නාය යාම් අනතුරු අගවයි..


දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන ඇත
. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව, මෙම නිවේදනය අප්‍රේල් 13 පස්වරු 4.00 සිට ඉදිරි පැය 24 ක කාලයක් සඳහා වලංගු වේ.

අදාළ නිවේදනයට අනුව නම් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පිහිටි කඳු බෑවුම් සහ මිටියාවත් ආශ්‍රිත ප්‍රදේශ, නිම්න සහ නිර්මිත කණ්ඩි ආශ්‍රිත ප්‍රදේශ, නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ග ස්ථානවල වෙසෙන ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කරයි.

ආපදා තත්ත්වයකදී මහජනතාවට සහාය වීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරිය සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ ඒකක පැය 24 පුරා ක්‍රියාත්මක වේ.

ඕනෑම හදිසි අවශ්‍යතාවයකදී 117 යන ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ තොරතුරු ලබා ගැනීමට හෝ සහාය ඉල්ලා සිටීමට මහජනතාවට අවස්ථාව සලසා ඇත.

පවතින අවදානම් තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන් මාධ්‍ය මගින් නිකුත් කරන නිල නිවේදන කෙරෙහි අවධානය යොමු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් ඉල්ලා සිටියි.



Previous Post Next Post