හිරු TV නාළිකාව විසින් වගකීම් විරහිත ලෙස අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම හේතුවෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට සහ රටේ ආර්ථිකයට සිදුව ඇති අගතිය පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් එම සංස්ථාව විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත නිල ලිපියක් යොමු කර ඇත.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසන පරිදි, 2026 අප්‍රේල් 16 වන දින හෝ ඊට ආසන්න දිනකදී හිරු TV පුවත් විකාශය මගින් "ශ්‍රී ලංකාව බොරතෙල් බැරලයකට ඇමරිකානු ඩොලර් 286 ක අධික මිලක් ගෙවා ඇති" බවට පුවතක් පළ කර ඇත. මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත්, සංස්ථාව කිසිදු අවස්ථාවක එවැනි අධික මිලකට බොරතෙල් මිලදී ගෙන නොමැති බවත් සංස්ථාව අවධාරණය කරයි.
තවද, ජාත්‍යන්තර පුවත් වාර්තා සහ HSBC ප්‍රධානියාගේ ප්‍රකාශ හිතාමතාම විකෘති කරමින් මෙම අසත්‍ය තොරතුරු සමාජගත කර ඇති බවට සංස්ථාව චෝදනා කරයි. සත්‍ය තොරතුරු පිළිබඳව දැනුවත් කර තිබියදීත්, අඛණ්ඩව මෙම පුවත විකාශය කිරීම ද්වේශ සහගත ක්‍රියාවක් බව ලිපියේ සඳහන් වේ.
මෙම සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම හරහා ඉදිරියේදී විශාල මිල වැඩිවීමක් සිදුවන බවට මතයක් ඇතිවීම නිසා මහජන කැළඹීමක් ඇතිවීම, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පිළිබඳ මහජන විශ්වාසය සහ ජාත්‍යන්තර කීර්ති නාමය පළුදු වීම, විදේශීය සැපයුම්කරුවන් සහ ණය දෙන ආයතන සමඟ පවතින සබඳතාවලට අගතියක් වීම, රටේ බලශක්ති ස්වෛරීභාවය සහ ආර්ථික ස්ථායීතාවයට තර්ජනයක් එල්ල වීම ආදී ක්ෂේත්‍ර කිහිපයකට බරපතළ හානි සිදුවිය හැකි බව සංස්ථාව පෙන්වා දෙයි.
මාධ්‍ය නිදහස අවභාවිතා කරමින් සිදුකරන මෙම ක්‍රියාවන් නියාමනය කිරීම සඳහා වහාම මැදිහත් වන ලෙස සංස්ථාව ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටී.
හිරු TV නාළිකාව සිය විකාශන බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කර ඇත්දැයි වහාම විමර්ශනය කිරීම, ජනමාධ්‍ය ප්රමිතීන් සහ ආචාරධර්ම පිළිබඳ විභාග කිරීම, ජාතික ආර්ථිකයට වැදගත් කරුණු වාර්තා කිරීමේදී වගකීම් සහගත මාධ්‍ය භාවිතය තහවුරු කිරීමට මාර්ගෝපදේශ නිකුත් කිරීම ආදී ක්‍රියාමාර්ග ගැනීමට යෝජනා කර ඇත.
මහජනතාව සතු සංඛ්‍යාත ජාතික අභිලාෂයන්ට හානිවන ලෙස අවභාවිතා කිරීම වැළැක්වීම සහ අත්‍යාවශ්‍ය ජාතික සේවා පිළිබඳ විශ්වසනීයත්වය ආරක්ෂා කිරීම මෙම පැමිණිල්ලේ ප්‍රධාන අරමුණ බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.


බොර තෙල් ගත්තට් වඩා අන්තයි ඩීසල් 285 ට ගත්ත එක. වචනෙ වැරැද්ද නෙවෙයි තොපි ඔක්කොම හිරේ යන්න ඕන. පව් කාරයෝ.
ReplyDeleteඒ වගේම මේ ආණ්ඩුවේ බොරු කියපු ජෙප්පො හා මාලිමාවුන්ටත් දැඩි දඬුවම් දිය යුතුයි. ලක්ෂ 12 ට විට්ස්, ටකරන් තහඩුවට ලක්ෂ 10 ක්, ගෙවල් දොරවල් කාර් (හොර මිනිහා නොවේ නම්), ලක්ෂ ගණන් තෑගි (පගා නොවෙයි), කොටහලු මගුලේ සල්ලි, ..........ඉදිමිච්චි තොපේ ගාය බහින දවසට තව සෘතු දෙකයි.
DeleteApita HSBC lokkata nadu danna bayda
Deleteඅපිට උගන්ඩාවේ සල්ලි අරගෙන නය ගෙවන්න පුල්වන්නේ
DeleteMugey reddey gu gihilla inney, Dan raganawa gahala thiyena gahilla waha ganna. Ubala monawa keewath minissu dan hodatama dannawa jeppo gahana gahilla.
ReplyDeleteYako, Borathel kiyana wachanaya paththaka thiyapanko. Uba dollar 286 ta diesl genawaney. Kathawa aththaney. Nikan raganna epa bola.... Dan kiyapiya gahapu komis wala watinakama... Katada mewa dunney??
ReplyDeleteHoru allanna apu kamba horu rala. Ubala next time 2%. Lasthi wela hitu.
ReplyDeleteAne Thathayo.. thopi neda meta 2 week walata kalin wadi karanne naha kiyala March 28 wadi kale.. ethakota thathroyo tho kiuwe wadi wenne naha kiyala.. pahuwadama ude wadi kale.. koheda ban okata janahta viswase... mun bull kelala, kohewath yana Hiru allaganne.. .anika Hiru boru kiuwa kiyapanko, ekata nadu dapan.. mu nikan head ache hadunama oluwa kapana NPP pakayo. Thathaya hari kattaya
ReplyDeleteහිගන්නන්ට උනු බත් දුන්නම ඌ හදිස්සියට පෙරේත කමට කන්න ගිහින් අතයි කටයි පුච්චගෙන ජන්ජාලයක් කරගන්නවනෙ. ඒ වගේ තමයි JVP හිතන්නො ටික. ඔහොම යන් තව අවුරුදු තුන හමාරක් තියනව කන්න. හිමිහිට කාපල්ල.
ReplyDeleteDan poya deka kathawa nadda? Masa 3,6,9 12 okkoma iwari...April wala kiwwa ...Dan kiyanawa 3.5 years kiayala...Ayyo eka wachanayak kiyapanko pako...Thopi hamdama widawa widawa hitapalla....ha..ha
Deletelaga transformar nadda vinodeta pupurawanna
Deleteranilta hiredi arala amaru athine
gon thattaya tho thamayi anith hora. lapayage bola mirikana eka
ReplyDeleteඅපිට උගන්ඩාවේ සල්ලි අරගෙන නය ගෙවන්න පුල්වන්
ReplyDeleteමුන් මේ අල්ලගන්න හදන්නෙ වචනෙක වැරැද්ද.
ReplyDeleteජෙප්පො ඒ කාලේ මිනීමරපුවට, රාජ්‍ය දේපල විනාස කෙරුවට, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කෙරුවට, වැඩ වර්ජන කර කර රටේ ආර්ථික වර්ධනය නැති කලාට දඬුවම් දෙන්න ඕනෙ නැද්ද එතකොට.
හොඳ වැඩේ තොපිට. බලය දුන්න නම් කාපල්ල පරිප්පු.
Delete