මැදපෙරදිග කලාපයේ ක්‍රියාත්මක අමෙරිකානු F-35 ප්‍රහාරක යානයක් ඉරාන ප්‍රහාරයකට ලක්ව බරපතල හානි සිදුවීමෙන් පසු, එරට පිහිටි අමෙරිකානු ගුවන් හමුදා කඳවුරකට හදිසි ගොඩබස්වා ඇති බව වාර්තා වේ.
ඉරානය සමඟ පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ අමෙරිකානු ප්‍රහාරක යානයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ.
අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානයේ ප්‍රකාශක කපිතාන් ටිම් හෝකින්ස් ප්‍රකාශ කළේ, මෙම පස්වන පරම්පරාවේ ස්ටෙල්ත් වර්ගයේ ප්‍රහාරක යානය ඉරානයට ඉහළින් සටන් මෙහෙයුමක නිරතව සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි. ප්‍රහාරයෙන් පසු යානය ආරක්ෂිතව ගොඩබස්වා ඇති අතර, එහි නියමුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද ඔහු තහවුරු කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් දැනටමත් ආරම්භ කර ඇත.
පසුගිය පෙබරවාරි අගභාගයේදී ආරම්භ වූ මෙම යුදමය වාතාවරණය තුළ අමෙරිකාව සහ ඊශ්‍රායලය යන දෙපාර්ශ්වයම F-35 යානා මෙහෙයුම් සඳහා යොදා ගනී. එක් යානයක පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 100කට අධික වේ.
මෙම ප්‍රහාරය වාර්තා වන්නේ ඉරානයට එරෙහි මෙහෙයුම් සාර්ථක වී ඇති බවට අමෙරිකානු ඉහළ පෙළේ නිලධාරීන් ප්‍රකාශ කරමින් සිටින පසුබිමකය.
පිට් හෙග්සෙත් අමෙරිකානු ආරක්ෂක ලේකම් අමෙරිකාව තීරණාත්මක ජයග්‍රහණ ලබමින් සිටින බවත්, ඉරානයේ ගුවන් ආරක්ෂක පද්ධති අඩපණ කර ඇති බවත් බ්‍රහස්පතින්දා උදෑසන ප්‍රකාශ කර තිබුණි.
මෙම සිද්ධියට සමගාමීව, මැදපෙරදිග බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් සහ ස්වභාවික වායූ මිල ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.
මෙම ගැටුම් හේතුවෙන් අමෙරිකානු ගුවන් හමුදාවට අයත් ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී අනතුරට පත්ව එහි සිටි පුද්ගලයින් හය දෙනෙකු මියගොස් ඇති අතර, ගින්නක් හේතුවෙන් අමෙරිකානු ගුවන් යානා වාහක නෞකාවක්ද අලුත්වැඩියාව සඳහා යුද කලාපයෙන් ඉවත් කර ඇත.

බරපතල හානියක් නෑ. ඇමරිකන් විරෝධීන් චූන් කිරීම කලාවක් නම්, සී නිවුස් එහි පිකාසෝ ය. ප්ලේන් එක ගොඩ බෑවා කිසි අවුලක් නෑ. පැයක රෙපෙයාර් එකක් තිබුණේ, දැන් ආපහු airworthy ඇන්ඩ් ඔපරේෂන් රෙඩි.
ReplyDeleteවිමලයාගෙ ගෝලයොන්ට හරිම චූන් මේවගෙ news වලට. තෙත් වෙලා යනවා ඇති
Deleteහහ් හා... ඔව් ඔව් සහතික ඇත්ත.
Deleteඌ කොමෙන්ට් එකක් දානව නමින්. ඒක තහවුරු කරන්ඩ ඊළඟට එකක් දානව නම නැතිව.
Deleteඒක තවත් තහවුරු කරන්ඩ ආයෙත් එකක් දානව කලින් නමින්ම.
ජෙප්පො එතෙන්ටත් සුපුරුදු ගොබෙල්ස් න්‍යායම පාවිච්චි කරනව.
ඔය තේරුණේ ටොප් එකට. ඔය වගේම තමා ලෝක ආර්තිකෙත් බොලාට තේරෙන්නෙ.
Deleteලෝක ආර්ථිකේ අපිට කන්ඩද බන්?
Deleteකන්ඩ නෙවේ යකෝ තෙල් ගහන්ඩ.
Deleteඋඹලට තෙල් ගහන්ඩ අහේනියක් ඇති. මටනම් එහෙම අහේනියක් නෑ.
Deleteඇයි ඔයි ඔය පුංචි ප්ලේන් එකට මිසයිල් එකක් වැ දුන නම් ඕක ගොඩබාන්න පුළුවන් වෙනවා ද? විමල් මොකද මේ අන්තවාදීන්ට කඩේ යන්නේ
ReplyDelete