මොන පැත්තෙන් හිනාවෙන්නද කියන බික්කුච්චන් එක මතුවෙනවා....

    ReplyDelete
  5. පාහර, ත්‍රස්තවාදී, දේශද්‍රෝහී ජෙප්පා 😡🤮 මුන් අපේ බදු මුදලින් නඩත්තු වෙමින් ජනතාවට කෝචෝක් දාන හැටි 😡🤮 මුන්ට ගහලා පන්නන්න කාලය හරි

    ReplyDelete
  6. අඩු කුලේ, ලිංමැඩි, ත්‍රස්තවාදී, තවත් පචෝරිස් ජෙප්පෙක් 🤮 මුන්ව ගහලා පන්නා දමා රට බේරාගනිමු!

    ReplyDelete
  7. තොපි වගේ මූසල කාලකණ්නි රටේ ඇමතිලා වෙලා ඉන්නකොට ලෝකයටම කෙලවෙලා යනවා.

    ReplyDelete
  8. තොපි වගේ මූසල කාලකණ්නි රටේ ඇමතිලා වෙලා ඉන්නකොට ලෝකයටම කෙලවෙලා යනවා.

    ReplyDelete
  9. ඩේටා එන්ට්‍රි ඔපරේටර්ස් ඇබෑර්තු. ඉහළ වැටුප්. වහාම වාර්තා කරන්න. මෙයට, Raul with Hichchi

    ReplyDelete
  10. UBE ammata da miniho balapak nathhe .... kata pahanawa ballage

    ReplyDelete
  11. මේ වගේ මී හරක් ද තොපි පත්කර ගත්තේ

    ReplyDelete
  12. පාන් ගෙඩියෙ ඉදල මිල වැඩිවෙනවා. ජන ජීවිතයට බලපැමක් නැලු. කොහෙද දන්නැ ජීවත් වෙන්නෙ. බදු සල්ලි වලින් ඔක්කොම නිකන් ලැබෙනකොට නම් ප්‍රශ්නයක් නැ. කොහොම උනත් විදුලි නිශ්පාදනයට අමතරව වැය වන මුදල් ටෙන්ඩර් දාපු අයගෙන් අයකලානම් හරි.. අර හොරු ඇල්ලුවාවගෙ නැතිව ... පොහොසත් රටක් ලස්සන ජීවිතයක් එක පොකුරට රට අනුර

    ReplyDelete
  13. ඔන්න තව වාචාල ඇමැති yek.

    ReplyDelete
  14. ok sir repects sir, sorry OK SAHODARAYA, RESECT SAHODARAYA

    ReplyDelete
  15. කාගේ දරුවෙක්ද බන් මූ. මුන් විපක්ශේ ඉඳිද්දී රුපියල් 5ක් වැඩි කලොත් ජන ජීවිතේ විනාස වෙනවා.

    ReplyDelete
Previous Post Next Post