පාස්කු ප‍්‍රහාරය ගැන FBI පරීක්‍ෂණ වාර්තාවේ නැති සුරේෂ් සලේගේ නම CIDයෙන් දාලා..


 පාස්කු ප්‍රහාරය පිළිබඳ FBI විමර්ශනය කළ රාජ් පටෙල්ට ඒ සඳහා ඇමරිකාවේ හොඳම සම්මානය හිමිවුණු අතර එම FBI විමර්ශන වාර්තාවේ නොතිබුණු සුරේෂ් සලේගේ නම CIDය මේ වනවිට ඈදා ගන්නේ කෙසේද යන්න සැක සහිත බව හිටපු ඇමැති සරත් වීරසේකර මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී හිටපු ඇමැති සරත් වීරසේකර මහතා මෙසේද පැවසීය.

“නිකරුණේ අත්අඩංගුවට ගත්, නිරෝගී පුද්ගලයෙක්ව සිටි සුරේෂ් සලේ ජෙනරාල්වරයා අද තදබල ලෙස රෝගාතුර වී රෝහල්ගතකර තිබෙනවා. ජනාධිපතිතුමා ජයවර්ධනපුර රෝහලේ ජනාධිපතිවරුන්ට වෙන්වෙච්ච ඇඳ ජනතාවට දෙනවා කියලා ප්‍රකාශ කර තිබෙනවා. එසේනම් අපි යෝජනා කරනවා සුරේෂ් සලේට ඒ ඇඳ ලබාදීලා ප්‍රතිකාර කර ඔහුව සුවපත් කරන්න කියලා. ඒ මන්ද අසාධාරණ ලෙස අත්අඩංගුවට ගත් සුරේෂ් සලේව ඒ අත්අඩංගුවට ගැනීම තුළින් රැස්කරගත් පවුකන්දරාව යම්තාක් දුරට හෝ සමනය කරගන්න පුළුවන් වෙයි එසේ කළොත්.

මේ ත්‍රස්තවාදය ජයගන්න ඉතා තදබල අමිල සේවයක් කළ සුරේෂ් සලේව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරගෙන මෙසේ සිරගත කිරීම ඉතාම කුහක, ගුණමකු, දේශද්‍රෝහි ක්‍රියාවක් ලෙස අපි සලකන්නේ. ජනාධිපති කොමිසම, වෙනත් කොමිසම් හයක් හතක් තිබුණා, ඒ සෑම එකෙන්ම කිසිදු දවසක සුරේෂ් සලේගේ නම සඳහන්ව තිබුණේ නැහැ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්.

ඒ වගේම ලෝක ප්‍රසිද්ධ විමර්ශන ආයතනයක් වන FBI එක, විදේශීය ආයතන රැසක විමර්ශනවල කිසිදුතැනක සුරේෂ් සලේගේ නම සඳහන් වී තිබුණේ නැහැ. ඒ වගේම FBI විමර්ශනය කළේ රාජ් පටෙල් නමැති පුද්ගලයා. ඒ රාජ් පටෙල්ට ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ ඒ ඇමරිකාවේ ඒ විමර්ශනය පිළිබඳව ඒ වසරේ තිබුණ හොඳම සම්මානය ලැබුණා. ඒ හොඳම සම්මානය හිමිවුණු FBI විමර්ශන වාර්තාවේ නොතිබුණු සාක්ෂි අද කොසේද CID එකේ සුරේෂ් සලේට විරුද්ධව තිබෙන්නේ.

- එරික් ගාමිණී ජිනප්‍රිය

6 Comments

  1. Making diaspora happy is not easy: AKD

    ReplyDelete
    Replies
    1. පතිරණ රාජපක්ෂ ගලප්පත්තිMarch 28, 2026 at 8:18 PM

      වැඩිය කෑගැහුවොත් ගෝඨවත් ඇතුලට දාල පෙන්නනව diaspora එක සතුටුකරන්න. AKD මොලයෙන් හිමීට ගේම දෙනව.

      Delete
    2. පුංචි මොළ වලින් හිමීට තමා ගේම දෙන්නේ වෙන්නෙ
      අන්තිමේ ලංකාවටත් ඇඩ්‍රස් නැති වෙන්නම දෙනවා

      Delete
  2. මේ වගේ තුච්ච ම්ලේච්ච ආන්ඩුවක් ඉතිහාසෙ කිසිදා කිසිම රටක දැක නෑ.

    ReplyDelete
  3. කව්ද බලාපොරොත්තු වෙන්නේ තිරිසන් ගල්කටස් ජෙප්පොන්ගෙන් ඈත්ත කතා කරන්න පච රෑල...(LTTE diaspora) කොටින්ගේ ඉල්ලීම් විතරයි මේ JVP ද්‍රෝහීන් කරන්නේ .

    ReplyDelete
Previous Post Next Post