ෂෙඩ් රැසක ඉන්ධන අවසන්..

 


රට පුරා ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන් වී ඇති බව වාර්තාකරුවෝ පවසති.

ඉන්ධන පරිභෝජනය සීමා කිරීමේ අරමුණින් රජය විසින් QR ක්‍රමවේදය ක්‍රියාත්මක වීමත් සමඟ, අද (15) පෙරවරුවේ සිටම පිරවුම්හල් අසල පෝලිම් දක්නට ලැබුණි.

ජනතාව විශාල වශයෙන් ඉන්ධන ලබා ගැනීමට පැමිණීම හේතුවෙන් බොහෝ පිරවුම්හල්වල තොග වේගයෙන් අවසන් වී ඇති අතර, ඒ පිළිබඳ දැනුම්දීමේ පුවරු ද ප්‍රදර්ශනය කර තිබෙනු දක්නට ලැබිණි.

කෙසේ වෙතත්, ඉදිරි නව ඉන්ධන තොග ලැබුණු වහාම බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බව පිරවුම්හල් හිමියන් ප්‍රකාශ කර සිටී.

5 Comments

  1. පතිරණ ඍෆඤඪඅඃඎඣඪ ගලප්පත්තිMarch 15, 2026 at 10:42 PM

    කවුරුවත් කලබල වෙන්ඩ එපා. නිදහස් අධ්‍යාපනයේ පවර් එකෙන් ගානට `බැලනස්' කරල AKD ගේම දෙනව.

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්ති (Original)March 16, 2026 at 12:56 AM

      ඔව්, කලබල වෙන්ඩ එපා, කලට වේලාවට කිව්.ආර්. කෝඩ් එක අරගෙන ආවේ ප්‍රශ්ණයක් වෙන් නැති වෙන්ඩ වැඩ කරන්ඩ. තවත් බොහෝ කටයුතු සිද්ධ වෙනවා. කිසිම විදියකින් ගෝඨා ගේ කාල වගේ වෙන් නෑ, බය නැතුව හිටිං. නිකම් ටිකක් උඩ පැනපන්, පොඩි ආතල් එකක් ගනිං, ඔච්චරයි බොලාට ඉතුරු වෙන්නෙ.

      Delete
    2. පතිරණ ගලප්පත්ති (Unreal)March 16, 2026 at 1:31 AM

      අපිටනම් භය වෙන්ඩ කිසිම හේතුවක් නෑ කිසිම හිඟයක් නෑ අපිට භය මුන් කියපු බින්න බේගල් වලට රැවටිලා මුන්ට ඡන්දෙ දුන්න අපේ රටේ මිනිස්සුන්ට.

      Delete
  2. කවුද හිතුවෙ මුන්ට මෙච්චර ඉක්මනට දිට්ඨධම්ම වේදනීය කර්මය පලදෙයි කියල.

    ReplyDelete
  3. Pada jeppanta puka diipu unta den sapadaa?

    ReplyDelete
Previous Post Next Post