රාජ්‍ය සේවය විධිමත් ලෙස පවත්වාගෙන යාම සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ දෙවැනි රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මහජනතාවට රජයේ සේවා බාධාවකින් තොරව ලබා දීම සහ රාජ්‍ය සේවකයන් මුහුණ දෙන ගැටලු මඟහරවා ගැනීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
එසේම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන, සෞඛ්‍ය, අධ්‍යාපන, අධිකරණ යන අමාත්‍යාංශවල සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධව මෙහිදී සාකච්ඡා කෙරණු අතර, ඒ අනුව නියමිත පරිදි විභාග පැවැත්වීම සහ රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ බාධවකින් තොරව සැපයීම සහතික කිරීමට තීරණය කෙරිණි.
මගී ප්‍රවාහන සේවා සහ දුම්රිය ප්‍රවාහන පද්ධතියේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද අවධානය යොමු විය.
මීට අමතරව නිවසේ සිට වැඩි කිරීම සහ පවතින සේවා වඩාත් වේගවත් කිරීම සඳහා ඩිජිටල් සේවා පද්ධති හඳුන්වාදී දීමටත්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ එම කටයුතු අධීක්ෂණය කිරීමටත් මෙහිදී අවධානය යොමු විය.
සියලුම අමාත්‍යාංශවල සහ දෙපාර්තමේන්තුවල වත්මන් බලශක්ති කළමනාකරණ කටයුතු පිළිබඳ සොයා බලා අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කිරීමට පියවර ගන්නා ලෙසද මෙහිදී උපදෙස් දෙන ලදී.

මහින්ද ජයසිංහ අවුරුදු 23ක් ගෙදර ඉදන් ගුරුවරයෙක් හැටියට වැඩ කරලා ආන්ඩුවෙන් පිංපඩි ගත්ත විදිහටම සියලු රජයේ සේවකයන්ද ගෙදර ඉදන් වැඩ කරමු. රට අපූරුවට දියුනු වේවි.
ReplyDeleteඅධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගේ තමන්ගේ ෆීල්ඩ් එකේ ම වැඩක් කරන්න ගිහින් නාගත්ත නාගැනීමෙන්ම මෙයා ගේ කැපෑසිටිය පෙනුනා
ReplyDeleteඑහෙව් එක්කෙනාට තමයි අර්බුදකාරී වෙලාවක වගකීම් පවරලා තියෙන්නේ
Ganiye war eke hinda da dan wfh api balamu dan war eke iwara unahama mokada wenne kiyala .... me meka dala yanawada yanne
ReplyDeleteසත පහක වැඩක් රජයේ කාර්යාල වල කෙරෙන්නෙ නෑ. අගමැතිතුමිය අද්යාපන කලාප කාර්යාල වලට ගිහින් බලන්න අගහරුවාදා සදුදා සිකුරාදාත් සීට් වල මොකෙක්වත් නෑ. එන්නෙ පරක්කු වෙලා. හයියෝ. ඉතින් ගෙදර ඉදන් වැඩ කරයිද කාර්යාල වල මොනිට වෙන්නෙ නැති අය.
ReplyDeleteniwase siata hukanaaa berida?? meeta පතිරණ රාජපක්ෂ ගලප්පත්ති ponnaya
ReplyDelete