ජේ.ආර්.ගේ සැබෑ බෑණා රනිල් නොව අනුර කුමාරයි" - විමල්

 


මෙතෙක් කල් හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ දේශපාලන උරුමක්කාරයා හෝ "බෑණා" ලෙස සැලකුණේ රනිල් වික්‍රමසිංහ මහතා වුවද, දැන් තමන් සිතන්නේ එම ස්ථානයට වඩාත් ගැලපෙන්නේ අනුර කුමාර දිසානායක මහතා බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ජන හමුවක් අමතමින් ඒ මහතා අවධාරණය කළේ රට තුළ ඉදිරියේදී නිර්මාණය වීමට නියමිත බරපතළ තත්ත්වය පිළිබඳව ආණ්ඩුවට හෝ සම්ප්‍රදායික විපක්ෂයට නිසි අවබෝධයක් නොමැති බවයි.

ගල් අඟුරු හිඟය සහ විදුලිය උත්පාදනයට අවශ්‍ය ජලය නොමැති වීම හේතුවෙන් ඉදිරියේදී දැවැන්ත බලශක්ති අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව වීරවංශ මහතා මෙහිදී අනතුරු ඇඟවීය.

මෙයට අමතරව රටේ ආහාර නිෂ්පාදනය බිඳ වැටීම සහ විදේශ විනිමය හිඟය හේතුවෙන් එල්ල වන පීඩනය හමුවේ ජන ජීවිතය තවදුරටත් අසීරු වනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

රට මෙවැනි අර්බුදයකට ලක්ව ඇති මොහොතක, බාහිර බලවේග මැදිහත් වී තමන්ට අවශ්‍ය දේශපාලන වෙනස්කම් සිදු කිරීමට උත්සාහ කරනු ඇති බව වීරවංශ මහතා සඳහන් කළේය.

වත්මන් පාලකයන් තවදුරටත් ආරක්ෂා කළ නොහැකි බව වැටහුණහොත්, එම බලවේග වෙනත් විකල්ප කරා යොමු වනු ඇති බව ඔහුගේ අදහසයි.

නේපාලයේ පැවති සම්ප්‍රදායික පක්ෂ පසෙකට තල්ලු කරමින් රැප් ගායකයෙකු බලයට පැමිණීමේ සිද්ධිය උදාහරණයට ගනිමින් ඔහු කියා සිටියේ, ලෝකයේ සිදුවන මෙවැනි දේශපාලන පෙරළි පිළිබඳව මෙරට සම්ප්‍රදායික දේශපාලන කතිකාව තුළ කිසිදු සාකච්ඡාවක් නොමැති වීම කණගාටුදායක බවයි.

12 Comments

  1. බෑනා නෙමේ පුතාටත් වඩා හොඳටම කරනවා හැබැයි. අපරාදේ ජවිපේ වෙනුවට එජාපේ කියලා නම දාගෙනම කරන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. yes sir yes sir 3 bags full, what want you sirrrrrr MODII

      Delete
  2. ජවිපේ මේ තරම් පහත් තත්තවයකට වැටිල නැහැ මීට කලින් කවම දාකවත්.
    මට තාම තේරෙන්නෙ නැත්තෙ, මෙච්චර සිංහලයත් එක්ක, බෞද්ධකමත් එක්ක තියෙන වෛරය මොකද්ද කියලා.
    මෙයාලා ක‍තෝලික බව දන්නවා. ඒත් බෞද්ධයන්ගෙන් ක‍තෝලික මිනිස්සුන්ට වරදක් උනේ නැහැනේ. උන්නේ ඇවිත් බෞද්ධයො මරලා, ගම් පිටින් ගිනි තියලා, ළමයි උඩදාලා බයිනෙත්තුව අල්ලලා මැරුවේ. ඒත් බෞද්ධයො උන්ට විරුද්ධව මුකුත්ම කරේ නැහැනේ. ඉතින් ඇයි ක‍තෝලික උන්ට මෙච්චර වෛරයක්??

    ReplyDelete
    Replies
    1. මතකද එක පූජකයෙක් කිව්වා බුද්ධි අංශයේ නිලන්තව මරන්න ඕන කියලා.
      ඔය ආගම් වල උන්ට වෛරයයි, ආසවයි ඇරෙන්න වෙන දෙයක් නැහැ. ප්‍රාථමික ආගම් නේ. දෙයියෙක් අදහගෙන ඕන බලු වැඩක් කරන්න පුලුවන් කියලනෙ හිතන් ඉන්නෙ. ඒකයි ප්‍රශ්නේ.
      හෙන තැන්පත් විදියට කතා කරාට හිතේ තියෙන්නෙම පාහර අදහස්. අමන සිතුවිලි.

      Delete
    2. DOBI, All religeons in concept says what is good and bad

      Else rules need to govern as in CHINA

      Delete

    3. @Anonymous,All religions are not same in concept ,dude. What is your damned education ? Of course all fairy tale Abrahamic religions with a super god concept are same.Buddhism is not such an idiotic & absurd religion.Get over your silliness & turn to Buddhism if you have an iota of brain,man.

      Delete
  3. ලෑජ්ජාව කියලා දෙයක් දන්නේ නෑති තිරිසන්නු ජාතියක් ජෙප්පෝ කියන්නේ.....ඔවු එදා මව්බිම නෑතිනම් මරනය අද අධිරාජ්ජ්යවාදීන් එක්ක ජනතාවටත් නොකියා ගිවිසුම්.....ජෙප්පෝ කියන්නේ බල්ලෝ ජාතියක්.....

    ReplyDelete
  4. ඡාතියේ නායක ඡනාධිපති තුමාත් ගරු අගමැතිනියත් හරි වෙලාවට කිරි උතුරවනවා දකින්න රටට ආශිර්වාද කරන්න.ගිය වසරේ එහෙම කළේ නැහැ රටම මුසළ වුනා.මේ පාර අපි බලා ඉන්නවා.

    ReplyDelete
  5. ethakota a kale hena gajaya ne....okkoma ekata ne e kale andu ekka yudda kale.mathaka nadda...thamanta wasiyak nathi unama anik paththata panala dan eka ekaage putha lu.thamuse premadasage putha wennath puluwan me katha aheddi.

    ReplyDelete
    Replies
    1. මොළයෙන් කියවන්න ගෑණියෙක් පවුලක් නැති අම්බලුවෝ දෙන්නෙකුට කිරි උතුරුවන්න පුලුවන්ද?සර්වඡන බලය ට ඡය පතමු.

      Delete
  6. මූසලයෝ පාලනය කරන රට කොහොමත් මූසලයි.

    ReplyDelete
Previous Post Next Post