කොළඹ ඩොක්යාඩ්හි කොටස් 51%ක් ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ ඇති සමාගමක් යටතට ගත් බව ඉන්දියාව කියයි..


ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනයක් වන කොළඹ ඩොක්යාඩ්
(Colombo Dockyard PLC) සමාගම, ඉන්දීය රජයට අයත් 'Mazagon Dock Shipbuilders' (MDL) සමාගමේ පාලනය යටතේ ක්‍රියාත්මක වන අනුබද්ධිත ආයතනයක් බවට පත්ව තිබේ.

ඇමෙරිකානු ඩොලර් මිලියන 26.8 ක දැවැන්ත ආයෝජනයක් සිදු කරමින් කොළඹ ඩොක්යාඩ්හි 51% ක හිමිකාරීත්වය අත්පත් කරගත් බව MDL සමාගම නිල වශයෙන් තහවුරු කර ඇත.

මෙම ක්‍රියාවලිය පිළිබඳ විශේෂ නිවේදනයක් කරමින් ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිශ්‍රි මහතා පෙන්වා දෙන්නේ, මෙය දෙරට අතර ආරක්ෂක සහ කාර්මික සබඳතා තහවුරු කරන ඉතා වැදගත් උපායමාර්ගික පියවරක් බවයි.

විශේෂයෙන්ම ඉන්දියාවේ 'Maritime Amrit Kaal Vision 2047' වැඩපිළිවෙළ යටතේ සිදු කෙරුණු මෙම අත්පත් කර ගැනීම, එම සමාගම මෙරටින් බැහැරව ජාත්‍යන්තර මට්ටමින් සිදු කළ පළමු ආයෝජනය ලෙස ඉතිහාසයට එක් වේ.

ආයතනික වෙනසත් සමඟ කොළඹ ඩොක්යාඩ්හි අධ්‍යක්ෂ මණ්ඩලය දැනටමත් ඉන්දීය සමාගමේ නායකත්වය යටතේ ප්‍රතිසංවිධානය කර තිබේ.

නව ඇණවුම් ලබා ගැනීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම හරහා වත්මන් මූල්‍ය වර්ෂය තුළ ආදායම සහ ලාභය 20% කින් වර්ධනය කර ගැනීමට අපේක්ෂිතය.

මෙම ආයෝජනය මඟින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සමුද්‍රීය සහයෝගිතාව නව මානයකට ගෙන යන බව විදේශ ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙරට විශාලතම නැව් තටාංගනය වන කොළඹ ඩොක්යාඩ් ආයතනය ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින සමාගමක කොටස්කාරිත්වයක් බවට පත්වීම, කලාපීය නාවික කර්මාන්තයේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

4 Comments

  1. 76 වසරක් පුරා විකුණන් නොකාපු ජාතික සම්පත් පවා මුං විකුණං කනවා. කොමිස් ගහනවා. තෑගි දුන්නා කියා පගාව ගහනවා. නීතියෙන් ගැලවෙන්න පාක්ෂිකයෝ පත්කර ගන්නවා.

    ReplyDelete
    Replies
    1. එක එකා එක එක වේශයෙන්,මේ පාර උපඡනාධිපති විලසින් ඇවිත් මේ ගොන් හැතිකරය බය කරගෙන තව තව ගිවිසුම් ගහනවා.මුං හිරවෙලා දෙකට තුනට නැවිලා එහෙමයි සර් කියාගෙන කට පලල් කරගෙන වහල් හිනාව බලපන්කෝ ඩීල් අත්සන් කරලා හිනාව ෆොටෝවල .අයියෝ මේ රට.

      Delete
  2. රටක වරායක් හා සමාන නැව් ගමන් කල හැකි ස්ථානයක් වෙනත් රටක ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයකට මොනයම් පදනමක් යටතේ හෝ පැවරීම කිසිම ආකාරයකින් සිදු නොවිය යුත්තක් නොවන්නේද?

    ReplyDelete
  3. පො_ _ යෝ රජ උනා රට බලු උනා

    ReplyDelete
Previous Post Next Post