රාජ්‍ය ආදායම උපයන ආයතන අතරින් තෙවන ස්ථානය හිමි ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සිය දැක්ම හා මෙහෙවර පරිදි සුරා බදු ආදායම සුරක්ෂිත කර රජයට ඉලක්ක ගත ආදායමක් අයකර දීමෙහිලා සුවිශේෂී වූ කාර්යභාරයක් ඉටුකරනු ලබයි.
ඒ අනුව 2026 වර්ෂයේ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 245 ක ආදායම් ඉලක්කයක් රජය විසින් ලබා දී ඇත.
2026 වර්ෂයේ මාර්තු 31 වැනි දින වන විට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් උපයා ගෙන ඇති සුරා බදු ආදායම රුපියල් බිලියන 70.4ක් වූ අතර 2026 පළමු කාර්තුව සඳහා ලබා දී තිබූ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 61.95කි.
එය ඉලක්කගත ආදායමට සාපේක්ෂව 113.6% කින් ඉහළ අගයකි. එම ආදායම 2025 වර්ෂයේ පළමු කාර්තුවට සාපේක්ෂව 114.8% ක ප්‍රගතියක් වන අතර සුරාබදු ආදායම වැඩිවීමට නව රජයේ නිසි මගපෙන්වීම හා සියලු ශ්‍රේණි වල සුරා බදු නිලධාරීන්ගේ පූර්ණ කැපවීම හේතු වී ඇති බව සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. පේමරත්න මහතා ප්‍රකාශ කර සිටියි.
තව ද මත්පැන් නිෂ්පාදනාගාර සහ ස්කාගාර නිරන්තරයෙන් දැඩිව අධීක්ෂණය කිරීම, මත්පැන් බෝතල් මත ආරක්ෂිත මුද්‍රා සලකුණු (ස්ටිකරය) යෙදීම, නීති විරෝධී ලෙස නිපදවන මත්පැන් සම්බන්ධ විමර්ශන තීව්ර කර වැටලීම් පුළුල් කිරීම, මත්පැන් නිෂ්පාදනාගාර සහ බලපත්‍ර ස්ථාන නිරන්තර පරීක්ෂාවන්ට ලක් කිරීම හා නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම වැනි උපායමාර්ග සුරා බදු ආදායම සුරක්ෂිත කිරීමට බෙහෙවින් ඉවහල් වී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

ආරියතිලක
ReplyDelete"බොන විරුවන්"
මේ රටේ විරුවන් කොටස් දෙකක් නම් කර ඇත. සැබෑවට ම විරෝදාර ක්‍රියාවන්හි නියැලී තම රටට සේවය සැලසූ, හා දැනට ද සේවය සලසන විරුවන් ය. තවත් විරුවන් පිරිසත් ඇත. ඒ සැබෑවට ම රටට දේශද්‍රෝහී, ජාතිද්‍රෝහී, රාජද්‍රෝහී, ක්‍රියා කොට මිය ගිය පිරිසට, එනම් 1971 රාජද්‍රෝහී ජවිපෙ කැරැල්ලට සම්බන්ධව මිය ගිය පිරිසට "බක් මහ විරුවන්" ලෙසත්, 1987/88/98 රාජද්‍රෝහී ජවිපෙ කැරැල්ලට සම්බන්ධව මිය ගිය පිරිසට "ඉල් මහ විරුවන්" නම් කර, සැමරුම් කිරීමෙනි.
සැබෑ ම විරුවන් ලෙස, රටට සෑම අවස්ථාවක ජීවිත පරිත්‍යාගයයෙන් රට ආරක්ෂා කළ ත්‍රිවිධ හමුදා සහ පොලිස් හමුදා නිලධාරීන් (1971 හා 1987/88/89 ජවිපෙ රාජද්‍රෝහී කැරළි දෙකෙන් හා එල්ටීටීඊ කොටි ත්රස්තවාදීන් ඇතුලු බෙදුවාදී ත්‍රස්ත
සංවිධානවල ක්‍රියාකාර කම් වලින් රට ආරක්ෂා කළ ත්‍රිවිධ හමුදා හා පොලිස් හමුදා සාමාජිකයින්) ද, විදේශ ගත වී, රටට විදේශ් විනිමය උපයා දෙන " රට විරුවන්" තම ජීවිතය කැප කළ හා දැනට සේවයේ නියුතු පුරවැසියන් ද විරුවන් ලෙස සම්මානනයට භාජනය වේ.
රජයට ආදායම් සොයා දෙන තෙවන පාර්ශවය බේබද්දන් නම් ඔවුන් ද රටේ සුවිශේෂ පිරිසක් වී ඇත. ඕනෑ ම අවස්ථාවක රටේ සංවර්ධනයට, තථාගත දේශනාව අනුව සුරා ධූර්ත වී දායක වී තිබීම පුදුමකි. ඒ පිරිස ද "බොන විරුවන්" ලෙස ද නම් කොට රටේ බේබද්දන් වැඩි කොට පවුල නැමැති ඒකකය සූරා කෑමට ලක් කිරීම පිළිබඳව, එයට දායක වූ අයට සම්මාන පිට සම්මාන පිරිනමා ජාතියට බේබද්දන් බෝ කිරීම පිළිබඳව ඇගයීමකට ලක් කරන්නේ නැද්ද?
කම්මැලි අස්වැසුම හිඟන්නෝ කොච්චර දායකත්වයක් දීලද දන්නෙ නෑ.
ReplyDelete