වෙළෙඳාම, විදේශ විනිමය ප්‍රේෂණ සහ සංචාරක යන අංශ හරහා මැද පෙරදිග යුදමය තත්ත්වයට ශ්‍රී ලංකාව සැලකිය යුතු ලෙස නිරාවරණය වී ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජූලි කොසැක් මේ බව පවසා ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථික ඉදිරි දැක්මට ඉන් බලපෑමක් විය හැකි බව ද ඇය සඳහන් කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් මාර්තු 26 වැනිදා සිට අප්‍රේල් 9 වැනිදා දක්වා මෙරට සංචාරයක නිරත වීමට නියමිතය.
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය වැඩසටහනට අදාළ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට එම පිරිස පැමිණෙන අතර එහිදී එම ණය වැඩසටහන යටතේ ඒකාබද්ධ 5 වන හා 6 වන සමාලෝචනයන් සම්පූර්ණ කිරීම මෙවර සංචාරයේ ප්‍රධාන අරමුණ වී ඇත.
එම සාකච්ඡාවල කොටසක් ලෙස, මැදපෙරදිග යුද ගැටුම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති කළ හැකි බලපෑම වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා අයිඑම්එෆ් කණ්ඩායම ශ්‍රී ලංකා බලධාරීන් සමග සම්බන්ධ වනු ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Divaina

ලප සාපය රටටම වැදිලා.
ReplyDeleteලංකාවේ සියළු පුරවැසියන් වහා ආරක්ෂිතව මැද පෙරදිගින් පමා නොවි දැන්වත් ඉවත් කර ගන්න
Deleteලපයා අවුරුදු කන්න ලෑස්ති උනා විතරයි අවුරුද්දත්විනා ස වෙලා ගියා
ReplyDeleteලප සාපෙම තමයි. මුන්ගෙ අවුරුදු නැකැත් වලට අවුරුදු සමරන්න එපා. කෙල වෙනවා එකෙන්ම. හරිම මූසල ආන්ඩුවක්
ReplyDeleteකෙබර කොටා, ගංකබරයා හිතාගෙන ඉන්නෙ දවසකට පැයක් විතර පච ටොන් ගණනක් ඇදබෑවාම රට දියුණු වෙනවා කියල.
ReplyDeleteලංකාවේ සියළු පුරවැසියන් වහා ආරක්ෂිතව මැද පෙරදිගින් පමා නොවි දැන්වත් ඉවත් කර ගන්න
ReplyDelete