මාලිමා මන්ත‍්‍රීට හූ කියා එලවයි..

 


දියසෙන්පුර, කාලිංග ඇළ ගොවි සංවිධානයේ නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම සඳහා පැවැත්වූ මහා සභා රැස්වීමේදී ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට සහ නියෝජිතයින්ට ගොවීන්ගෙන් දැඩි විරෝධයක් සහ හූ හඬක් එල්ල වී තිබේ. 

මෙම උණුසුම් තත්ත්වය හමුවේ මාලිමා නියෝජිතයින්ට රැස්වීම් ශාලාවෙන් පිටව යාමට සිදු වූ බව වාර්තා වේ.

දේශපාලන අතපෙවීම්වලට විරෝධය ගොවි සංවිධානයේ නව නිලධාරීන් පත් කිරීමේ කටයුත්ත සිදුවෙමින් පවතින අතරතුර, මාලිමාවේ නියෝජිත පිරිසක් නිවාසික ව්‍යාපාර ව්‍යාපෘති කළමනාකරු ද සමඟ පැමිණ තිබේ. 

එහිදී ඔවුන් ගොවි සංවිධානයේ බලය අල්ලා ගැනීමට සහ තමන්ට අවශ්‍ය පිරිසක් නිලතලවලට පත් කිරීමට උත්සාහ කළ බවට ගොවීහු චෝදනා කළහ.

එහිදී අදහස් දැක්වූ ගොවි නියෝජිතයෙකු අවධාරණය කළේ, "ගොවි සංවිධානවලට දේශපාලනය ගේන්න හදන්න එපා" යනුවෙනි. තමන්ට අවශ්‍ය නිලධාරීන් පත් කර ගැනීමට ගොවීන්ට ඇති අයිතියට බාධා නොකරන ලෙස ඔවුන් එහිදී ඉල්ලා සිටියහ.

ගොවීන්ගේ දැඩි විරෝධය සහ  නැඟුණු හූ හඬ මධ්‍යයේ, පැමිණ සිටි මාලිමා මන්ත්‍රීවරුන්ට සහ අනෙකුත් නිලධාරීන්ට සභාවෙන් ඉවතට යාමට සිදු විය. ගොවි නියෝජිතයෙකු ප්‍රකාශ කළේ, මාලිමා නියෝජිතයින් අනවශ්‍ය ලෙස බලය අල්ලන්නට දැරූ උත්සාහය සියලු සාමාජිකයින්ගේ ඒකමතික විරෝධය හමුවේ අසාර්ථක වූ බවයි.

දේශපාලන නියෝජිතයින් පිටව යාමෙන් අනතුරුව, ගොවීන් විසින් හිටපු සභාපතිවරයා ඇතුළු නිලධාරී මණ්ඩලය නැවතත් සිය සංවිධානයේ නිලතල සඳහා පත් කර ගනු ලැබීය. 

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගොවි නියෝජිතයෙකු පැවසුවේ, මෙවැනි දේශපාලඥයින් නැවත ගොවි සංවිධාන තුළට නොපැමිණෙනු ඇතැයි තමන් ප්‍රාර්ථනා කරන බවයි.

මෙම රැස්වීමේදී ගොවීන් වැඩිදුරටත් කියා සිටියේ, තමන්ට අවශ්‍ය පොහොර සහ ජල කළමනාකරණය වැනි දෑ නිසි පරිදි ඉටු කර දීමට බලධාරීන් කටයුතු කළ යුතු මිස, ගොවි සංවිධාන තුළ අනීතික ලෙස දේශපාලනය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බවයි

3 Comments

  1. ඇති යාන්තම්. දැන්වත් හූ කියල පන්නමු එක මිටට හැම තැනින්ම.

    ReplyDelete
  2. එක මිටට , හූ කියමු. ගූ ගසා ජෙප්පො එලවමු. රජරටින් පටන්ගත් මේ වැඩේ රටපුරා පතුරවමු.

    ReplyDelete
  3. විලිලැජ්ජ නැති නායකයන්ගේ වහල් ගෝලබාලයෝ.

    ReplyDelete
Previous Post Next Post