මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් භූ-දේශපාලනික තත්ත්වය හමුවේ දේශීය ඉන්ධන සංචිත සුරක්ෂිත කර ගැනීමේ පියවරක් ලෙස, රජය විසින් අද (15) අලුයම 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි නැවතත් ජාතික ඉන්ධන බලපත්‍ර (QR) පද්ධතිය හඳුන්වා දී ඇත.
මෙම හදිසි තීරණයත් සමඟ අද උදෑසන සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල දිගු වාහන පෝලිම් දක්නට ලැබුණු බව වාර්තා වේ.
බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ලෝක වෙළඳපොළේ ඇතිවිය හැකි බලපෑම් සැලකිල්ලට ගනිමින් පූර්ව ආරක්ෂණ පියවරක් ලෙස මෙම ක්‍රමය යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවයි.
බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත්, පද්ධතිය මඟින් නියම කර ඇති සීමාවන් තුළ ඉන්ධන ලබාගැනීමට සහයෝගය දක්වන ලෙසත්ය.

This is very amazing!
ReplyDeleteWhat we experienced during the reign of Mr. Gotabaya is now being repeated !
What is this ....What a Mystery!!!
රටේ බහුතරයක් ඉන්ධන පිරවුම්හල් මේ වනවිට වසා ඇත. ඉන්ධන නැත.
ReplyDeleteගෝටාබය මැතිතුමා ට වට කරල ගහල ඊර්ෂ්‍යාව ට කාදිනල් එක්ක එකතු වෙලා රට සල්ලි එවන්න එපා කියල රට වැට්ටුවා. එහෙම තිටිසන්නු අද රට පාලනය කරන්නේ. දේශපාලනය නොකල කෙනෙක් නිසා එතුමා කට්ට කම් නොදැන සිටියා. කිසිවෙක් උදව් කරේ නෑ. දන් විදවපල්ලා. ෆෙරාරි අලුත් ගෙවල් දරුවන්ගේ අනාගතය ඔක්කොම හීන වලවත් නෑ.
ReplyDelete