පොහොර දෙන්නෙත් QR ක‍්‍රමයට.. චීනයෙන් නැවක් ඇණැවුම් කලා..


පොහොර බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා
QR කේත ක්‍රමය හඳුන්වා දීමට පියවර ගන්නා බව රටේ පොහොර සැපයුම සහ ඉදිරි සැලසුම් පිළිබඳව කොළඹදී මාධ්‍ය දැනුවත් කරමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසා සිටියේය.

පොහොර නිකුත් කිරීම සඳහා QR කේතයක් භාවිත කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත්, ඒ වෙනුවෙන් දැනටමත් ඉදිරිපත්ව ඇති යෝජනාවකට අනුව නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ වන විට දිවයින තුළ ප්‍රමාණවත් පොහොර සංචිත පවතින බැවින් කිසිදු හිඟයක් ඇති නොවන බව තහවුරු කළ අමාත්‍යවරයා, ඇතැම් පෞද්ගලික අංශ සහ අතරමැදියන් විසින් රුපියල් 12,000 – 13,000 වැනි අධික මිල ගණන්වලට පොහොර අලෙවි කරමින් පාරිභෝගිකයා සූරාකෑමට ලක් කරන බව පෙන්වා දුන්නේය.

අසාධාරණ ලෙස මිල ඉහළ දැමීමෙන් වළකින ලෙස අදාළ ආයතනවලට දැනුම් දී ඇති අතර, මේ සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ සක්‍රීය මැදිහත්වීම අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය.

පවතින වගා කන්නය තුළ පොහොර සම්බන්ධ ගැටලුවක් මතු නොවනු ඇතැයි සහතික කළ අමාත්‍යවරයා, එළඹෙන මැයි මාසය වන විට චීනයෙන් අතිරේක පොහොර තොගයක් ලබා ගැනීමට කටයුතු සූදානම් කර ඇති බවද වැඩිදුරටත් පැවසීය.

9 Comments

  1. මොන හුත්තක්ද පකෝ දැන් කියන්නේ . තොපි මරාගෙන මැරෙනවා . තොපි සිංහල බවුද්ද රට වනසන්න ආපු වනචර ජෙප්පෝ

    ReplyDelete
  2. පතිරණ ඥඣඪඤඪඅඃඎඍෆ ගලප්පත්තිMarch 15, 2026 at 10:46 PM

    කවුරුවත් කලබල වෙන්ඩ එපා. නිදහස් අධ්‍යාපනයේ පවර් එකෙන් ගානට `බැලනස්' කරල AKD ගේම දෙනව.

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්ති (Original)March 16, 2026 at 12:57 AM

      ඔව්, කලබල වෙන්ඩ එපා, කලට වේලාවට කිව්.ආර්. කෝඩ් එක අරගෙන ආවේ ප්‍රශ්ණයක් වෙන් නැති වෙන්ඩ වැඩ කරන්ඩ. තවත් බොහෝ කටයුතු සිද්ධ වෙනවා. කිසිම විදියකින් ගෝඨා ගේ කාල වගේ වෙන් නෑ, බය නැතුව හිටිං. නිකම් ටිකක් උඩ පැනපන්, පොඩි ආතල් එකක් ගනිං, ඔච්චරයි බොලාට ඉතුරු වෙන්නෙ.

      Delete
    2. පතිරණ ගලප්පත්ති(Unreal)March 16, 2026 at 1:29 AM

      අපිටනම් භය වෙන්ඩ කිසිම හේතුවක් නෑ, කිසිම හිඟයක් නෑ. අපිට දුක මුන් කියපු බින්න බේගල් වලට රැවටිලා මුන්ට ඡන්දෙ දුන්න අපේ රටේ මිනිස්සුන්ට.

      Delete
  3. කවුද හිතුවෙ මුන්ට මෙච්චර ඉක්මනට දිට්ඨධම්ම වේදනීය කර්මය පලදෙයි කියල.

    ReplyDelete
  4. QR code eka gahaganing thooge pukee

    ReplyDelete
  5. මූත් චීනයෙන් ගූ නැවක් ගේනවාද දන්නෑ.

    ReplyDelete
  6. පතිරණ ගලප්පත්තිMarch 16, 2026 at 1:02 AM

    කොහොමද ගෝඨාගෙ කාලෙ. පොහොර තහනම් කලා. ඕගනික් වවපන් කිව්ව. තේ කර්මාන්තෙත් හාංසි, හේන් ගොවිතැනත් ඉවරයි, වී වගාවත් විනාසයි, පොල්, රබර් කම්මුතුයි. පොල් නම් කම්මුතු වුණේ ගෝඨා ඉහළ ධනවතුන්ට ඉතාම අඩු පොළි අනුපාතයකට ඉඩම් මිළදී ගන්ඩ ණය දුන්න නිසා. කොහොම හරි අන්තිමට කන්ඩ බොන්ඩත් නැති කලා එතුමා. ඒත් මේ ආණ්ඩුව ගාණට වැඩේ බැලන්ස් කරණවා, පට්ට.

    ReplyDelete
    Replies
    1. හැක හැකMarch 16, 2026 at 2:03 AM

      ඇයි කෝවිඩ් කාලෙ  ගෝඨා පවුලකට සති දෙකකට දුන්න රුපියල් දහදාහ
      මදිවුනාද කන්ඩ?
      සහන මිලට දුන්න පරිප්පුයි, සැමනුයි එක්ක බත්, පාන් කෑවෙම නැද්ද?

      Delete
Previous Post Next Post